එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර ඊයේ අබුඩාබි සයිඩ් ක්රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්රිකට් තරගයෙන්ග ල්ෆ් ජයන්ට්ස් කන්ඩායමට කඩුලු 5 ක ජයක් ලැබුවා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායමට මුලින්ම පන්ඳු රැකීම තෝරාගත්තා.
එම්. අයි. එමිරේට්ස් කන්ඩායම පන්ඳු ඕවර 19.5 තුල සියල්ලන්ම දැවී ලකුණු 139 රැස්කලා.
පිලිතුරු ඉනිම ක්රීඩා කල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායමට සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5 කට ලකුණු 143 ලබාගනිමින් තරගයේ ජය වාර්ථා කලා.
අද පැවැත්වෙන තරගය
ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්රිකට් තරගය ඩුබායි ඉන්ටර්නැෂනල් ක්රිකට් ස්ටේඩියම් හිදී රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින්
- වනිඳු හසරංග
- මතීෂ පතිරණ
- දිනේෂ් චන්දිමාල් ක්රීඩා කිරීමට නියමිතයි
ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්
- දසුන් ශානක
- භානුක රාජපක්ෂ
- ඉසුරු උදාන
- නිරෝෂන් දික්වැල්ල
- චාමික කරුණාරත්න ක්රීඩා කිරීමට නියමිතයි
මෙම කන්ඩායම් දෙකටම ශ්රී ලාංකික ක්රීඩකයින් බහුතරයක් සහභාගී වන බැවින් මෙම තරගයද ශ්රී ලාංකික ක්රීඩාලෝලීන් අතර ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
අපේ ශ්රී ලාංකික ක්රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට සහ දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා කරන අතර ක්රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.