Author: Stanly Kularathna

ඉන්දියාව සහ පාකිස්තානය අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ, ඕවර 30.3 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. මෙම ජයත් සමග තවදුරටත් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූ ඉන්දියාව, එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානය හමුවේ අපරාජිත වාර්තාව රැකගැනීමටද සමත් විය. මේ දක්වා එක්දින ලෝක කුසලාන තරග 8 කදී පාකිස්තානයට එරෙහිව තරග වැදී ඇති ඉන්දියාව එම තරග 8 න්ම ජය ලබා ඇත. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක…

Read More

ඩුබායි සෞඛ්‍ය අධිකාරිය (DHA) විසින් නිකුත් කරන ලද නිල වාර්තාවක් මගින් DHA හි ඩිජිටල් සෞඛ්‍ය රක්‍ෂණ ද්වාරය දැනට මිලියන 4 කට වැඩි පිරිසකට සේවය කරන බව අනාවරණය කර ඇත. 2023 පළමු මාස හය තුළ, DHA විසින් රක්ෂණ හිමිකම් මිලියන 20 ක් පමණ ක්‍රියාවට නංවා ඇති අතර, සාමාන්‍යයෙන් එය දිනකට හිමිකම් 109,000 කි. මීට අමතරව, 2023 ජනවාරි සහ ජූනි අතර ඉලෙක්ට්‍රොනිකව අනුමත වෛද්‍ය බෙහෙත් වට්ටෝරු සංඛ්‍යාව මිලියන 9 ක් පමණ විය. 2022 දී ඩුබායි සෞඛ්‍ය සංචාරකයින් (health tourists) 674,000 කට වඩා සත්කාරකත්වය ලබා දුන් අතර එමඟින් ඩොලර් බිලියන 1 කට ආසන්න ආදායමක් උපයා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. DHA X micro-blogging…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් මේ වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි ම​ගී පාලම් හතක් ඉදිකිරීමේ පුළුල් මුලපිරීමක කොටසක් ලෙස රස් අල් ඛෝර් මාර්ග​යේ නව මගී පාලම් දෙකක් විවෘත කොට තිබෙනවා. ඩුබායිහි පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට වැඩි සතුටක් ගෙන ඒම සඳහාත් රථවාහනව​ල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහාත්, පදික මාරු සඳහා ආරක්ෂිත සංචලන මාධ්‍යයන් සැපයීම සහ යහපැවැත්ම පෝෂණය කිරීම සඳහාත් RTAහි කැපවීම පාලම් දෙක විවෘත කිරීම මගින් තහවුරු කරයි. පාලම් දෙක ආකර්ශනීය මෝස්තර වලින් සංලක්ෂිත වන අතර අධිතාක්‍ෂණික විද්‍යුත් යාන්ත්‍රික පද්ධති, අනතුරු ඇඟවීම්, ගිනි නිවන, දුරස්ථ නිරීක්ෂණ පද්ධති සහ කැපවූ පාපැදි නැවැත්වීමේ ස්ථා​න වලින් සමන්විත ​වේ. RTA රථවාහන ආරක්ෂාව…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු පැමිණිලි ලියාපදිංචි කිරීම සඳහා දැන් නව ගාස්තු රහිත අංකයක් ඇති බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) විසින් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා මෑතකදී නිවේදනය කරණු ලැබුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්ට සහ සේවා යෝජකයන්ට දැන් කම්කරු හිමිකම් සහ උපදේශන සඳහා 800 84 ගාස්තු රහිත අංකයෙන් කම්කරු සම්බන්ධ පැමිණිලි හෝ නීති උපදේශන සඳහා ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ විය හැකියි. මීට ඉහතදී භාවිතයේ යෙදුන 04 6659999 අංකය, දැන් අත්හිටුවා ඇත. උපකාරක සේවාව හරහා, UAE කම්කරුවන්ට සහ සේවා යෝජකයන්ට නව කම්කරු පැමිණිල්ලක් ලියාපදිංචි කිරීමට, සක්‍රීය පැමිණිල්ලක් පසු විපරම් කිරීමට සහ UAE හි කම්කරු නීතිය – 2021…

Read More

ලොව විශාලතම ගිනි ආරක්ෂණ සංවිධානය වන එක්සත් ජනපද ජාතික ගිනි ආරක්ෂණ සංගමය (NFPA) සමඟ ඩුබායි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු​ව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර ඇති බව පසුගියදා නිවේදනය කරන ලදි. ඩුබායි හි අර්බූද සහ ආපදා කළමනාකරණය පිළිබඳ උත්තරීතර කමිටුවේ සභාපති ෂෙයික් මන්සූර් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ඩුබායි සිවිල් ආරක්‍ෂක සාමාන්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේදී සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට සහභාගි විය. මෙම සහයෝගීතා ගිවිසුමේ අරමුණ වන්නේ ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති අති නවීන ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කිරීමේදී ගෝලීය ආදර්ශයක් වීම බව ඩුබායි සිවිල් ආරක්‍ෂක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රෂීඩ් තානි අල් මට්‍රෝෂි මහතා පැවසීය. NFPA හි සභාපති සහ…

Read More

මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින් හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ. මෙම මුදල ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හට අවශ්‍ය කරනු ලබන ආහාර, බෙහෙත් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයිම උදෙසා ලබාදී ඇත.  එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් තවදුරටත් මුදල් ලබා දීම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් මේවන විටත් අරමුදල් වෙන් කිරීමටද පියවර ගෙන තිබේ. ඊශ්‍රායලයේ සිටින ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටත් අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල්…

Read More

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුළු 8 ක පහසු ජයක් වාර්තා කිරී​මට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග ලකුණු 6 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ, ඕවර 42.5 ක් අවසානයේ ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්ඳු 67 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 89 ක් රැස්කළ ඩර්ලි මිචෙල් නවසීලන්තයේ ජයග්‍රහණය වේගවත් කළේය. නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක කේන් විලියම්සන් පන්ඳු 107 කදී හයේ පහරක් සහ හතරේ…

Read More

WhatsApp පරිශීලකයින්ට, ඔවුන්ගේ මිතුරන් සහ සගයන් සමඟ වීඩියෝ හෝ හඬ ඇමතුමකට සම්බන්ධ වීමට පෙර ඇමතුම් සබැඳියක් සෑදීමට ඉඩ ලබාදෙයි. WhatsApp ගිණුම් ඇති අනෙක් අයට සම්බන්ධ වීමට ආරක්ෂිත WhatsApp ඇමතුම් සබැඳියක් සෑදීමට සහ බෙදා ගැනීමට, මෙම පියවර අනුගමනය කරන්න: 1. ඇමතුම් ටැබය විවෘත කරන්න. 2. ‘Create Call Link’ මත තට්ටු කරන්න 3. ඔබට අවශ්‍ය ඇමතුම් වර්ගය, වීඩියෝ ඇමතුම හෝ හඬ ඇමතුම තෝරන්න. 4. ඔබට සබැඳිය පිටපත් (copy) කිරීමට හෝ WhatsApp හරහා ඔබේ සම්බන්ධතා වෙත යැවීමට හෝ වෙනත් යෙදුම් හරහා යැවීමට ‘Share Link’ විකල්පය භාවිත කළ හැක. කෙසේ වෙතත්, අවහිර කර ඇති පරිශීලකයින්ට  (blocked users) ඔබගේ ඇමතුම් සබැඳිය භාවිතා කළ නොහැකි බව…

Read More

පසුගියදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණය පිළිබඳ අමාත්‍ය ගරු ආචාර්ය අබ්දුල්රහ්මන් අල් අවාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මහතා ඇතුළු දූත පිරිස ඩුබායිහි අමාත්‍යාංශ මූලස්ථානයේදී හමුවූ​හ. මෙම හමුවීමේ මූලික පරමාර්ථය වූ​යේ දෙපාර්ශවය​ම උනන්දුවක් දක්වන පොදු ක්ෂේත්‍ර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර රැකියා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සේවා යෝජකයින්ගේ සහ සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතිය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා එරටදී ලබා දෙන සමාජ ආරක්ෂණ රැකවරණ​ පරාසයන් පිළිබඳවද රැස්වීමේදී සමාලෝචනය කො​ට ඇත. මෙම රැස්වීමට එක්සත්…

Read More

ලෝක ප්‍රකට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කොට ඇති අතර එම ක්‍රීඩාංගණය වැඩිම එක්දින තර​ග සංඛ්‍යාවකට සත්කාරකත්වය ලබා දී ඇත. දිවා රාත්‍රී ක්‍රිකට් තරග සඳහා සුප්‍රසිද්ධ මෙම ක්‍රීඩාංගනය නවීන ආලෝකකර​ණ පද්ධතියක් සමගින් රාත්‍රී ක්‍රීඩා සඳහා පිටිය ආලෝකමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ක්‍රීඩා පිටිය​ට සහ ක්‍රීඩකයින් සඳහා පරිපූර්ණ ආලෝකකරණයක් ලබා දීම සඳහා නවීන DMX පාලන පද්ධති තාක්‍ෂණය භාවිතා කිරීමෙන් එය තවදුරටත් වැඩිදියුණු කොට තිබෙනවා. ඉහළම තත්ත්වයේ ආවරණයක් සම​ග අධි-විභේදන රූපවාහිනී සම්ප්‍රේෂණ මගින් ලොව පුරා සිටින රසිකයින්ට ක්‍රීඩා විවේක කාලය තුළ විනෝදාස්වාදය ලෙස ආලෝකය සහ ලේසර් සංදර්ශන සඳහා පහසුකම්​ද සපයයි. “අති නවීන තාක්‍ෂණයක් භාවිතා කරන නව ආලෝකකරණය මගින් අපට තණතීරුවට සුදුසුම…

Read More