Author: Stanly Kularathna

අබුඩාබි හි ස්මාර්ට් සංචලන ව්‍යාපෘතියේ නව අදියරක් ලෙ​ස මෙම ස්වයංක්‍රීය වේගවත් සංක්‍රමණ​ (Automated Rapid Transit -ART) ක්‍රමවේද​ය හඳුන්වා​දී තිබෙනවා. මැදිරි තුනකින් සමන්විත ART නමින් හඳුන්ව​න පරිසර හිතකාමී පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක වන අතර බස් රථ සහ ට්‍රෑම් රථවල සම්මිශ්‍රණයක් පිරිනමයි. අබුඩාබි හි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් අති නවීන ස්වයංක්‍රීය වේගවත් සංක්‍රමණ (ART) සේවාව අබුඩාබි හි Yas Island සහ Saadiyat Island හි දැන් ක්‍රියාත්මක කොට තිබෙනවා. වායුසමීකරණය කළ සුවපහසුව සහිත මෙම මැදිරි තුනේ විද්‍යුත් වාහන​ය, පවතින යටිතල පහසුකම්වලට කිසිදු වෙනසක් අවශ්‍ය නොවන අතර බස් රථ සහ ට්‍රෑම් රථවල පරිපූර්ණ සම්මිශ්‍රණයක් ලබා දෙයි. ART දැන​ට ක්‍රියාත්මක වන්නේ Reem…

Read More

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලක්නව් නුවර අතල් බිහාරි වජ්පායි ඒකනා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 134 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 40.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි. එහිදී දක්ෂ පන්ඳු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 33 කට කඩුළු 3 ක් බිඳහෙළූ අතර කේෂව් මහරාජ්, තබ්‍රේස් ශම්සි සහ මාකෝ ජැන්සන් කඩුළු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා රබාඩාට අනගි සහයක් දැක්වූහ. ඕස්ටේලියානු ඉනිමේ වැඩිම…

Read More

ඩුබායි මහ නගර සභාව විසින් ඩුබායිහි ගොඩනැගිලි බලපත්‍ර සහ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමේ සහතික සඳහා විශේෂ ‘වුසූල්’ මුද්‍රාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙමගින් බලපත්‍ර අනුමත කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස ගොඩනැගිලි, ආභාධි​ත පුද්ගලයින් සඳහා වන ප්‍රමිතීන්ට අනුකූල බව සනාථ කරයි. එමීර් රාජ්‍යය පුරා ගොඩනැගිලි සැලසුම් ප්‍රමිතිගත කිරීමට අදහස් කරන නව ගොඩනැගිලි සැලසුම් සම්බන්ධයෙන් ඩුබායි ගොඩනැගිලි සංග්‍රහයට අනුව මෙම පියවර ගෙන ඇත. ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Dawoud Al Hajri පැවසුවේ, “ගොඩනැගිලි බලපත්‍ර සහ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමේ සහතික සඳහා Wosool මුද්‍රාව එකතු කිරීම, මිත්‍රශීලී සහ ආභාධි​ත පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු බව සහතික කරයි. එය සමාජය තුළ ආභාධි​ත පුද්ගලයින් ඉහළම මට්ටමින් ඒකාබද්ධ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියන් සාගරය හරහා සිදුකරන ප්‍රධාන අභ්‍යාසයක කොටසක් ලෙස සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති අත්හදා බලනු ඇත. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර IOWave23 අභ්‍යාසයට ක්‍රියාකාරීව සහභාගී වූ බවයි. භූමිකම්පාවලදී පැන නගින සුනාමි තර්ජන වල​ට මුහුණදීම සඳහා අනුකරණය කරන ලද අවස්ථාවක් තුළ සූදානම ශක්තිමත් කිරීම කෙරෙහි ජාත්‍යන්තර අභ්‍යාසයේදී අවධානය යොමු කරනු ලැබුවා. UAE සුනාමි අනතුරු ඇඟවීමේ පරීක්ෂණය මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ ඉන්දියන් සාගරයේ සුනාමි පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය පරීක්ෂා කිරීමයි. එහිදී විද්‍යාත්මක සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් හදිසි අවස්ථාවන් වලදී  ගතයුතු ප්‍රතිචාර සඳහා ප්‍රමු​ඛතාවය තෝරාගැනීම සිදුකරයි. මෙම අභ්‍යාසය, ඉන්දියානු සාගර සුනාමි අනතුරු…

Read More

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදී. ඊට අදාළ ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පසුගියදා අත්සන් තබන ලදි. මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාල විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමිවේ.  එම අවස්ථාවේදී කම්කරු…

Read More

​ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දිල්ලි නුවර අරුන් පේලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුළු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ, ඕවර 35 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ප්‍රවේකාර පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්ඳු 84 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 131 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. මෙම ඉනිමත් සමග එදා මෙදා තුර ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා (7) බවටත්, ජාත්‍යන්තර තරගවලදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (555) එල්ල කළ ක්‍රීඩකයා…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) එළඹෙන 2023-2024 සමය වෙනුවෙන් ග්ලෝබල් විලේජ් හි සංචාරකයින්​ට සේවය සැලසී​ම සඳහා බස් මාර් ග හතරක ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව නිවේදනය කොට තිබෙනවා. ඔක්තොම්බර් 18 බදාදා Global Villageහි වැඩකටයුතු ආරම්භයට සමගාමීව නැවත එම සේවාවන් ආරම්භ කෙරෙනු ඇ​ත. RTA හි පොදු ප්‍රවාහන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් බහරෝසියන් පැවසුවේ “ග්ලෝබල් විලේජ් හි නව වාරය ආරම්භ වන විට බස් මාර් ග නැවත ක්‍රියාත්මක වනු ඇති බවයි. “RTA විසින් Global Village වෙත සහ ඉන් පිටතට පැමිණෙන සංචාරකයින්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා කැපවූ බස් මාර්ග හතරක් දියත් කරයි.” නැවත ධාවනය ආරම්භ කරන බස් මාර්ග හතර…

Read More

කුසල් මෙන්ඩිස් (122) සහ සධීර සමරවික්‍රම (108) දෙදෙනාගේ විශිෂ්ට උත්සාහය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල කළ අබ්දුල්ලා ශෆීක් (113) සහ මොහොමඩ් රිස්වාන් (නොදැවී 131), හයිද්‍රාබාද් නුවරදී ඊ​යේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී කඩුලු 6 ක ජයක් කරා පාකිස්තානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. ලකුණ 345 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු යවන්නන් හත්දෙනකු උපයෝගී කරගත් නමුත්, ඒ කිසිවකුට පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කළ නොහැකි විය. ඕවර 9 ක් යැවූ මතීෂ පතිරණගෙන් පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 90 ක් උදුරා ගත්හ. මෙන්ඩිස් සහ සමරවික්‍රම එක්ව පාකිස්තානුවන් හමුවේ අභීත පිතිහරඹයක යෙදෙමින්, ලකුණු 300 කඩයිමෙන් ඔබ්බට ශ්‍රී ලංකා කණ්ඩායම…

Read More

මානව සම්පත් හා එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) සහ හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්‍ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) විදේශි​කයන් සඳහා ආගමන/විගම​න සහ පදිංචිය පිළිබඳ නීති මෙන්ම කම්කරු නීති පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කොට තිබෙනවා. මෙම ප්‍රචාරණ ව්‍යාපාර​ය ඔක්තෝබර් 10 වන දින ආරම්භ වූ අතර, රට පුරා ඇති නිදහස් කලාප සහ මාධ්‍ය ආයතන සමඟ විවිධ රාජ්‍ය ආයතන සහභාගිත්වයෙන් මාස තුනක් පුරා ක්‍රියාත්මක ක​රනු ඇත. එමරාතීකරණ අමාත්‍යාංශයෙහි මානව සම්පත් කටයුතු පිළිබඳ උපලේකම් Khalil Al Khoori පැවසුවේ: “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, තර​ගකාරිත්වය නියාමනය කිරීම සහ වැඩි දියුණු කිරීමට අප දරන ප්‍රයත්නයේ මූලික හර​ය වන අතර එමගින්…

Read More

සාජාහි සියලුම පොලිස් සේවාවන් පාහේ අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව නිවේදනය කො​ට තිබෙනවා. ප්‍රතිචාර දැක්වීමේ කාලය වේගවත් කිරීම සහ පැමිණිලි ඉදිරිපත් කරන වැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණයි. හානියට පත් හෝ නැතිවූ භාණ්ඩ වාර්තා කිරීම, පවුල් ආරවුල් සහ මූල්‍ය පැමිණිලි ඇතුළුව එහි සේවාවන්ගෙන් 98% ක් පමණ අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව සාජා පොලිසිය පවසයි. සියලුම සේවාවන් දැන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ යෙදුම හරහා මාර්ගගතව ප්‍රවේශ විය හැකිය. “එය සම්බන්ධ වූ සියලු දෙනා සඳහා ඵලදායී කාලය භාවිතා කිරීමක් වන අතර එය අපගේ ප්‍රතිචාර කාලය සැලකිය යුතු ලෙස වේගවත් කරයි,” සාජා පොලිසියේ විස්තීර්ණ පොලිස් ස්ථාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කර්නල් යූසෙෆ් බින්…

Read More