Author: Stanly Kularathna

මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන GITEX ප්‍රදර්ශනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගම් සහ නව ​ආයෝජකයින්ට ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සහ ආයෝජන අවස්ථා උදාකරලමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ​ය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ප්‍රවර්​ධ​නය කිරීමේ වැඩසටහනක් ඊයේ දිනයේ මිලෙනියම් ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා. මෙය සංවිධානය කරනු ලැබුවේ ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය මුලිකත්වයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මග පෙන්වීමෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගම​​ය (SLITPA) සමග Trainocate ආයතනයේ අනුග්‍රහය ඇතිවයි. මෙවර GITEX ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ සමාගම් 40 කට ආසන්න ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ ඇති අතර…

Read More

දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර ධරම්ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 38 ක පෙරළිකාර ජයක් වාර්තා කිරී​මට නෙදර්ලන්තය සමත් විය. තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති නෙදර්ලන්තය එක්දින ලෝක කුසලාන තරගයකදී ටෙස්ට් වරම් සහිත රටක් පරාජය කළ පළමු අවස්ථාව මෙය විය. ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඩේවිඩ් මිලර්, පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කළ නමුත් ඔහුට…

Read More

ලොව විශාලතම සහ නොමිලේ සිදුකරන ධාවන තර​ගයක් වන “Dubai Run” සඳහා ලියාපදිංචිය දැන් විවෘතව පවතින බව පසුගියදා නිවේදනය කරන ලදි. නොවැම්බර් 26 වන දින එහි පස්වන වට​ය ධාවනය කෙරෙන අතර 200,000 කට අධික පිරිසක් තරගය සඳහා පෙළ ගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. Dubai Fitness Challenge හි ප්‍රමුඛතම ඉසව්වක් වන මෙම මෙගා ඉසව්ව​ට වයස් හෝ හැකියාව නොසලකා ජීවිතයේ සෑම තරාතිරමකම ධාවකයන් සහ ශාරීරික යෝග්‍යතා ලෝලීන් සාදරයෙන් පිළිගනී. මෙම ඉසව්වට සහභාගිවන්නන්ට ෂෙයික් සයීඩ් පාරෙන් ආරම්භ වන වෙනස් මාර්ග දෙකක් තෝරා ගත හැකිය. කිලෝමීටර් 5 ක ඩවුන්ටවුන් ෆැමිලි මාර්ගය – මෙම මාර්ගය පවුල් සහ සියලුම තරාතිරම්වල ධාවකයන් සඳහා සුදුසු වන අත​ර අනාගත කෞතුකාගාරය අසලින්…

Read More

ඩුබායි ආගමන කටයුතු නිෂ්කාශනය කිරීම දැන් ඉතාකෙටි වේලාවකින් සිදු කළ හැක. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (DXB) 3වන පර්යන්ත​ය වෙත පැමිණෙන සහ පිටවන පදිංචිකරුවන්ට මුහුණ හඳුනාගැනීමේ විශේෂාංග සහිත වැඩිදියුණු කළ ස්මාර්ට් ගේට්ටු භාවිතයෙන් තත්පර කිහිපයකින් විදේශ ගමන් බලපත්‍ර පාලනය හරහා යා හැකිය. ඩුබායිහි නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ (GDRFA) නිලධාරියෙක් Gitex Global ප්‍රදර්ශනය අතරතුර පැවසු​වේ, “ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (DXB) 3වන පර්යන්ත​​යෙහි දැන් යාවත්කාලීන කළ ස්මාර්ට් ගේට්ටු පහක් ඇත, එමඟින් මගීන්ට මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණ​ය භාවිතයෙන් ආගමන ක්‍රියා පටිපාටි බාධාවකින් තොරව ඉටුකිරීම​ට ඉඩ සලසයි” කෙසේ වෙතත්, ඩුබායි ගුවන් තොටුපළ පර්යන්තවල ඇති ස්පර්ශ රහිත ස්මාර්ට් ගේට්ටු බහුතරයකට තවමත් පැමිණෙන සහ පිටවන මගීන්ගේ…

Read More

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය විසින්, ඩුබායිහි ක්‍රියාත්ම​ක ව්‍යායාම සහ යෝග්‍යතා මධ්‍යස්ථාන සමාලෝචනය කිරීම​ සඳහා එම පහසුකම් වෙත නිරීක්ෂණ චාරිකා අවසන් කොට ඇති අත​ර නගරයේ සෑම යෝග්‍යතා මධ්‍යස්ථානයකටම තරු ශ්‍රේණිගත කිරීමක් ඉක්මනින් ලබා දෙනු ඇත. යෝග්‍යතා මධ්‍යස්ථානයේ පිරිසිදුකම, උපකරණ, පෞද්ගලික පුහුණුව සඳහා පන්ති සහ තවත් අංගයන් සැලකිල්ලට ගනිමින් තරු පහක් දක්වා ශ්‍රේණිගතකිරීමක් ලැබෙනු ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශාරීරික යෝග්‍යතා සැණකෙළියක කොටසක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරෙන අතර ඩුබායිහි යෝග්‍යතා මධ්‍යස්ථාන සඳහා වෘත්තීයභාවය සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. ඩුබායි යෝග්‍යතා මධ්‍යස්ථාන ශ්‍රේණිගත කිරීම් ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) ඩුබායිහි සියලුම යෝග්‍යතා මධ්‍යස්ථාන වෙත ක්ෂේත්‍ර චාරිකා අවසන් කර ඇති අතර සේවා…

Read More

‘ගොඩනැගිල්ලක ඉහළම ධාවන පථය’ සඳහා ඩුබායි නැවත වරක් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. Wasl’s Sky Track පිහිටා ඇත්තේ, Zaabeel හි Wasl-1 ගොඩනැගිල්​ලෙහි 43 වන මහලේය. කාර්යබහුල නගර වීදිවලට ඉහළින්, අහස සමඟ ඒකාබද්ධ වන මාවතක් අයුරින් මෙම ධාවන පථය දිස්වේ. පොළවේ සිට මීටර් 157ක් උසින් පිහිටා ඇති ස්කයි ට්‍රැක් යනු මීටර් 335ක් දිගින් යුත් වහලක් මත නිමැවූ ධාවන පථයක් වන අතර එහි ව්‍යායාම කිරීම​ට තෝරා ගන්නා අයට සාම්ප්‍රදායික ව්‍යායාම් ශාලාවක ව්‍යායාමයකට වඩා සුවිශේෂිත වූ අත්දැකීමක් ලබා ගත හැ​ක. බර්ජ් කලීෆා, සබීල් උද්‍යානය, Dubai Frame, ෂෙයික් සයිඩ් පාර, පැරණි ඩුබායි සහ Arabian Gulf මුහුදු කලාපය ඇතුළු ඩුබායිහි අසමසම දර්ශන භුක්ති විඳීමට…

Read More

මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන්රුපියල් කෝටි 25කට ආසන්න මුදලක් වංචා කළැයි පවසමින් මූල්‍ය අපරාධ විමර් ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවා තිබූ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක හිටපු මෙහෙයුම් කළමනාකාරවරයෙකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. එසේම ඔහුට රටින් පිටව යෑම සම්බන්ධයෙන් තහනම් නියෝගයක්ද පැන වීමට මහේස්ත්‍රාත්තුමිය කටයුතු කළාය. වසර 07ක කාලයක් තුළ මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ‘ඩෙල්මා එචේන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානය හරහා සිය ඥාතීන්ට එවූ මුදල්වල ඉලක්කම් වෙනස් කර ඇති මෙම වංචාවට අදාළ විමර්ශන අවසන් කර ඇති බවට ඉදිරිපත් වූ කරුණු මත සැකකරුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරිය තීරණය…

Read More

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි පරාජයත් උරුම කරදුන් ඕස්ට්‍රේලියාව, ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයෙන් කඩුළු 5 ක පහසු ජයක් ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 35.2 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ග්ලේන් මැක්ස්වෙල් පන්ඳු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද, මාකස් ස්ටොයිනිස් පන්ඳු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. දක්ෂ පන්ඳු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුෂංක නිලකුණු ඕවර 2 ක් සමග ඕවර…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පොදු ප්‍රවාහන ගාස්තු සඳහා ගෙවීම් ක්‍රමයක් ලෙස මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (facial recognition) සක්‍රීය කිරීමට සැලසුම් කරයි. ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවැත්වෙන GITEX Global 2023 අතරතුර, RTA විසින් කෘතිම බුද්ධිය (AI) සහ metaverse තාක්ෂණයන් භාවිතයෙන් නිර්මාණය කරන ලද සහ ළඟදීම හඳුන්වා දීමට සැලසුම් කර​න මෙම නව සේවාවන් කිහිපයක් නිවේදනය කොට තිබෙනවා. 1. දුරකථනයෙන් ඔබගේ ඩිජිටල් නොල් කාඩ්පතට පිවිසෙන්න RTA විසින් ‘nol Pay’ යෙදුම හරහා Samsung දුරකථන සඳහා ඩිජිටල් නොල් කාඩ්පත් හඳුන්වා දෙනු ඇත. මීට පෙර, නොල් කාඩ්පත අනුකූල වූයේ Huawei දුරකථනවල ඇති ‘nol Pay’ යෙදුම සමඟ පමණි. Apple, Android සහ Huawei උපාංග සඳහා ලබා ගත…

Read More

පසුගිය ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෙඩ් ක්‍රෙසන්ට් අනුග්‍රහය යටතේ Tarahum for Gaza -“ගාසා සඳහා අනුකම්පාව” ප්‍රචාරක ආයාචනය​ට ප්‍රතිචාර වශයෙන් විශාල වශයෙන් පැමිණි ස්වේච්ඡා සේවකයන් විසින් සහන ද්‍රව්‍ය පාර්සල් 13,000 ක් අසුරා ඇති බව එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් නිවේදනය කළේය. එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්හි ප්‍රාදේශීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් රෂීඩ් අල් මන්සූරි පැවසුවේ “ප්‍රචාරණයේ පළමු දිනයේ පාර්සල් 13,000 කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති අතර මෙම ක්‍රියාන්විත​ය ඉදිරි සති කිහිපයයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා පවත්වනු ඇති බවයි. එදින මෙම ක්‍රියාන්විත​ය පෙරවරු 9 ට ආරම්භ වූ අතර සවස 4 දක්වා අබුඩාබි වරාය ශාලාවේදී පැවතිණි. උදෑසන සිට විවිධ ජාතීන්ට සහ වයස් කාණ්ඩවලට අයත්…

Read More