පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රයේ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය.

අනතුරුව පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත් වේ.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ නොවැම්බර් මස 21 වැනිදාය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 4 වැනි වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරේ.

Share.

Comments are closed.

Exit mobile version