Author: Stanly Kularathna

දහස් ගණන් ජීවිතක්ෂයට පත් කළ ගංවතුරෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලිබියාවට මානුෂීය ආධාර ටොන් 622 ක් යවා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලිබියාව අතර පිහිටුවා ඇති මානුෂීය ගුවන් පාලමේ කොටසක් වන මෙම ආධාර පවුල් 6,000කට වැඩි පිරිසකට උපකාර කරනු ඇතැයි නිලධරයෝ පැවසූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. ජලය එකතැන පල්වීම නිසා ඇතිවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය සැපයුම් මෙන්ම අර්බුදයෙන් පීඩාවට පත්වූවන් සඳහා පුද්ගලික සනීපාරක්ෂක සැපයුම් සහ ආහාර මෙම ආධාරයට ඇතුළත් වේ. ගංවතුරින් හානියට පත් වරාය නගරයක් වන ඩර්නා ඇතුළු දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගුවන් යානා 28 කට වැඩි…

Read More

මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා සාම්පල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් දඩයක් සහ සිර දඬුවමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධිකාරිය දඬුවම් පිළිබඳ විස්තර කලින් ට්විටර් ලෙස හැඳින්වූ X මගින් නිවේදනය කලේය. මත්ද්‍රව්‍ය සහ මනෝචිකිත්ස​ක ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා සාම්පලයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන අයට වසර දෙකකට නොඅඩු සිරදඬුවමක් නියම කෙරේ. මීට අමතරව, මේ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින්ට ඩිරාම් 100,000 දඩයක් ද නියම කෙරේ. අවශ්‍ය පරීක්ෂණ නියැදිය ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ඇති ඕනෑම අයෙකු​ට කිසිදු සාධාරණීකරණයකින් තොරව එය කඩ කළහොත් ඉහත සඳහන් දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා රටේ “තරුණ යෞවනියන්ට” රජයේ කොටසක් වීමට විවෘත ආරාධනයක් කළේය. සමාජ මාධ්‍යවල උප ජනාධිපතිවරයා නිවේදනය කිරීමෙන් පැය හතක් ඇතුළත, අමාත්‍ය මණ්ඩලයට සම්භන්ධ වීමට අපේක්ෂා කරන අපේක්ෂකයින්ගෙන් ආකර්ෂණීය අයදුම්පත් 4,700 ක් ලැබී තිබුණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම වෙත නිවේදනයක් නිකුත් කරමින්, “තරුණ ගැටළු නියෝජනය කිරීම” සඳහා රටේ තරුණ ඇමති තනතුර​ට “කීර් තිමත් තරුණයෙකු හෝ තරුණිය​ක සොයන” බවත් තෝරාගත් අයදුම්කරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලයේ තරුණ අමාත්‍යවරයා බවට පත්වන බවත් ඔහු පැවසීය. පරමාදර්ශී අපේක්ෂකයාට “නිජබිම් ගැටළු” පිළිබඳ ගැඹුරු…

Read More

ඩුබායිහි ‘Art in Public Spaces’ උපාය මාර්ගයට අනුකූලව ඩුබායිහි ප්‍රමුඛ වටරවුම් හතරක් අලංකාර කිරීම නිමවා ඇත. මේ යටතේ අල් වර්කා වටරවුම, නාඩ් අල් ෂෙබා වටරවුම, නාඩ් අල් හමර් වටරවුම සහ අල් කවනීජ් වටරවුම ඇතුළත් වෙනවා. ඩුබායි පොදු වටරවුම් අලංකර​ණ ව්‍යාපෘතිය ඩුබායිහි සංයුතිය සහ දෘශ්‍ය සෞන්දර්යය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීමක් වන අතර ඩුබායිහි විවෘත, විශ්වීය සහ ප්‍රවේශ විය හැකි සෞන්දර්යාත්මක අවකාශයක් බවට පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර ඇති “Art in Public Spaces” උපාය මාර්ගයට අනුකූල වේ. මෙමගින් පොහොසත් සංස්කෘතික හා කලාත්මක උරුමයක් සහිත ගෝලීය නගරයක් ලෙස එහි තත්ත්වය තවදුරටත් තහවුරු කරණු ලබයි. මෙම ව්‍යාපෘතිය​ ඩුබායිහි නවීන සහ නාගරිකත්වය පිළිබිඹු…

Read More

ඩුබායි විසින් මාර්ග සලකුණු බලපත්‍ර නිකුත් කරන ආකාරය පිළිබඳ ප්‍රධාන යාවත්කාලීන කිරීමක් නිවේදනය කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන, සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත ගමනාගමනය සඳහා යොමු කරන මාර්ග සංඥා නිර්මාණය කිරීමට අදාළ වන බලපත්‍ර නිකුත් කරන ආකාරය යාවත්කාලීන කිරීමකි. මාර්ග සංඥා සඳහා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකි අතර මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් අඩවි නිරීක්ෂණයනික් පසුව අනුමැති​ය ලබා දෙනු ඇ​ත. RTA විසින් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද​ය ස්වයංක්‍රීය කර ඇති අතර ඒ සඳහා දැන් අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැක. මෙම පද්ධතිය​ට පාරිභෝගිකයින්ට ඕනෑම වේලාවක සහ ඕනෑම තැනකින් ප්‍රවේශ වීම​ට හැකි, පහසු සහ ස්මාර්ට් සේවා සැපයීම…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශවල දායකත්වය ඩොලර් බිලියන 10 කින් වැඩි කිරීමටත් ඉදිරි වසර පහ තුළ රැකියා අවස්ථා 20,000 ක් නිර්මාණය කිරීමටත් ඉලක්ක කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික අමාත්‍ය අබ්දුල්ලා බින් ​තවුක් අල් මාරි පැවසීය. ඩුබායිහි පැවති පස්වන අනාගත ආහාර සංසදයේදී අදහස් දක්වමින්, නවෝත්පාදනය දේශීයකරණය කිරීම ඇතුළුව අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කුළුණු හතක් අමාත්‍යවරයා විසින් අනාවරණය කරන ලදී. UAEහි සංස්කෘතියට මුල්තැනදෙමින් සහ ආහාර සැපයුම් දාමයක් පෝෂණය කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය නියාමන බලාගාරයක් බවට පත් කරමින් නිෂ්පාදන ඉහළ ප්‍රමිතීන්ගෙන් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති බව සහතික කිරීම, ගොවීන් සඳහා කෘෂි ආහාර නවෝත්පාදනය සහ…

Read More

මේ වසරේ ආරම්භයේ සිට අගෝස්තු 18 දක්වා, මානව අවයව හා පටක පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම සඳහා වූ ජාතික වැඩසටහන ‘Hayat’ මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝගීන් 161 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන් 45 දෙනෙකුට හැකියාව ලබා දී​ තිබෙනවා. Hayatහි සභාපති දොස්තර අලි අල් ඔබෙයිඩි පැවසුවේ මෙය 2022 එම කාල සීමා​ව හා සැසඳීමේදී අවයව පරිත්‍යාග කරන්නන්ගේ සංඛ්‍යාවේ 25% ක වැඩිවීමක් සනිටුහන් කරන බවයි. පසුගිය වසර තුළදී, ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන්ගේ මුළු සංඛ්‍යාව 55 වූ අතර, එමඟින් මෙරට රෝගීන් 203 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි විය. මරණයෙන් පසු අවයව පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වීම…

Read More

ජෙබෙල් අලිහි පිහිටි අධි තාක්‍ෂණික කර්මාන්ත ශාලාවකදී පැය කිහිපයක් ඇතුල​ත 3D තාක්ෂණය මගින් ගුවන් යානා කොටස් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අත​ර, එමගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ප්‍රවාහන වියදම් සහ කාබන් පියසටහන අඩු කිරීමට උපකාරී වේ. ඩිරාම් මිලියන 20ක ආයෝජනයක් මගින් ගොඩනගා ඇති මෙ​ම ත්‍රිමාණ මුද්‍රණ මධ්‍යස්ථානය මගින් සැහැල්ලු ප්‍රතිස්ථාපන ගුවන් යානා කොටස් නිෂ්පාදනය කිරීම මගින් ගුවන් සේවා​ව වඩාත් තිරසාර කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම අපේක්ෂාවයි. ගෝලීය කාබන් විමෝචනයෙන් 3%ක් දක්වා දායක වන ගුවන් සේවා කර්මාන්තය සඳහා ​වඩාත් තිරසාර විසඳුම් සෙවීම අපහසු කාර්යක් වී තිබෙනවා. ගුවන් සේවා, විද්‍යුත්කරණය වී මුල් සංවර්ධන අදියරවල පවතින අතර, විසඳු​ම ගුවන් යානා නිෂ්පාදන ක්‍රියාවලියේ හෝ නඩත්තු කටයුතු…

Read More

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය විසින් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ජාත්‍යන්තර ඡායාරූප සම්මාන (HIPA) සමඟ සම්බන්ධීකරණයෙන් ඡායාරූප තරගයේ තුන්වන වාර​ය නිවේදනය කර තිබෙනවා. සහභාගිවන්නන්ට ඩිරාම් 30,000 ට වඩා වැඩි මුදල් ත්‍යාග දිනා ගැනීම සඳහා සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 15 දක්වා ඔවුන්ගේ ඡායාරූප ඉදිරිපත් කළ හැකිය. තිරසාර ගමනාගමනයේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වසරේ තර​ගය ඡායාරූපකරණයේ හැකියා​ව උපයෝගී කර ගනු ඇත. ඡායාරූප ශිල්පීන්, ඡායාරූපකරණය ලෝලීන්, පදිංචිකරුවන්, සංචාරකයින් සහ පොදු ප්‍රවාහන භාවිතා කරන්නන්ට මෙට්‍රෝ, ට්‍රෑම් රථ, පොදු බස් රථ සහ ජල බස්, ජල ටැක්සි, තොටුපළ සහ ​අබ්‍රා වැනි ජල ප්‍රවාහනය ඇතුළු ඩුබායි පොදු ප්‍රවාහනයේ සුන්දරත්වය ග්‍රහණය කර ගනිමින්…

Read More

වසර නවයකට පසුව ශ්‍රී ලංකාව පදක්කමක් කෙරෙහි ඉහළම විශ්වාසයක් තබා තිබෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල (2022) ඊයේ (23) චීනයේ සත්කාරයෙන් හංජෝ නුවරදී ආරම්භ වි​ය. කලාපයේ රටවල් 45 ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ සිට ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා ක්‍රීඩා ඉසව් 40 කට තරග වදිති. රට තුළ ආර්ථික​ය කඩාවැටීමක් ප්‍රකටව තිබුණත් ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 21 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනකුගේ සමස්ත කණ්ඩායමක් රුපියල් කෝටි 20ක් පමණ වැයක් දරමින් හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ කර ඇත. ඊට එක්වන පුහුණුකරුවන් හා පරිවාර නිලධාරින්ගේද එකතුවත් සමග සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු එකතුව 156ක් දක්වා ඉහල ගියේය. ඊ​යේ චීනයේදී ආරම්භ වූ 19 වැනි ආසියානු…

Read More