Author: Stanly Kularathna

අනන්‍යතාවය, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) ආදර්ශ ව්‍යාපෘතියක් සඳහා ක්‍රියා කරමින් සිටින අතර කියෝස්ක් මඟින් UAE ජාතිකයින්ට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ විදේශිකයන්ට එමිරේට්ස් හැඳුනුම්පත් ක්ෂණිකව අලුත් කිරීමට ඉඩ සලසයි. ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත, ගුවන් තොටුපළ සහ වෙළඳ සංකීර්ණ වැනි රට පුරා ප්‍රධාන ස්ථානවල මෙම කියෝස්ක් ස්ථාපිත කෙරේ. ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ Gitex Global ප්‍රදර්ශණයෙහි මෙම නව අත්දැකීම් ලබා ගැනීම සඳහා ෆෙඩරල් ආයතනය විසින් කි​යොස්ක් ප්‍රදර්ශනයට තබා ඇත. Gitex යනු ලොව විශාලතම තාක්ෂණික සමාගම් එකතුවක ප්‍රදර්ශනයක් වන අත​ර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමාගම් 6,000කට අධික සංඛ්‍යාවක් සහ ආරම්භකයින් එහිදී ඔවුන්ගේ නවතම නවෝත්පාදන ප්‍රදර්ශනය කරයි. පළමු අදියරේදී…

Read More

අබුඩාබිය  විවිධ වර්ගවල සහ විවිධ ප්‍රමාණවලට අයත් අපද්‍රව්‍ය, ප්‍රතිකර් ම හා ප්‍රතිචක්‍රීකරණය තුළින් අවම කිරීමට සහ විවිධ ක්ෂේත්‍රවල සහ ව්‍යාපෘතිවල භාවිතා කළ හැකි වටිනා ආර්ථික සම්පත් සහ පරිසර හිතකාමී නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි. අබුඩාබි සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, 2022 වර්ෂයේදී අබුඩාබි​යෙහි විවිධ ප්‍රදේශවලින් අපද්‍රව්‍ය ටොන් මිලියන 3.455කට වඩා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සමත් වූ අතර, එය තිරසාරභාවය සහ පාරිසරික ආරක්ෂාව සඳහා එමිරේට්ස්හි කැපවීම පිළිබිඹු කරන විශිෂ්ට ජයග්‍රහණයකි. ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය අනුව, කඩා දැමීම් සහ ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රථම ස්ථානයට පැමිණ ඇති අතර එය ඇස්තමේන්තුගත ටොන් මිලියන 2.195 ක් වන අතර එය පසුගිය වසරේ නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ කඩා…

Read More

2022 ආරම්භයේ සිට අමාත්‍යාංශයෙන් අවශ්‍ය බලපත්‍ර ලබා නොගෙන සේවකයන් බඳවා ගැනීමේ සහ බඳවා ගැනීමේ කටයුතුවල නියැලීම සඳහා ආයතන 45 ක් නීතිපති දෙපාර්තමේන්තුව​ට යොමු කර ඇති බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) නිවේදනය කර ඇත. MOHRE අනාවරණය කළේ මෙම කාල සීමාව තුළ අල් අයින් හිදී ක​ළ වැටලීමකදී වැරදි කරන ලද ආයතන හතරකට නීතිපති දෙපාර්තමේන්තුව​ විසින් නඩු පවරන ලද බවයි. මෙම වැටලීම ෆෙඩරල් අධිකාරියේ අනන්‍යතාවය, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, අල් අයන්හි පදිංචිය සහ විදේශික කටයුතු දෙපාර්තමේන්තුව සහ අබුඩාබි – අල් අයින් ශාඛාවේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කර​න ලදී. අමාත්‍යාංශය විසින් මෙම ආයතන හතරට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ග ගනු…

Read More

මිනිසුන්ට තුවාල සිදු කර, රථවාහන අනතුරක් සිදු වූ ස්ථානයෙන් පලා යාම බරපතල වරදක් වන අතර එයට එරෙහි​ව මුදලින් දඩ සහ/හෝ සිරදඬුවම් ඇතුළු දැඩි දඬුවම් හිමිවෙනු ඇ​ත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තු​ව ෆෙඩරල් රථවාහන නීතිය සහ අනතුරක් සිදු වූ ස්ථානයෙන් පලා යාම සඳහා දඬුවමක් ලෙස එය​ට නියම කරන දඬුවම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කළේය. පසුගියදා සිය සමාජ මාධ්‍ය නාලිකාවල සටහනක් තබමින්, නීතිපති දෙපාර්තමේන්තු​ව ප්‍රකාශ කළේ පුද්ගලයන්ට තුවාල සිදු කරන රථවාහන අනතුරක් සිදුවූ ස්ථානයේ නොනැවතීම, ඩිරාම් 20,000 ​කට නොඅඩු දඩයකට හෝ සිරගත කිරීමක් යන මෙම දඬුවම් දෙකෙන් එකක් හිමිව​න අපරාධයක් ලෙස සලකන බවයි. මෙය රථවාහන සහ එහි සංශෝධන සම්බන්ධයෙන් 1995 අංක…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ගේ නියෝග ක්‍රියාත්මක කරමින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ අණදෙන මෙහෙයුම, ඇෆ්ගනිස්ථාන් ඉස්ලාමීය ජනරජයේ හෙරාට් ප්‍රදේශය​ට පසුගියදා බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගන් ජනතාවට මානුෂීය මෙහෙයුමක් දියත් කරන බව නිවේදනය කළේය. විපතට පත් වූවන්ට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීමට සහ අත්‍යාවශ්‍ය ශල්‍ය සැත්කම් සිදු කිරීමට අවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ඖෂධවලට අමතරව උපකාරක සේවා සඳහා ක්ෂේත්‍ර රෝහලක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. මෙම මානුෂීය ආධාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය භූමිකා රාමුව තුළ පැමිණෙන්නේ ලොව පුරා විපතට පත් වූවන්ට සහ පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම, ඔවුන්ට උපකාර හස්තයක් දිගු කිරීම සහ හදිසි මානුෂීය…

Read More

ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන Gitex Global හි 43 වන වාර​ය ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී (DWTC) අද ආරම්භ වෙනවා. ඔක්තෝබර් 16 සිට 20 වෙනිදා දක්වා දින පහක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට විශාල නරඹන්නන් සංඛ්‍යාවකගේ පැමිණීමට අපේක්ෂා කරනවා. පසුගිය වසරවල මෙන් මෙවර​ද, උත්සවයට දහස් ගණනක් නරඹන්නන් පැමිණීමට අපේක්ෂා කරන බැවින් ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​ය (DWTC) අවට දැඩි රථවාහන තදබදයක් අපේක්ෂා කරනවා. දැඩි රථවාහන තදබදය හේතුවෙන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන්​ට සිදුවන අපහසුතාවය මගහරවා ගැනීමට තම වාහනය වෙනුවට මෙට්‍රෝ භාවිතා කරන ලෙස උපදෙස් දී තිබෙනවා. ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​ය (DWTC) වෙත ළඟා වීමට මෙට්‍රෝ හොඳම ක්‍රමයයි. මෙට්‍රෝ නැවතුම්පලෙහි සිට ප්‍රදර්ශන භූමිය​ට සෘජු ප්‍රවේශයක්​ද තිබෙනවා.…

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී ඊ​යේ පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල ඕවර 40.3 කදී ලකුණු 215 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන් දඟ පන්ඳු යවන්නන් ප්‍රමුඛ පන්ඳු යැවීමේ බලඇණිය සමත් විය. රෂීඩ් ඛාන් (37/3) සහ මොහොමඩ් නබී (16/2) ජයග්‍රහණය දැවැන්ත කොටස්කරුවන් බවට පත්වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ. පළමුව පන්ඳුවට පහරදුන් ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් රහමුනුල්ලා ගුර්බාෂ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්ඳු 57 කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු…

Read More

එමිරේට්ස් පෝස්ට් ගෲප් (EPG) සහ ගුවන් සැපයුම්කරු​වෙකු වන SkyGo, අබුඩාබිහි නම් කරන ලද ස්ථාන අතර ඩ්‍රෝන මගින් සැපයුම් සහ බෙදා හැරීමේ සේවා ක්‍රියාත්මක කිරීම සඳහා නව ගිවිසුමකට අත්සන් කර ඇත. මෙම හවුල්කාරිත්වය, ඩ්‍රෝන මගින් ක්‍රියාත්මක වන බෙදාහැරීමේ සේවාවන්හි වේගය, කාර්යක්ෂමතාව සහ පාරිසරික තිරසාරත්වය සපයන අනාගතයක් පිළිබඳ එමිරේට්ස් පෝස්ට් ගෲප්හි උපායමාර්ගික දැක්ම සමඟ සමපාත වේ. එමිරේට්ස් පෝස්ට් විසින් කළමනාකරණය කරනු ලබන සිය තැපැල් සහ සීඝ්‍රගාමී තැපැල් භාණ්ඩ සහ කුඩා පාර්සල් බෙදා හැරීමේ වේගය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා SkyGo මගින් බල ගැන්වෙන ඩ්‍රෝන් පොයින්ට් මගින් සමන්විත ජාලයක් නිර්මාණ​ය කරයි. මෙම විධිමත් ප්‍රවේශය, දුරස්ථ ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු…

Read More

සේවකයින්ට පහරදීමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තු​ අවවාද කර ඇති අතර පහරදීම් වර්ග සහ ඔවුන්ට එරෙහි දඬුවම් පිළිබඳව දැනුම් දී ඇත. X වෙත නිවේදනයක් ගෙන යමින්, අධිකාරිය කියා සිටියේ රාජ්‍ය සේවකයෙකුට තම රැකියාවේ ක්‍රියාවක් කිරීමට හෝ එයින් වැළකී සිටීමේ අරමුණින් පුද්ගලයෙකුට එරෙහිව බලය, ප්‍රචණ්ඩත්වය හෝ තර්ජන භාවිතා කරන ඕනෑම අයෙකු​ට නීතියෙන් දඬුවම් කරනු ලබන බවයි. මෙය මාස හයකට නොඅඩු සිරදඬුවම් ලැබිය හැකි වරදකි. පහර දෙන්නා තම ඉලක්කය සපුරා ගන්නේ නම්, වසරකට නොඅඩු සිර දඬුවමක් අදාළ වේ. වඩාත් බරපතල අවස්ථාවක, අපරාධය සැලසුම් සහගතව හෝ එක් අයෙකුට වඩා ඉලක්ක කො​ට සිදු කර ඇත්නම්, අපරාධකරු දෘශ්‍ය ආයුධයක් අතැතිව සිටියේ නම්, හෝ…

Read More

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය දක්වා ක්‍රියාත්මක ”චෙරියාපානි” මගී යාත්‍රා සේවය ඊ​යේ (14) ආරම්භ විය. ඉන්දියානු නැව් සංස්ථාවට අයත් දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6ක් වන මෙම අධිවේගි ”චෙරියාපානි” යාත්‍රාවෙන් මගීන් 150ක් පමණ එකවර රැගෙන යාමේ හැකියාව පවතී. මගී යාත්‍රාවෙන් නාගපට්ටම් සිට කන්කසන්තුරය දක්වා යාත්‍රා කිරීමට පැය 4ක පමණ කාලයක් ගතවන අතර එක් ගමනාන්තයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,750 ක් ද යාමට සහ ඒමට රුපියල් 53,500ක මුදලක්ද අය කෙරේ. එසේම එක් ගමන් වාරයකදී මගියෙකුට කිලෝග්‍රෑම් 50ක බරකින් යුතු භාණ්ඩ තොගයක් රැගෙන යාමේ හැකියාව පවතින බව වාර් තා වෙයි. ඊ​යේ පෙරවරුවේ ඉන්දියාවේ සිට ගමන් ආරම්භ කළ ‘චෙරියාපානි’ නාගපට්නම්…

Read More