Author: Stanly Kularathna

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ මද්‍යම රාත්‍රියේ උදාවුනා. සමස්ත ලෝකවාසීන්ට ගැලවීම ලබාදීම සඳහා දෙව්පුත් ජේසු බිලිදානන් මනුෂ්‍යත්වය ගැනීම සිදුවූයේ මීට වසර 2022 කට පෙර දිනකයි. බෙත්ලෙහෙම් පුරවරයේ දිළිඳු ගවලෙනක් තුල සාමයේ පණිවුඩයත් රැගෙන් සිදුවූ කිතුනු උපත නත්තල ලෙස අර්ථ ගැන්වෙනවා. ඒ අනුව ලොවට ආලෝකය රැගෙන තවත් අසිරිමත් නත්තලක් මීට පැය කීපයකට උඩදී උදාවුනා. ඩුබායි රාජ්‍ය තුලද එහි වෙසෙන කිතුනු බැතිමතුන් වෙනදා මෙන්ම මේ වසරේදීත් උදාවෙන නත්තල උත්කර්ෂවත්ව සමරනු ලබනවා. ශ්‍රි ලාංකික කිතුනු බැතිමතුන්ද මෙම නත්තල උදාවන අවස්තාවේදී විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීමට තම දේවස්ථාන ගොස් සිටියා. නත්තල් අසිරිය ඔප්නන්වන්නට ශ්‍රි ලංකාවාසීන් විසින් සංවිධානය කරන ලද කැරොල්…

Read More

විදෙස්ගත ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වෘත්තීය පුහුණු සහතිකය අනිවාර් ය කිරීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා සඳහන් කළේ, ඒ සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමේ අවසරය රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබා දෙන බවයි.

Read More

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය හා අනුබද්ධ ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් එහි දහම් පාසල් සිසුන් සඳහා සංවිධානය කරනු ලබන සීල සමාදාන පිංකම දෙසැම්බර් 25 වෙනි ඉරිදා අ​ද සිදුකරනු ලබනවා. පින්බර වස්සාන කාලය අවසානයේ  දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම ශීල ව්‍යාපාරය පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙනවා. මෙහිදී ධර්ම අනුශාසනාව සහ ධර්ම සාකච්ඡාව සිදුකරනු ලබන්නේ – තලවතුගොඩ ‍‍ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සහ ඩුබායිහි ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කථිකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසිනි. ධම්ම දේශනය සහ සාකච්ඡාව පවත්වනු ලබන්නේ – ඩුබායිහි ලංකාරාමවාසී, ත්‍රිපිටකාචාර්ය, විනය විශාරද කථිකාචාර්ය පූජ්‍යපාද නාමල්ගමුවේ විජයසීල ස්වාමීන්වහන්සේ…

Read More

එක් නේවාසික ඒකකයකට පුද්ගලයින් සංඛ්‍යාව සීමා කිරී​මේ නීතිය අනුගමනය කරන ලෙස අධිකාරිය පුරවැසියන්ගෙන්, දේපළ වෙළඳාම් හිමියන්ගෙන් සහ ව්‍යාපාරවලින් ඉල්ලා සිටිනවා. අබුඩාබියේ මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) බ්‍රහස්පතින්දා ‘ඔබේ නිවස, ඔබේ වගකීම’ නමින් ව්‍යාපාරය ආරම්භ කළේ නේවාසික ප්‍රදේශවල තදබදයට එරෙහිව සටන් කිරීම සඳහා යි. 2023 පළමු කාර්තුවේදී ආරම්භ වන පරීක්ෂණ ව්‍යාපාරවල කොටසක් ලෙස සලකනු ලැබෙනවා. මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට ඩිරාම් මිලියනයක් දක්වා දඩ නියම කිරීමට නියමිතයි. 2019 අංක 8 දරන නීතියට අනුව, නේවාසික ඒකකයක් එහි ප්‍රදේශයට හා සපයා ඇති පහසුකම්වලට සමානුපාතික නොවන ආකාරයෙන් පදිංචි​ව සිටින විට ජනාකීර්ණ ලෙස සලකනු ලැබේ. අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය සමඟ සහයෝගයෙන් දියත් කරන ලද මෙම…

Read More

රියදුරන් රහිත කුලී රථ 2023 වසර අවසන් වන විට ඩුබායි මාර්ගවල ධාවනයට යෙදීමට ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය බලාපොරොත්තු වෙනවා. මෙම රියදුරන් රහිත මෝටර් රථ ගැන මුලින්ම වාර්තා වුනේ මෙම වසරේ මාර්තු මාසයේදීය. මෙම උපාය මාර්ගය 2030 වසර වන විට ඩුබායිහි ප්‍රවාහන සංචාරවලින් සියයට 25ක් රියදුරන් රහිත සංචාර බවට පත් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති සහ ඩුබායි පාලක අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ අදහසයි. අවම වශයෙන් මෙම අනාගත ස්වයංක්‍රීය කුලී රථ 10ක් පමණ 2023 අග භාගයේදී මගීන් රැගෙන යාම සදහා ධාවනයට යෙදීමට බලාපොරොත්තු වෙනවා. මෙම රියදුරන් රහිත මෝටර් රථ සංවේදක, කැමරා සහ පරාස නිර්න…

Read More

ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර ගණිත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දීමට එම තරගාවලියට සහභාගී වූ ශිෂ්‍යයන් 18 දෙනාම සමත් වී සිටි අතර ඔවුහු එම පදක්කම් රැගෙන අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය තායිවානයේ තායිපේ නුවර ඉකුත් දෙසැම්බර් 8 සිට 20 වෙනිදා දක්වා පවත්වා තිබුණි. ඇබකස් ඔලිම්පියාඩ් තරගාවලිය වයස් කාණ්ඩ අනුව පැවැත්වෙන ලෝකයේ වේගවත්ම ගණිත තරගාවලිය ලෙස හැදින්වේ. ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

Read More

පවතින ආර්ථික ව්‍යසනය හමුවේ මේ වසරේ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනා සීමා කරන ලෙස මහා භාණ්ඩාගාරය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. භාණ්ඩාගාරයට අනුව රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින්ට බෝනස් ගෙවීම සීමා කර තිබෙනවා. රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා රුපියල් 25,000 ක උපරිම සීමාවකට යටත්ව ප්‍රසාද දීමනාව ගෙවිය හැකි බව ද මහා භාණ්ඩාගාරය දන්වා සිටී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මිලියන 1.5 කට අධික සේවක පිරිසක් සිටී. නිදහසින් පසු වසර 74ක ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදය මධ්‍යයේ ඔවුන් මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය බහුතර ජනගහනයට අසාධාරණයක් බව බොහෝ…

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් හැසිරෙන්නේ රජවරුන් ලෙස බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙන්ම අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් දකුණු කොරියාවේ ආපදා සහන පදනමේ සභාපති චෝ සුංග් ලී පැවැසීය. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ පැවැති හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.මෙහිදී දකුණු කොරියාව වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ බලවත් රටක් බවට පත්වූ අකාරය සාකච්ඡාවට ලක්විය. “නව ගම්මාන ව්‍යාපෘති යනු සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා රටක භූමියේ සිට ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක්. දකුණු කොරියාවේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ ගම්වලින්. මිනිසුන්ට කාර්යක්ෂමව හා ඉක්මනින් භාවිත කළ හැකි වන පරිදි අපි සියලු මාර්ග ඉදි කළා. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක…

Read More

මත්ද්‍රව්‍ය සහ මනෝවිද්‍යාත්මක උත්ප්‍රේරක ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් 2021 අංක 30 දරන ෆෙඩරල් ආඥා පනතේ 64/1 වගන්තියට අනුව, යම් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම හෝ භාවිතා කිරීම සඳහා (තමන් විසින්ම හෝ තෙවන පාර්ශවයක් හරහා) මුදල් තැන්පත් කරන්නේ නම් හෝ මාරු කරන්නේ නම්, ලබා දෙන දඬුවම සිරගත කිරීමක් හෝ ඩිරාම් 50,000 ට නොඅඩු දඩයක් වනු ඇත.

Read More

2023 ව​සරේ මුල සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම ජාතීන්ට අයත් සේවකයින්ට අදාළ වේ. රැකියා අහිමිවීම ඕනෑම පුද්ගලයෙකුට පීඩාකාරී කාලයක් විය හැකි අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද දැන් විරැකියා රක්ෂණය ලබා ගැනීමට අවස්තාව තිබෙනවා. කෙසේ වෙතත්, වන්දි සඳහා සුදුසුකම් ලැබීමට නම්, රක්‍ෂිතයා පහත සඳහන් නිර්ණායක සපුරාලීම අනිවාර්ය වෙනවා. • රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රක්ෂිතයා අඛණ්ඩව මාස 12ක අවම දායක කාල සීමාවක් සම්පූර්ණ කොට තිබිය යුතුයි. • අඛණ්ඩව මාස 3ක් සඳහා දායකත්වයට බාධාවකින් තොර​ව නියමිත වේලාවට ගෙවා තිබිය යුතුයි. • සියලුම රක්ෂණ වාරික ගෙවීමට රක්ෂිතයා කැපවිය යුතුයි. • විරැකියාවට හේතුව ඉල්ලා අස්වීමක් නිසා නොවන බව රක්ෂිතයා ඔප්පු කළ…

Read More