Author: Stanly Kularathna

ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) ඉදිරි දින 13 ක කාලය තුළ සංචාරකයින් මිලියන 3.3 ක විශ්මිත ප්‍රවාහයක් පිළිගැනීමට සූදානම් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් ඔවුන්ගේ ගිම්හාන නිවාඩුවෙන් පසු ආපසු ඩුබායි වෙත පැමිණෙ​න බැවින් මෙම සංඛ්‍යා අපේක්ෂා කෙරේ. ගුවන් තොටුපළට දිනකට සාමාන්‍යයෙන් සංචාරකයින් 258,000 ක් පැමිණෙන අතර එහි පර්යන්ත හරහා මිලියන භාගයක් පමණ සංචාරකයින් ගමන් කරන අතර එය අගෝස්තු 26 සහ 27 යන දිනවල උපරිමයට පැමිණේ. ඩුබායි ගුවන්තොටුපල සියලුම සංචාරකයින් සඳහා ගුවන් තොටුපල අත්දැකීම බාධාවකින් තොරව සහ කාර්යක්ෂමව පවතින බව සහතික කිරීම සඳහා ගුවන් සමාගම්, නියාමන බලධාරීන් මෙන්ම වාණිජ සහ සේවා හවුල්කරුවන් සමඟ සහයෝගයෙන්…

Read More

ලකුණු 38 ක් ඇතුළතදී කඩුළු 7 ක් බිම දැමූ තබ්රේස් ශම්සි (20/4) සහ සීකුගේ ප්‍රසන්න (14/3) දෙදෙනා LPL තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කැඳවාගෙන ගියහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයේදී ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත්හ. ශම්සි සහ සීකුගේ දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 74 කට සීමා වූ හෙයින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 8.3 කදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගියහ. මුළු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී ග්ලැඩියේටර්ස් පිලේ භානුක රාජපක්‍ෂ සහ ලිටන් දාස් දෙදෙනාම දැවී ගියද, ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 42) සහ සකිබ් අල් හසන් (නොදැවී 17) එක්ව ගෝල් ග්ලැඩියේටර්ස් පිල…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තු​වේ ලොග් ඉන් ක්‍රමයේ වෙනසක් ගැන වැසියන්ට නිවේදන​ය කොට තිබෙනවා. ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින් අධිකාරිය කියා සිටියේ මෙම වෙනස අගෝස්තු 31 වනදා සිදුවන බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට දැන් ඔවුන්ගේ සාමාන්‍ය පරිශීලක නාමය වෙනුව​ට ඔවුන්ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසර පත්‍රය (UAE pass) භාවිතා කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව​ට ලොග් විය හැකි බව එහි සඳහන් වේ. UAE Pass යෙදුම Apple Store සහ Google Play Store හි ඇත. එය ක්‍රියා කරන ආකාරය මෙසේ​ය: UAE Pass යෙදුම බාගත කළ පසු, පරිශීලකයින් ඔවුන්ගේ එමිරේට්ස් හැඳුනුම්පත scan කිරීමෙන්, දත්ත සත්‍යාපනය කිරීමෙන්, PIN අංකය සැකසීමෙන් සහ මුහුණ හඳුනාගැනීම හරහා ගිණුම…

Read More

දේපළ වෙළඳාම් සමාගමක් වන ඩබ්ලිව් කැපිටල්ට අනුව, ඩුබායි දේපල වෙලඳපොල ශක්තිමත් සහ තිරසාර වර්ධනයේ නව යුගයකට අවතීර්ණ වී ඇත, එය දේපල වෙළඳාම් ඉතිහාසයේ මෙතෙක් පැවති හොඳම කාලසීමාවක් වේ. දේපල වෙළඳාම් සමාගම පැවසුවේ, පරිමාව සහ වටිනාකම අනුව මෙම අංශය වාර්තාගත මට්ටමේ දේපල අලෙවියක් අත්විඳින බවයි. ඩොලර් බිලියන 60 කට වඩා වැඩි විකුණුම් සහිත මාස හතක කාලයකට පසුව දේපල වෙලඳපොල වෙන කවරදාටත් වඩා ශක්තිමත් බව ඩබ්ලිව් කැපිටල්හි ප්‍රධාන විධායක නිලධාරී Walid Al Zarooni පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ, “ආයෝජකයින්ගේ තේරීම් සහ දේපල වෙලඳපොලේ ආයෝජනය කිරීමට ඇති විකල්පයන් පුළුල් කිරීමට අනුකූලව මාසයෙන් මාසය​ට වාර්තාගත සංඛ්‍යාවන් සමඟින් ඩුබායිහි දේපල වෙලඳපොල කැපී පෙනෙන ඓතිහාසික කාර්ය සාධනයක්…

Read More

ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී හඳුන්වා දුන් නව නීති යටතේ ඩුබායි පොලිසිය වසරේ මුල් මාස හය තුළ බයිසිකල් සහ ඊ-ස්කූටර් 8,786 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඊ-ස්කූටර් හෝ වෙනත් විදුලි බයිසිකලයක් පදවන ඕනෑම අයෙකුට මාර්ග හා ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් තිබිය යුතු බව රෙගුලාසි වල සඳහන් වේ. වයස අවුරුදු 16 ට අඩු ධාවකයන්ට RTA මගින් නිශ්චිතව දක්වා ඇති විදුලි බයිසිකලයක්, ඊ-ස්කූටරයක් හෝ වෙනත් වර්ගයක බයිසිකලයක් ධාවනය කිරීමට අවසර නැත. බයිසිකල් සඳහා ඇති නීති රීති පිළිපැදීමට අපොහොසත් වීම, පළමු උල්ලංඝනය කිරීමෙන් වසරක් ඇතුළත නැවත නැවත උල්ලංඝනය කිරීම්වලදී දින 30 කට ඒවා රාජසන්තක කිරීමට සහ…

Read More

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ ද්විපාර්ශ්වික වෙළඳාමේදී ඔවුන්ගේ දේශීය මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කො​ට තිබෙනවා. ඉන්දියාවේ ප්‍රමුඛතම පිරිපහදු සමාගම වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC.NS) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාතික තෙල් සමාගමෙන් (ADNOC) තෙල් බැරල් මිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දියන් රුපියල් වලින් ගෙවීමක් කර ඇති බව වාර්තා කොට තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක් හරහා මෙම නිවේදනය නිකුත් කර ඇත. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර වෙළඳාම ඩොලර් බිලියන 50.5 පමණ වන අතර, 2030 වන විට එය ඩොලර් බිලියන 100 දක්වා ඉහල නැංවීමට ඉලක්ක කර ඇත. මෙය…

Read More

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර ඊ​යේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තර​ඟයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල කණ්ඩායම ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගනිමින් මූලික වටය නිමා කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය බී-ලව් කැන්ඩි කණ්ඩායමට ධනංජය ද සිල්වා ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධනංජය ඕවර 2 ක්…

Read More

පසුගිය දෙවසර තුළ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සැකකරුවන් 400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. 2021 සහ 2022 වසරවල මුදල් විශුද්ධිකරණය පිළිබඳ පැමිණිලි 521ක් ලැබී ඇති බව අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කර ඇති අතර, එමඟින් සැකකරුවන් 387 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී මුදල් ඩිරාම් බිලියන 4ක් (ඩොලර් බිලියන 1.1ක්) රාජසන්තක කර ඇත. වසර දෙකක පරීක්ෂණ ලොව පුරා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගයෙන් පවත්වන ලදී. නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අතිගරු ෂෙයික් Saif bin Zayed, විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය අතිගරු ෂෙයික් Abdullah bin Zayed විසින් මෙහෙයවන ලද මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල්…

Read More

වින්දිතයන් නොමඟ යැවීමේදී වංචාකරුවන් විසින් භාවිතා කරන විවිධ උපක්‍රමවලට එරෙහිව අබුඩාබි පොලිසිය නිවැසියන්ට අනතුරු ඇඟවීය. ඔන්ලයින් බැංකු සේවා සඳහා එක් වරක් භාවිත කරන මුරපද (OTP), ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පින් අංක​ය හෝ බැංකු කාඩ්පත් වල ආරක්‍ෂක අංකය (CCV) වැනි කිසිවකු සමඟ තම රහස්‍ය තොරතුරු බෙදා නොගන්නා ලෙස නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. බැංකු සේවකයන් කිසිවිටෙක ගනුදෙනුකරුවන්ගෙන් මෙම තොරතුරු නොවිමසන බවද පොලිසිය පෙන්වා දෙයි. අබුඩාබි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඔවුන්ගේ බැංකු තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටින නිර්නාමික පුද්ගලයින්ට ලැබෙන ඇමතුම් ඉක්මනින් වාර්තා කරන ලෙසයි. මෙම වංචනික ක්‍රමවලට එරෙහිව සටන් කිරීමට සහ ප්‍රජාව අවදානම්වලින් ආරක්ෂා කිරීමට පොලිසිය දරන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්​ට සහ ආභාධිත පුද්ගලයින් සඳහා මෙම අගෝස්තු 20 වනදා සි​ට වාහන නැවැත්වීමේ බලපත්‍ර සේවා​ව ඩිජිටල්කරණය කරමින් ස්මාර්ට් සේවාවක් ලබාදීමට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) කටයුතු කරමින් සිටී. මේ සඳහා බලපත්‍ර​ය මුද්‍රණය කිරීම ​හෝ ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත. සෑම බලපත්‍රයක​ටම වාහන 5ක් දක්වා එක් කිරීමට පරිශීලකයාට අවස්ථාව හිමිවන නව විශේෂාංගයක් සමඟ ස්මාර්ට් බලපත්‍රය පැමිණේ. බලපත්‍රය යටතේ එක් ප්‍රාථමික වාහනයක් සහ ද්විතීයික වාහන 4ක්, වෙබ් අඩවිය සහ RTA Dubai App හරහා වරකට එක් වාහනයක් බැගින් සක්‍රිය කළ හැකි​ය. මෙම මුලපිරීම හරහා, RTA සිය සේවාවන් ‘Smart City’ වැඩසටහනට අනුකූලව ස්මාර්ට් සහ ක්‍රියාශීලී ඒවා බවට පරිවර්තනය…

Read More