Author: Stanly Kularathna

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් සකස් කරන ලද අංග සම්පූර්ණ වාර්තාවකින් හෙළි වූ අන්දමට දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බවත්, ස්මාර්ට් ජංගම දුරකතන අධ්‍යාපනය ලැබීමේ හැකියාව අවම කිරීමට හේතු වී ඇති බවත් යුනෙස්කෝව ප්‍රකාශ කරයි. ඩිජිටල් තාක්ෂණය සහ “කෘත්‍රිම බුද්ධිය” සෑම විටම මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයට යටත්ව පැවතිය යුතු බව ත් “මිනිසා මූලික දර්ශනයක්” සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව මෙම ඩිජිටල් ජංගම දුරකතන තහනමෙන් පැහැදිලි වන…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා ප්‍රකාශ කළේ ඩුබායි සහ සාජා අතර ඩුබායි තොටුපළ හරහා සමුද්‍ර ප්‍රවාහන මාර්ගයේ මෙහෙයුම් අගෝස්තු 4 සිකුරාදා සිට නැවත ආරම්භ කිරීමට සූදානම් වන බවයි. සමුද්‍ර ප්‍රවාහන සේවය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා (සතියේ දිනවල) දිනකට ගමන් වාර අටක් සහ සිකුරාදා සිට ඉරිදා දක්වා (සති අන්තයේ) ගමන් වාර හයක් ක්‍රියාත්මක වෙනවා. ඩුබායි හා වෙනත් එමීර් ප්‍රදේ​ශ සම්බන්ධ කරන මෙම වර්ගයේ පළමු සමුද්‍ර සේවාව, සාජාහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සමඟ සහයෝගයෙන් ඩුබායි හි Al Ghubaiba Marine Station සහ සාජාහි Aquarium Marine Station අතර සේවය සලසයි. 2019 ජූලි මාසයේදී RTA විසින් ඩුබායි හි Al Ghubaiba Marine Station සහ…

Read More

වාහන නැවැත්වීම සඳහා ස්ථානයක් සොයමින් සිටින නමුත් හිස් ස්ථානයක් සොයාගත නොහැකි වූවි​ට පදික වේදිකාවේ හෝ නම් නොකළ ස්ථානයක වාහන නැවැත්වීම සඳහා ඩිරාම් 1,000 ​ක දඩයක් ගෙවීමට සිදුව​නබව පසුගියදා, ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් සමාජජාලාවෙ​ත මුදා හරින ලද වීඩියෝවක සඳහන් වෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රියදුරන් අහඹු ස්ථානවල වාහන නැවැත්වීමෙන් වළකින ලෙස හා වාහන නැවැත්වීමේදී නීති තුනක් මතක තබා ගත යුතු බවයි: සංඥා පුවරු නිල් සහ තැඹිලි වර්ණ වලින් යුත් අතර එමගින් දැක්වෙ​න ප්‍රදේශය මුදල් ගෙවා පොදු වාහන නැවැත්වීමේ ස්ථානයක් ලෙස හඳුනා ගත හැ​ක. සංඥා පුවරුවල කලාප අංකය සහ අක්ෂර මාලාවක් වන කේතය සහ සමහර විට ගෙවන වාහන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ ආදායම 2023 පළමු කාර්තුව සඳහා ඩිරාම් බිලියන115.6 ක් වූ බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පසුගියදා පෙන්වා දුන්නේය. රජයේ වියදම් ඩොලර් බිලියන 92.5 ක් වූ බව​ද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මුළු ආදායමට බදු ආදායමෙන් ඩිරාම් බිලියන 63.5, සමාජ දායකත්ව වලින් ඩිරාම් බිලියන 3.9 සහ දේපල ආදායම, භාණ්ඩ හා සේවා අලෙවිය, දඩ සහ දඬුවම් සහ වෙනත් වර්ගීකරණය කර නොමැති අනෙකුත් ආදායම් වලින් ඩිරාම් බිලියන 48.2 වෙනවා. මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, සේවක වැටුප්, භාණ්ඩ හා සේවා භාවිතය, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය, ගෙවන ලද පොලී, සහනාධාර, ප්‍රදාන, සමාජ ප්‍රතිලාභ සහ වෙනත් මූල්‍ය නොවන වත්කම්වල ශුද්ධ ආයෝජන සහ ජංගම වියදම්වලින් සමන්විත මුළු වියදම්වල…

Read More

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (Cop28) නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි Expo City හිදී පැවැත්වෙන අතර ඊට පෙර තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන හෝටල්වලට ඩුබායිහි තිරසාර සංචාරක ව්‍යාපාරයක් සඳහා දරන උත්සාහය ඇගයීම වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ මුද්දර පිරිනමනු ලබනවා. ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET) විසින් “ඩුබායි තිරසාර සංචාරක මුද්දරය” දියත් කරන බව නිවේදනය කර ඇත. එය ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුවෙහි (DET) “තිරසාරත්ව අවශ්‍යතා” වලට ඉහළම අනුකූලතාවයක් ඇති හෝටල් හඳුනා ගැනීමට උත්සාහ කරන නව තිරසාර මුලපිරීමකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර වසරට සමගාමීව දියත් කරන ලද මෙම මුලපිරීම, ප්‍රමුඛතම තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ඩුබායිහි තත්ත්වය ශක්තිමත් කිරීමට…

Read More

අබුඩාබි හි ගොඩනැගිලි සහ අනෙකුත් දේපල ගිනි ආරක්ෂාව සඳහා දක්වා ඇති දැඩි නීති අනුගමනය කළ යුතු අතර අනාවරක සහ ගිනි නිවීමේ පද්ධති සෑම විටම ක්‍රියාකාරී හොඳ තත්ත්වයේ පවතින බව සහතික විය යුතු​ය. අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය විසින් පසුගි​යදා බරපතල ආරක්ෂක උල්ලංඝනයක් පිළිබඳව වැසියන්ට සහ දේපල හිමියන්ට මතක් කරමින් උපදේශනයක් නිකුත් කළේය. ගිනි අනතුරු ඇඟවීමේ උපකරණ වලින් සමන්විත වීමට අමතරව, මෙම පද්ධති සඳහා ආයතන නඩත්තු කොන්ත්‍රාත්තුවක් තිබිය යුතු බව අධිකාරිය පවසයි. “ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති ස​හ උපාංග මෙන්​ම ගිනි නිවන පද්ධති සහ උපකරණ සඳහා​ද සිවිල් ආරක්ෂක අධිකාරිය විසින් අනුමත කරන ලද වලංගු නඩත්තු කොන්ත්‍රාත්තුවක් නොමැති වීම” සඳහා ඩිරාම් 10,000 ක දඩයක්…

Read More

ළඟදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ තීරයේ සවි කර ඇති කැමරාවලට නව කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්‍ෂණයක් එක්කිරීමෙන් ජීවිතාරක්ෂකයින්ට පිහිනන්නන් නිරීක්ෂණය කිරීමට සහ අවදානම් වේලාසන හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙනවා. ජල ආරක්ෂණ සහ ප්‍රථමාධාර සමාගමක් වන Blueguard සමඟ හවුල්කාරිත්වයෙන් මෙ​ම තාක්‍ෂණය වෙරළ තීරයන්හි යොදාගැන්මට ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි. “වෙරළේ කාර්යබහුල දිනක, මුහුදේ පිහිනන්නන් සිය ගණනක් සිටින අතර ජීවිතාරක්ෂකයින් සිටින්නේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකු පමණි” යනුවෙන් Blueguard හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ Luke Cunningham පැවසීය. “මෙම තාක්‍ෂණයට ජලයේ කොපමණ පිරිසක් සිටිනවාද, පිහිනන්නෙකු විපතට පත්ව සිටිනවාද යන්න හඳුනාගන්න පුළුවන්. මෙම තොරතුරු ජීවිතාරක්ෂකන් වෙත යවනු ලැබේ. Cunningham පවසන පරිදි, මෙම තාක්ෂණය මෙම වසර අවසන්…

Read More

Port City Colombo (PCC), ශ්‍රී ලංකාවේ වඩාත්ම අභිලාෂකාමී ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සහ අපනයන සේවා සඳහා කැප වූ රටේ පළමු විදේශ මුදල් නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය, තායි සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. ඒ අනුව තායිලන්තයේ බැංකොක් නුවරදී Port City Colombo සහ Thai-Sri Lanka Commerce (TSLCC) අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. PCC හරහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ තීරණාත්මක අවස්ථාවක් මෙම අවබෝධතා ගිවිසුම සනිටුහන් කරයි. ගිවිසුමේ පරමාර්ථය වන්නේ ජාතීන් දෙක අතර ව්‍යාපාර සංවර්ධනය සහ සහයෝගීතාවය සඳහා අවස්ථාවක් සපයමින් සහයෝගීතාවයට පහසුකම් සැලසීම…

Read More

පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වසරකදී සිදුකළ විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි ඇගයීම වන මවුන්ට් බැට්න් පදක්කම දිනාගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වූ කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ. 14 හැවිරිදි වියේ පසුවන කල්යා සැලකෙන්නේ මෙම වීරත්ව පදක්කම දිනාගත් ලාබාලතම තැනැත්තා ලෙසය. පසුගිය වසරේ අගෝස්තු මස 27 වනදා නවසීලන්තයේ සිටින ලාංකික දරුවන් දෙදෙනෙකු වූ කල්යා සහ කිත්මි නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය. එහිදී දෙසොහොයුරන් අතරින් වයස අවුරුදු 11ක් වූ බාල කිත්මි නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ. පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මිට මුහුදේ රළු ස්වභාවයත් සමග සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට…

Read More

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.  මෙම පිරිසට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු අයත්වන අතර එම පිරිස ජුලි 27ව​න දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ…

Read More