Author: Stanly Kularathna

මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලා. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් ඊයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි. තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300- 400 අතර ප්‍රමාණයක් වුවත්, තමන් මෙම අමාත්‍යාංශය භාරගත් පසුව එක්…

Read More

අමෙරිකාවේ සිට ඉහළ පෙළේ මගීන් 108 දෙනෙකු රැගත් ‘Ocean Odyssey’ සුඛෝපභෝගී නෞකාව ඊයේ කොළඹ වරායට ළඟා වුනා. කෲස් නෞකාව අද ත්‍රිකුණාමලය බලා පිටත් වීමට නියමිතයි. Ocean Odyssey නෞකාවේ මගීන් දෙසැම්බර් 21 වැනිදා ත්‍රිකුණාමල වරායේදී නෞකාවට ගොඩවීමට පෙර රට ශ්‍රී ලංකාව තුල සංචාරය කොට පිටත්ව යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. නෞකාවේ මගීන් පිළිගැනීම සඳහා වරායේ සංවිධානය කර තිබූ උත්සවයට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගී විය.

Read More

නව ආහාර සුරක්ෂිතතා නීති ගෙන ඒමට රජය දරන උත්සාහය සමගම ශ්‍රී ලංකාවේ සිරකරුවන්ට ජාත්‍යන්තර සහයෝගය ඇතිව නවීන කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පුහුණු කිරීමට සැරසෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) සහාය ඇතිව නවීන වගා පිළිවෙත් පිළිබඳ රැඳවියන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඉදිරියේදී නව නීති හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ ප්‍රකාශ කිරීමත් සමඟ මෙම පියවර ගෙන තිබෙනවා. “2023 දී යුක්රේනය සහ රුසියාව අතර දිගටම යුද්ධය පැවතුනහොත් ආහාර හිඟයක් ඇති විය හැකිය. ලංකාවට එය ප්‍රධාන වශයෙන් දේශීය නියඟය මත…

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙනවා. වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදෙන හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බව දැනගන්නට තිබෙනවා. මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව තිබෙන බවත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මෙය අද රටේ සෑම ක්ෂේත්‍රයකටම පොදු වූ ප්‍රශ්නයක් බවයි. ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද ඔහු සඳහන් කළේය. මේ අතර ගුවන් නියමුවන්…

Read More

Western Union මගින් කරන ලද නව අධ්‍යයනයකට අනුව, ඉදිරි මාස 12 තුළ රටේ වැඩි පදිංචිකරුවන් පිරිසක් තම මුදල් විදේශය​නට හුවමාරු කිරීමට අපේක්ෂා කරන බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීම් ලබන වසරේ වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ජීවන වියදම ඉහළ යෑම නිසා ​යවනු ලබ​න ප්‍රේෂණ වැඩි කිරීමට පොළඹවන බව හෙලිවී ඇති බවත් පාරිභෝගිකයින්ගෙන් 76% ක් තවත් අමත​ර අරමුදල් යැවීමට අපේක්ෂා කරන බවත් මෙම අධ්‍යයනයෙන් හෙලිව තිබෙනවා. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75%ක් එම කාලසීමාව තුළ ඊටත් වඩා අරමුදල් රැස් කිරීමට අපේක්ෂා කරන බව හෙලිවී ඇති අතර, එමගින් ද ලැබෙන මුදල් හුවමාරු කිරීම් වැඩි වීමට ඉඩ ඇත. ප්‍රේෂණ යනු එක්සත් අරාබි එමීර්…

Read More

2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මාස 10 තුළ ශ්‍රී ලංකාවේ ජනතාව 2021 වසරට වඩා රුපියල් කෝටි 19,400ක රන්භාණ්ඩ උගස් තබා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 2021 මුළු වසර තුළ උගස් තබා ඇති රන් භාණ්ඩ හා කනකර ආභරණවල වටිනාකම රුපියල් කෝටි 49,300ක් විය 2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මාස 10 තුළ ශ්‍රී ලංකාවේ ජනතාව රුපියල් බිලියන 687ක් හෙවත් කෝටි 68,700ක් වටිනා රන් භාණ්ඩ හා කනකර ආභරණ රාජ්‍ය හා වාණිජ බැංකු 13ක සහ කුඩා මූල්‍ය ආයතන 10ක උගස් තබා මුදල් ලබාගෙන ඇති බව මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. මෙලෙස භාණ්ඩ උගස්කර ඇති වැඩිදෙනා මධ්‍යම…

Read More

සමාගම්වලින් සියයට 57 ක් වැටුප් වැඩි කිරීමට අපේක්ෂා කරන බව ‘වැටුප් මාර්ගෝපදේශය UAE 2023’ අනාවරණය කරනවා. දශකයක් තුළ රටේ රැකියා වෙළඳපොළෙහි මේ වසර එහි ශක්තිමත්ම වසර ලෙස සැලකෙනවා. මේ නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර සමාගම් ලබන වසරේ 10% කට වඩා වැටුප් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ගෝලීය බඳවා ගැනීම් සහ මානව සම්පත් උපදේශන ආයතනයක් වන Cooper Fitch විසින් නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව පවසනවා. ‘Salary Guide UAE 2023’ හෙළිදරව් කළේ සමාගම්වලින් 57 % ක් වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි. එයින් සමාගම් 45% ක් සියයට පහක් දක්වාත්, සමාගම් 7% සියයට හතක් 10 ක​ට වඩා වැඩි කිරීමටත්, සමාගම්වලින් 5%…

Read More

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ පළමු රැස්වීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවතුනා. මෙම රැස්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් කොමිසමේ සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අනුව ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක් පත්කළ බවත්, ඒ යටතේ අනු කමිටු 2ක් ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී සඳහන් කලා. එහි එක් කමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. ඒ යටතේ මධ්‍ය…

Read More

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) එක්සත් රාජධානියේ Global Brands Magazine Awards 2022 විසින් හොඳම නිර්මාණශීලී විදුලිය සහ ජල විසඳුම් සන්නාමය දිනා ගනිමින් නව ජයග්‍රහණයක් ලබා ඇත. මෙය සෑම අංශයකම DEWA හි ගෝලීය නායකත්වය තහවුරු කරයි. ප්‍රභූ කාණ්ඩයේ Sheikh Khalifa Excellence Award (SKEA) දිනා ගැනීම ඇතුළුව, 2021 දී DEWA විශිෂ්ටත්වයේ බොහෝ ඇගයීම් ලබා ගත්තේය. DEWA 1999 දී දියත් කිරීමෙන් පසු සම්මාන ඉතිහාසයේ ඉහළම ලකුණු ලබා ගත් අතර එය දේශීය හා ප්‍රාදේශීය සංවිධාන 200 කට අධික සංඛ්‍යාවක් අභිබවා ගියේය. 2021 ඩුබායි රජයේ විශිෂ්ටතා සම්මාන උළෙලේදී DEWA සම්මාන පහක් දිනාගත් අතර, ප්‍රමුඛතම සම්මානය වන්නේ එලයිට් සම්මානයයි. එය දෙවන වරටත් EFQM ගෝලීය සම්මානය…

Read More

එළඹෙන 75 වැනි නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අවධාරණය කලා. අඟහරුවාදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව යළි අවධාරණය කලා. ජාතික සංහිඳියාව තුළින් ජනවාර් ගික ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම සමුළුව කැඳවා තිබුණා. සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් ද දැක්වූ අදහස් පහතින්. සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ “මේ රටේ ප්‍රශ්නය විසඳීමට අපි සියලු දෙනාම එකතු විය යුතුයි. එය ජනවාර්ගික ගැටලුවක් ලෙස හැඳින්වීම හෝ වෙනත් දෙයක් ලෙස…

Read More