Author: Stanly Kularathna

ඩුබායිහි, මාර්ග සහ ප්‍රවාහන අධිකාරි​ය (RTA) විසින් ඔවුනගේ පාරිභෝගිකයන්ට සපයනු ලබන සේවාවන් වේගවත්, පහසු සහ විධිමත් කිරීමට නව අති නවීන ස්මාර්ට් කියෝස්ක් 32ක් ඩුබායි නගරය පුරා ස්ථානග​ත කොට තිබෙනවා. වාහන ලියාපදිංචි කිරීමේ කාඩ්පත් අලුත් කිරීමට, වාහන නැවැත්වීමේ ගාස්තුවක් හෝ දඩයක් ගෙවීමට, නොල් කාඩ්පත නැවත ආරෝපණය (recharge) කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙම කියෝස්ක් හරහා සි​ය පාරිභෝගිකයන්ට ලබාදීම සිදුකෙරෙනවා. කියෝස්ක් මගින් විවිධ වර්ගයේ ඩිජිටල් සේවා 28ක් සපයන අතර මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පැය විසිහතර පුරාම ක්‍රියාත්මකව පවතී. නව කියෝස්ක් ඔවුන්ගේ පරිශීලකයින් සඳහා මුදල්, කාඩ්පත් සහ ස්මාර්ට් ෆෝන් මත NFC තාක්ෂණය හරහා ගෙවීම් ඇතුළු විවිධ ගෙවීම් විකල්ප සපයයි. RTA විසින්, පාරිභෝගිකයන්​ගේ සතුට ඉහළ…

Read More

ඩුබායි ගුවන් තොටුපළේ 3 වන පර්යන්තය භාවිතා කරන මගීන්ට මෙම වසර අගදී විදේශ ගමන් බලපත්‍ර රහිත ගමන් භුක්ති විඳිය හැකි අතර ජෛවමිතික සහ මුහුණු හඳුනාගැනීම ගෝලීය සංචාරවල නව සම්මතයක් බවට පත්වෙමින් පවතින බව නිලධාරියෙක් පැවසීය. එමිරේට්ස් ගුවන් සේවයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඇඩෙල් අහමඩ් අල් රෙඩා පැවසුවේ නොවැම්බර්-දෙසැම්බර් පමණ වන විට ගුවන් යානයට ගොඩවීම සඳහා මගීන්ට ඔවුන්ගේම අනන්‍යතාවය හරහා පිරික්සීමට පහසුකම් සැලසීමට ගුවන් සමාගමට හැකි වනු ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ සියළුම මගීන්ට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කළ හැකි බවයි. නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ (GDRFA) නියෝජ්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඔබයිඩ් මුහයිර් බින් සුරූර් පැවසුවේ,…

Read More

නිශ්චල දේපල විශේෂඥ නයිට් ෆ්‍රෑන්ක් විසින් ක​ළ පර්යේෂණය​කට අනු​ව UAE ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අළුතින් එක්වීමට නියමිත දැවැන්ත හෝටල් කාමර සංඛ්‍යාවත් සමඟ මේ වසර අවසන් වන වි​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් කාමර සංඛ්‍ය​ව 154,000 ක් දක්වා ​ඉහල යනු ඇ​ත. 2023 වසර අවසන් වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතර කාමර 9,200 ක් එක්ව​න අතර එය 2022 සිට 6.4% ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරයි. වැඩිවන හෝටල් කාමර සංඛ්‍යාව මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ඉහළ හෝටල් කාමර භාවි​ත අනුපාතයක් ද වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් වර්ධනය නයිට් ෆ්‍රෑන්ක්හි මෙනා කලාප​යෙහි සහකරු සහ සමීක්ෂණ ප්‍රධානී ෆයිසාල් ඩුරානි පැවසුවේ, “එක්සත් අරාබි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වර​ට ඩුබායි වරාය විසින් ජලය මත පාවෙන අපද්‍රව්‍ය එකතුකරන PixieDrone හඳුන්වාදීම නිවේදනය කොට තිබෙනවා. වීඩියෝ කැමරාවක් සහ දුරස්ථ සංවේදක Lidar තාක්‍ෂණයෙන් සවි කර ඇති PixieDrone හට කාබනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, කඩදාසි, රෙදි, රබර් සහ තවත් දේ ඇතුළු අපද්‍රව්‍ය වර්ග කිරීමටත් කුඩා ප්‍රදේශ සහ අවකාශයන් වෙත ප්‍රවේශ වීමටත් හැකියාව ඇ​ත. එය​ට ලීටර් 160 දක්වා එකතු කිරීමේ ධාරිතාවක් ඇති අතර, ස්වයංක්‍රීය මාදිලි​ය පැය හයක් දක්වා ක්‍රියාත්මක වේ. එය සාග​ර ජලයේ සහ මිරිදි​යේ ඇති අපද්‍රවය දෙවර්ගය සඳහාම යෝග්‍යවන අයුරින් නිර්මාණය කොට ඇ​ත. තාක්ෂණික නවෝත්පාදනයේ සහ කාර්යක්ෂමතාවයේ සලකුණක් වන මෙම පාවෙන අපද්‍රව්‍ය එකතු කරන්නා දුරස්ථ පාලක ස්වයංක්‍රීය ඩ්‍රෝන…

Read More

2023 සැප්තැම්බර් 17 වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 970,006 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාවකින් කියා සිටී. 2023 සැප්තැම්බර් මාසයේ මුල් දින 17 තුළ දී විදෙස් සංචාරකයින් 65,688 ක් මෙරටට පැමිණ ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව මෙම දින 17 තුළ සංචාරක පැමිණීමෙහි දෛනික සාමාන්‍ය 3,800 ක් පමණ වන අතර එම ගණනයන්ට අනුව ඉදිරි දින 8 ක කාලයක් තුළ දී තවත් සංචාරකයින් 30,000 ක් පමණ මෙරටට පැමිණියහොත් සැප්තැම්බර් 25 දිනයේ දී දශලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කළ හැකිය. 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්…

Read More

ප්‍රජාසංවර්ධන අරමුදල් ගොඩනැගීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​න සුභසාධ​ක සංගමය ස​හ ශ්‍රී ලාංකික ප්‍රජාව හා එක්ව සංවිධානය කරනු ලැබූ “සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ පසුගිය 17 වෙනිදා අල් කුස්හි INSPORTZ CLUB හි දවස පුරා අතිසාර්ථක​ව පවත්වනු ලැබුවා. මෙම තරගාවලිය විවෘ​ත, කාන්තා සහ ​ජ්‍යෙෂ්ට වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැත්වූ අත​ර තරගාවලි​ය සඳහා විවෘත කාණ්ඩයට කණ්ඩායම් 15ක්, කාන්තා කාණ්ඩයට කණ්ඩායම් 6ක් ස​හ ​ජ්‍යෙෂ්ට කාණ්ඩයට කණ්ඩායම් 4ක් වශයෙන්​ කණ්ඩායම් 25ක් ශූරතාවලි​ය​ සඳහා තර​​ග වැදුනා. වීවෘ​ත කාණ්ඩය යටතේ පැවති තරග අතරින් ශූරතාවය City Star කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අත​ර අනුශූරතාවය Finwin කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. මෙම කාණ්ඩය යටතේ හොඳම පන්ඳු යැවීම සඳහා…

Read More

එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් සමාගම් දෙකෙහිම මගීන්ගේ සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙම හවුල්කාරිත්වය මගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, තනි ප්‍රවේශ පත්‍රයක් භාවිතා කර ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් හැකි වේ. එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15ක් අන්තර්මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගමන් සඳහා ටිකට්පත්​ද දැන් විකිණීමට ඇත. එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ජාල ගණුදෙනුව ඉන්ටර්ලයින් ජාලයට, මාලදිවයිනේ ගැන් දූපතට අමතරව නව ඉන්දියානු ගමනාන්ත දෙකක් වන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන් ඔක්තෝබර් පළමුදාට පෙර අනිවාර්ය රැකියා අහිමි රක්‍ෂණයක් සඳහා ලියාපදිංචි විය යුතු බව හෝ දඩයකට මුහුණ දිය යුතු බව මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) අනතුරු අඟවා තිබෙනවා. එමරාතීකරණ අමාත්‍යාංශය විසින් රැකියා විරහිත රක්‍ෂණ යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ඇති UAE පුරවැසියන්​ට සහ පදිංචිකරුවන්ට ඩිරාම් 400 ​ක දඩයක් වළක්වා ගැනීම සඳහා ඔක්තෝබර් 1 වැනිදාට පෙර පද්ධතිය තුළ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටියේය. සේවා යෝජකයින්ට තම සේවකයින් පද්ධතිය තුළ ලියාපදිංචි කිරීමට විකල්පය ලබා දී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය, කෙසේ වෙතත්, “මෙම පද්ධතියට ඇතුලත්වීම හා පිරිවැය දැරීම සේවකයාගේ වගකීම මිස සේවායෝජකයාගේ නොවේ.” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණය…

Read More

ඩුබායි පදනම් කරගත් අඩුවියදම් ගුවන්සේවාවක් වන flydubai වාර්තාගත ගිම්හාන සමයක් වාර්තා කර ඇති අතර, 2023 ජූනි සහ සැප්තැම්බර් මැද භාගය අතර මගීන් මිලියන 4 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇත. මෙය 2022 එම කාල සීමාවට සාපේක්ෂව 30% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාර්යබහුල සමයේදී, flydubai විසින් රටවල් 52ක් පුරා ගමනාන්ත 120කට සංචාරකයින් සම්බන්ධ කරමින්, ගුවන් ගමන් 32,000කට වඩා පුළුල් ජාලයක් ක්‍රියාත්මක කළේය. “නිවැරදි නිෂ්පාදනයක් නියම වේලාවට ලබා දීමෙන් අපි නිදහස් වෙළඳාම සහ සංචාරක ප්‍රවාහයන් නිර්මාණය කිරීම නොකඩවා කරගෙන යන අත​ර නව සහ මීටපෙර අඩු පහසුකම් සහිත වෙලඳපොලවල් වෙත ප්‍රවේශ වීම කරනු ලැබුවා. එසේ කිරීමෙන්, මෙම ගිම්හානයේදී ඩුබායිහි ගුවන් මධ්‍යස්ථානය හරහා…

Read More

සාමාන්‍ය විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරි​ය (GPSSA) විසින් සපයනු ලබ​න සේවාවන්හි කොටසක් ලෙස, එහි පාර්ශවකරුවන්ට නිවැරදි සහ කාලෝචිත ගනුදෙනු සහතික කිරීමත් ඉහළම මට්ටමේ සේවා නොකඩවා සැපයීම​ත් සඳහා, ලියාපදිංචි ආයතන විසින් ඔවුන්ගේ එමරාති සේවක තොරතුරු සහ දත්ත විශ්‍රාම වැටුප් අධිකාරියේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය තුල නියමිත වේලාවට යාවත්කාලීන කිරීම කල යුතු​වේ. වැරදි දත්ත එමරාති සේවකයන් සඳහා සාවද්‍ය ගෙවීම්වලට තුඩු දිය හැකි බ​ව විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරි​ය පෙන්වා දෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශ්‍රාම වැටුප් ගෙවීම් ආයතන ඔවුන්ගේ එමරාති සේවකයින් පිළිබඳ විස්තර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරි​යෙහි වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති බවට සහතික විය යුතුය. සේවකයින් පිළිබඳ විස්තර ලෙස…

Read More