Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව සැප්තැම්බර් 30 වැනිදා, 2023 ඔක්තෝබර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මි​ළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඉන්ධන වර්ග​යසැප්තැම්බර් සඳහා ලීටරයක මි​ලඔක්තෝබර් සඳහා ලීටරයක මි​ලSuper 98ඩිරාම් 3.42ඩිරාම් 3.44Special 95ඩිරාම් 3.31ඩිරාම් 3.33E-Plus 91ඩිරාම් 3.23ඩිරාම් 3.26ඩීසල්ඩිරාම් 3.40ඩිරාම් 3.57

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2023 තිරසාරත්වයේ වසර ලෙස සනිටුහන් කරන බැවින්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහි ප්‍රයත්නයන්ට දායක වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් නව අදහස් ඉදිරිපත් කොට තිබෙනවා. ඩුබායිහි COP28 සමුළුවට පෙර තිරසාරත්වය කේන්ද්‍රගත වන බැවින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට දේශීය බැංකුවක බැංකු ගිණුමක් විවෘත කිරීමෙන් ගසක් සිටුවීමෙන්ද දායකත්වය ලබා දිය හැකියි. ප්‍රමුඛ පෙළේ ෂරියාට අනුකූල ණය දෙන්නෙකු වන ඩුබායි ඉස්ලාමීය බැංකුව (DIB) පසුගියදා ප්‍රකාශ කළේ, විශේෂයෙන් පරිසරයට අදාළ ප්‍රජා මූලාරම්භයන්ට සහාය වීම සඳහා බැංකු ගිණුමක් විවෘත කරන සෑම නව ගනුදෙනුකරුවෙකු සඳහාම එක් ගසක් සිටුවන බවයි. සිත්ගන්නා කරුණ නම්, පාරිභෝගිකයින්ට ඔවුන් වෙනුවෙන් කැප කර ඇති ගස් පිළිබඳ නිශ්චිත…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අහිමිවීමේ රක්‍ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වීමේ අවසාන දිනය අද ව​න අත​ර, සේවකයින්ට යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණි. රැකියා ආරක්ෂණ යෝජනා ක්‍රමයට ලියාපදිංචි වීමට ප්‍රකාශයට පත් කරන ලද අවසාන දිනය වන ඔක්තෝබර් 1 ට පෙර සේවකයින් ලියාපදිංචි විය යුතු අත​ර එසේ නොකරන්නන් හ​ට දඩ මුදලක් ගෙවීමට සහ වෙනත් දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ. මෙම යෝජනා ක්‍රමය අඩු වියදම් සහ පහසු ක්‍රමයක් වන අතර, රැකියා අහිමිවීමකදී සේවකයින්ට යම් කාල සීමාවක් සඳහා මූල්‍ය ආධාර ලබා ගත හැක. දඩ නියමිත දිනට පෙර යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි නොවන සුදුසුකම් ලත් සේවකයින්ට ඩිරාම් 400 දඩයක්…

Read More

ඩුබායි පොලිසිය විසින් දින දෙකක් තුළ නොසැලකිලිමත් ලෙස රියපැදවූ රියදුරන්​​ගේ වාහන 36ක් රාජසන්තක කොට ඇති අතර නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ස​ඳහා ඩිරාම් 50,000​ක දඩ මුදලක් අය කරන බව අනතුරු අඟවා තිබෙනවා. ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් මුහම්මද් අබ්දුල්ලා ඛල්ෆාන් අල් කයිඩි ප්‍රකාශ කළේ රියදුරන් මාර්ග නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය දින දෙක තුළ රථවාහන මුර සංචාර මගින් වාහන 36ක් අත්අඩංගුවට ගත් බවයි. මෙම රියදුරන් විසින් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, තමාගේ හෝ අන් අයගේ ජීවිතයට අනතුරක් කිරීම, මාර්ග කැළඹීම් ඇති කිරීම, වාහනයේ එන්ජිම හෝ චැසිය අනවසරයෙන් වෙනස් කිරීම, නිවැසියන්ට බාධා කිරීම, නොපැහැදිලි අංක තහඩු සහ පොදු මාර්ගවල අපද්‍රව්‍ය දැමීම…

Read More

වසංගතයෙන් පසු දේපල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඩුබායිහි කීර්තිමත් ගෝල්ඩන් වීසා සඳහා පදිංචිකරුවන් වැඩි වැඩියෙන් සුදුසුකම් ලබනවා. කර්මාන්ත විධායකයින් පවසන්නේ නගර​යේ නිවාස මිල ඩිරාම් මිලියන 2 ඉක්මවා ඇති බැවින් නගර නිවාස ගැනුම්කරුවන් සියල්ලම පාහේ අවුරුදු 10-ක ගෝල්ඩන් වීසා සඳහා සුදුසුකම් ලබා ඇති බවත්ය. “ගෝල්ඩන් වීසා, විදේශීය ආයෝජකයින් සඳහා විශාලතම ආකර්ෂණයක් බවට පත්ව ඇත. වසර 10 ක වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා ඩිරාම් මිලියන 2 ක දේපලක් සොයා දෙන ලෙස අපෙන් ඉල්ලා සිටින ආයෝජකයින්ගෙන් අපි විමසීම් ලබමින් සිටිමු” ස්ප්‍රිංෆීල්ඩ් ප්‍රොපර්ටීස්හි ප්‍රධාන විධායක නිලධාරී ෆාරුක් සයිඩ් පැවසීය. ඩවුන්ටවුන්, පාම් ජුමෙයිරා සහ ඩුබායි හිල්ස්හි මහල් නිවාසවල මිල විශාල ලෙස වර්ධනය වී ඇති…

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය කඩුළු 7කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වීය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණී. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 64කදී ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ධංජනය ද සිල්වා පන්දු 79කදී ලකුණු 55ක් රැස්කර ගැනීමට සමත් විය. කුසල් පෙරේරා ලකුණු 34ක් රැස්කර ගෙන සිටියද ආබාධායට ලක්විය. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මහේදි හසන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයන් ඔක්තෝබර් පළමුදාට පෙර අනිවාර්ය රැකියා අහිමි රක්‍ෂණයක් සඳහා ලියාපදිංචි විය යුතු බව හෝ දඩයකට මුහුණ දිය යුතු බව මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) අනතුරු අඟවා තිබෙනවා. එමරාතීකරණ අමාත්‍යාංශය විසින් රැකියා විරහිත රක්‍ෂණ යෝජනා ක්‍රමය (ILOE) සඳහා සුදුසුකම් ඇති UAE පුරවැසියන්​ට සහ පදිංචිකරුවන්ට ඩිරාම් 400 ​ක දඩයක් වළක්වා ගැනීම සඳහා ඔක්තෝබර් 1 වැනිදාට පෙර පද්ධතිය තුළ ලියාපදිංචි වන ලෙසයි ඉල්ලා සිටියේ. මෑතකදී, ILOE නිවේදනය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන් 15කට වැඩි සංඛ්‍යාවක් සිටින නිදහස් කලාප සමාගම් සහ අර්ධ රාජ්‍ය ආයතනවලට තම සේවකයන් වෙනුවෙන් ‘මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයේ (MOHRE) ලියාපදිංචි නොවූ සමාගම්’ කාණ්ඩය යටතේ…

Read More

ඕමානයේ ජාතික ප්‍රවාහන සමාගමක් වන Mwasalat විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය බස් සේවාවන් ඔක්තෝම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා. සමාජ මාධ්‍ය වේදිකාවක් වන X වෙත නිවේදනය කරමින් සමාගම පැවසුවේ ඕමාන වැසියන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි සහ අල් අයින් වෙත සංචාරක සම්බන්ධතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කලේ Covid-19 වසංගතය හේතුවෙන් මෙ​ම සේවා තාවකාලිකව අත්හිටුවීමකින් පසුවයි. සේවාව නතර කිරීමට පෙර Mwasalat විසින් ඩුබායි සහ මස්කට් අතර මෙම බස් සේවාව ක්‍රියාත්මක​ව පැවතිණි. මස්කට් සිට අබුඩාබි දක්වා එක් දිශාවක​ට ප්‍රවේශ පත්‍රයක මිල ඕමාන් රියාල් 11.5…

Read More

නබිතුමාණන්ගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩු දිනයක් වන සැප්තැම්බර් 29 සිකුරාදා ඩුබායිහි පොදු වාහන නැවැත්වීම නොමිලේ භාවිතා කළ හැකිය. මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පැවසුවේ නොමිලේ වාහන නැවැත්වීම බහු මට්ටමේ පර්යන්ත සඳහා අදාළ නොවන බවයි. වාහන නැවැත්වීමේ ගාස්තු සැප්තැම්බර් 30 සෙනසුරාදා සිට යලි සක්‍රිය කෙරේ ප්‍රවාහන අධිකාරිය සිය සේවා කාලයෙහි වෙනස්කම්ද නිවේදනය කළේය. වෙනස්කම් අතර පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ගෙවන වාහන නැවැත්වීමේ කලාප, පොදු බස් රථ, මෙට්‍රෝ, ට්‍රෑම් රථ, සමුද්‍ර ප්‍රවාහනය සහ වාහන තාක්ෂණික පරීක්ෂණ සේවා මධ්‍යස්ථාන ආවරණය කරයි. Umm Ramool, Al Kafaf, Deira, Al Barsha සහ RTA ප්‍රධාන කාර්යාලයේ ඇති ස්මාර්ට් පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන සුපුරුදු පරිදි…

Read More

ජුනි මාසයේ ගිම්හානය සඳහා එහි දොරටු වසා දැමීමෙන් පසුව, ඩුබායි Miracle Garden මෙම සති අන්තයේ නැවත විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 1 වෙනි ඉරිදා එහි ගේට්ටු 12 වන වාරය සඳහා නිල වශයෙන් නැවත විවෘත කරන බව Miracle Garden මාධ්‍ය වෙත තහවුරු කළේය. සෑම වසරක​ම, ශීත සෘතුව ආරම්භයේදී කාලගුණය සිසිල් වීමට පටන් ගන්නා විට, ඩුබායි Miracle Garden දොරටු නැවත විවෘත වේ. මිලියන 150කට වඩා මල් පිපී ඇති මෙම වර්ග මීටර් 72,000 පුරා විහිදෙන පාරාදීසය 2013 පෙබරවාරි 14 වැනි දින වැලන්ටයින් දිනයේ ප්‍රථම වරට විවෘත වූ දා සිට කලාපයේ වඩාත් සුන්දර, මිහිරි සුවඳ සහිත ගමනාන්තයක් බවට පත් වී ඇත. ඩුබායි Miracle Garden 2013…

Read More