Author: Stanly Kularathna

WhatsApp, නුදුරේදීම පරිශීලකයින්ට තනි දුරකථනයකින් WhatsApp ගිණුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දීමට නියමිතයි. WhatsApp පරිශීලකයින් දිගු කලක් බලා සිටි මෙම විශේෂාංගය මෙටාහි නිර්මාතෘ මාර්ක් සකර් බර්ග් විසින් නිවේදනය කරන ලද අතර නිල සමාගම් බ්ලොග් සටහනකින් තහවුරුකොට ති​බේ. සකර් බර්ග් පැවසුවේ “ඉක්මනින් එක් දුරකථනයක, WhatsApp යෙදුම තුළ ගිණුම් දෙකක් තබා ගැනීමට හැකි වනු ඇත” දැනට, WhatsApp ගිණුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුද්ගලයින්ට, ගිණුම් වලට ඇතුළු වීමට සහ පිටතට යාමට වෙන වෙනම දුරකථන රැගෙන යාමට අවශ්‍ය වී ඇත. නව විශේෂාංගය පිළිබඳ​ව නිවේදනය කරන WhatsAppහි බ්ලොග් අඩවියේ, පණිවුඩකරණ සේවාව මෙසේ පැවසීය: “අද, අපි එකවර WhatsApp ගිණුම් දෙකක් ලොග් වීමේ හැකියාව හඳුන්වා දෙන්නෙමු.”…

Read More

තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහන පසුගිය ඔක්තෝබර් 18 හා 19 දෙදින තු​ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ බලපත්‍රලාභීන් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කරන ලදී. කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරනු ලැබු මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී .සේනානායක මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාස තුනක සංචාර වීසා නිකුත් කිරීම නවතා දමා ඇති බව මාධ්‍ය විසින් හෙළි කොට තිබෙනවා. අනන්‍යතාවය, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරි​යේ (ICP) ඇමතුම් මධ්‍යස්ථානයේ විධායක නිලධාරියෙකු පැවසුවේ මාස තුනක වීසා බලපත්‍ර තවදුරටත් ලබා ගත නොහැකි බවයි. ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ, “මාස තුනක ඇතුල්වීමේ බලපත්‍රය මීට මාස කිහිපයකට පෙර ලබා ගත හැකි වූ නමුත් තවදුරටත් එය එසේ නොවන බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින්ට දින 30ක හෝ 60ක වීසා බලපත්‍රයක් මත පැමිණිය හැකිය. “සංචාරක නියෝජිතායතනවලට ඒවා නිකුත් කළ හැක” සංචාරක නියෝජිතයන් පැවසුවේ මාස තුනක සංචාර වීසා බලපත්‍රයක් ඉල්ලා සිටීමේ විකල්පය බලපත්‍ර නිකුත්…

Read More

ඩුබායිහි බහු-සංස්කෘතික උත්ස​ව ගමනාන්තය වන Global Villageහි 28 වෙනි වාරය සඳහා ඔක්තෝබර් 18 වෙනිදා මහජනතාවට නිල වශයෙන් එහි දොරටු විවෘත කරනු ලැබූ අතර එය 2024 අප්‍රේල් 28 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වාරයේදී ලේසර් සංදර්ශන, 3D ප්‍රක්ෂේපණ සංදර්ශන සහ ප්‍රසංග ඇතුළු නව ආකර්ෂණීය ස්ථාන සහ අත්දැකීම් රාශියකින් සමන්විත වේ. නරඹන්නන්ට මණ්ඩප 27කට අධික ප්‍රමාණයක්, සාප්පු සවාරි 3,500කට අධික ප්‍රමාණයක් සහ භෝජන සංග්‍රහයන් රාශියක් අත්විඳීමට හා දැකීම​ට අපේක්ෂා කළ හැක. ගමනාගමනය පහසු කිරීම සඳහා, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) දැනට පවතින මාර්ග හතරට අනුපූරකව නව බස් මාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇත. Global Village 27 වැනි වාරයේදී මිලියන 9කට අධි​ක නරඹන්නන් පිරිසක්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සබැඳි පරිශීලකයින්ට ආරක්ෂිතව සිටීමට උදවු කිරීම සඳහා, ඩුබායි ඩිජිටල් රජය විසින් තතුබෑම් ප්‍රහාරවලින් (phishing attacks) ඔවුන්ව ආරක්ෂා කළ හැකි මෙවලමක් හඳුන්වා දී තිබෙනවා. RZAM extension ඩුබායි ඉලෙක්ට්‍රොනික් ආරක්ෂක මධ්‍යස්ථානයේ (DESC) එමරාති කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද අතර, සබැඳි පරිශීලකයින්ට අනිසි අන්තර්ගතයන්ගෙන් කරදර නොවී අන්තර් ජාලය සැරිසැරීම​ට උපකාරී වේ. ඔබට ඔබගේ දුරකථනයේ හෝ ලැප්ටොප් පරිගණකයේ වේවා ඔබගේ සබැඳි ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම්, ඔබට තතුබෑම් ප්‍රහාර වලින් ඔබව ආරක්ෂා කරගතහැකි ආකාරය පහත දැක්වෙනවා. තතුබෑම් ප්‍රහාරයක් යනු කුමක්ද? බහුජාතික ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණ සමාගමක් වන සිස්කෝ සිස්ටම්ස් ඉන්කෝපරේට්​ට අනුව, කීර්තිමත් මූලාශ්‍රයකින් පැමිණෙන බව පෙනෙන, බොහෝ විට විද්‍යුත් තැපෑල හරහා,…

Read More

කුඩ කුලියට දෙන කැනේඩියානු සමාගමක් වන UmbraCity විසින් ඩුබායිහි ​ගිම්හාන සමයේ එලිමහනේ ඇති දැඩිහිරු එලියෙන් ආරක්ෂාවීමට විසඳුමක් ලෙස කු​ඩ ලබාගතහැකි කියොස්ක් හඳුන්වාදීමට සුදානම් වෙනවා. මෙම කු​ඩ, නගරය පුරා පොදු ස්ථානවල තබා ඇති කියොස්ක් හරහා ලබාදෙන අතර ඒවා භාවිතයේදී උෂ්ණත්වය අඩුවෙන් දැනෙ​න ලෙස විශේෂයෙන් නිර්මාණය කොට තිබෙනවා. වැසියන්ට සීමි​ත කාලයක් සඳහා මෙම කු​ඩ නොමිලේ භාවිතය සඳහා ලබාදීමට එම සමාගම බලාපොරොත්තු ​වේ. UmbraCity හි නිර්මාතෘ Amir Entezari පැවසුවේ, “උණුසුමට එරෙහි සටනේ වෙනසක් වන සේවාවක් දියත් කිරීම සඳහා අපි මෙහි බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටිමු.” “ඩුබායිහි සිටින මිතුරන්ගෙන් මට මෙම අදහස ඉදිරිපත් වූයේ ඩුබායිහි සිසිල්ව සිටීමට කුඩ හොඳ ක්‍රමයක් විය හැකි බවයි. නගරයේ…

Read More

මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධාන​ය අතර යුද්ධයේ මුළු මරණ සංඛ්‍යාව 4,500 කට වඩා වැඩි වී ඇත. අඟහරුවාදා ගාසා රෝහලකට සිදුකල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 500 කට ආසන්න පිරිසක් මිය ගිය බව වාර්තා වි​ය. සිය දහස් ගණන් පලස්තීනුවන් තම නිවෙස් අතහැර පලා ගොස් ඇත්තේ යා යුතු තැනක් ගැන කිසිම අවභෝ​ධයක් නොමැති​වය. ගාසා තීරය වටලා තිබීම නිසා, ආහාර, ජලය, විදුලිය, ඉන්ධන, ඇතුලු පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා සියල්ල අවසන් වෙමින් පවතී. කුරිරු යුද්ධයෙන් පීඩා විඳින අහිංසක ජනතා​ව වෙනුවෙන් අනුකම්පාවෙන් එක්වෙමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වඩාත් අවදානමට ලක්විය හැකි, විශේෂයෙන් ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් එනම් මිලියනයකට වඩා වැඩි ළමුන් සඳහා…

Read More

ඩුබායි පොලිසිය මාර්ග අනතුරු වාර්තා කිරීම පහසු කරවන නව කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන පද්ධතියක් හඳුන්වා දීමට සූදානම් වේ. පොලිසියට කාලය හා සම්පත් ඉතිරි කරමින් හදිසි අනතුරකදී වැරදිකරු වූයේ කවුරුන්ද යන්න මෙම තාක්ෂණය මගින් තීරණය කරනු ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව, එය අතින් කරණා කාර්‍යයන් සහ ක්‍රියාවලීන්ගෙන් 50% ක් අඩු කරනු ඇත. Gitex තාක්‍ෂණ සතියේදී හෙළිදරව් කරන ලද මෙම නව තාක්‍ෂණය ඩුබායි පොලිස් යෙදුම හරහා එළිදැක්වීමට නියමිත අතර ඉතා ඉක්මනින් මහජනතාවට ලබා ගත හැකිය. “එය 90% ක් පමණ නිමවා අවසන් – ඉතිරිව ඇති සුළු ගැටළු නිරාකරණය කළ පසු, එය සියලුම ඩුබායි වැසියන්ට ලබා ගත හැකි වනු ඇත.” ඩුබායිහි පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. එය…

Read More

දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍යාංශය (MOCCAE) පැවසුවේ සාමාන්‍ය සේවා ලබාදී​මේ කාලය මිනිත්තු හතරක් දක්වා අඩු කිරීම සඳහා එහි සේවාවන් 103 ක් ඩිජිටල් සේවාවන් බවට වැඩිදියුණු කරන බවයි. ඩුබායි හි පැවති Gitex තාක්ෂණික ප්‍රදර්ශනය අතරතුර අමාත්‍යාංශය විසින් මෙය නිවේදනය කරන ලදී. පාරිභෝගිකයින්ට හඳුන්වා දී ඇති ප්‍රධාන විශේෂාංග අතර බලපත්‍ර අලුත් කිරීම හෝ අවලංගු කිරීමේ සේවාවන් පිළිබඳ ඇඟවීම් ඇතුළත් වේ. පාරිභෝගිකයා විසින් ඉදිරිපත් කරන ලද යෙදුම් දත්ත ආශ්‍රයෙන්, කල් ඉකුත් වන සහ අලුත් කළ හැකි බලපත්‍ර පිළිබඳ ක්‍රියාකාරී මතක් කිරීමක් මෙන්ම බලපත්‍රයේ ක්‍රියාකාරකම් එක් කිරීම, ක්‍රියාකාරකම් අවලංගු කිරීම සහ බලපත්‍රය අවසන් කිරීම වැනි සෘජු සහ ප්‍රවේශ විය හැකි විශේෂාංග කිහිපයක් ඇතුළත් තත්‍ය…

Read More

ඩුබායි පොලිසිය විසින් World Islands වල​ට ඔබ්බෙන් ස්මාර්ට් පාවෙන පොලිස් ස්ථානයක් ළඟදීම දියත් කරන බව පසුගියදා ඩුබායිහි පැවති Gitex තාක්ෂණික ප්‍රදර්ශනයේදී අනාවරණය විය. ඩුබායි පොලිසියේ පරිපාලන නිලධාරි ලුතිනන් රෂීඩ් මොහොමඩ් අල් හෝල් මාධ්‍ය වෙත පැවසුවේ පාවෙන පොලිස් ස්ථානය මිනිස් මැදිහත්වීමකින් තොරව සේවාවන් සපයනු ඇති බවයි. ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර ළඟදීම දැනුම් දීමට නියමිතයි. පාවෙන පොලිස් ස්ථානය ඩුබායිහි අනෙකුත් ස්මාර්ට් පොලිස් ස්ථාන මෙන් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. සියළුම සේවාවන් මාර්ගග​තව සිදුකරනු ලබන අතර රථවාහන, අපරාධ සහ ප්‍රජා සේවා සහ සහතික සහ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් මීට අ​යත් ​වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ගනුදෙනු සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ගේ…

Read More