Author: admin

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකළ සමීක්ෂණයනට අනුව මෙරට ආර් ථිකය ප්‍රතිසංස්කරණය කළ හැකි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බව අනාවරණය වී ඇත. ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කෙරෙහි ජනතා විශ්වාසය 56.6% වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 44.5% කි. ඊට අමතරව ආචාර් ය හර්ෂ ද සිල්වා 42.7% ද මහාචාර්ය රංජිත් බණ්ඩාර 24.7% ද පාඨලී චම්පික රණවක 23.1% ලබා ඇති බව අනාවරනය වී ඇත. ඊට අමතරව සිදුකළ තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ 56.8%ක් රට හැර යාමට කැමැත්තෙන් පසුවන බවත් 41.5% රට යාමට අකමැති බවත් තවත් 1.7%ක් තීරණයක් නොමැතිව සිටින බවත් ය.

Read More

පසුගිය වසරට සාපේක්ෂව සංචාරක කර් මාන්තයේ විශාල වර් ධනයක් පෙන්නුම් කරමින් ගත වූ මාස 11ක කාලය තුළ සංචාරකයන් හයලක්ෂ විසිහය දහස් අසූහය දෙනකු මෙරට සංචාරයේ නිරතව ඇති බව වාර් තා වෙනවා. ඒ අතරින් බහුතරය ඉන්දියානු සංචාරකයන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර් තාව හෙළිදරව් කරනවා.මේ වසරේ සංචාරක පැමිණීම සැලකීමේදී බ්‍රිතාන්‍යය දෙවැනි ස්ථානයටත්, රුසියාව තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි. කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ වැඩි පැමිණීම සටහන් කර ඇත්තේ රුසියානු සංචාරකයන්ය. නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම් පනස්හත් දහස් අටසිය විසිඅටක් ලෙස සටහන්ව ඇති අතර අවසන් සතියේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ. ඊට හේතුව වී ඇත්තේ සුඛෝපභෝගී සංචාරක නෞකා මෙරට සංචාරයට පැමිණීමය. 2021 වසරේ…

Read More

2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත. විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මුදලක් වන අතර, ගිය වසරේ මෙලෙස අය කර දෙන ලද මුදල රු. 8,945,900 කි. මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1080ක් ලැබී ඇති…

Read More

ශ්‍රී ලංකා රත්‍රං වෙළෙදපොළෙහි රන් භාණ්ඩවල මිලෙහි සීඝ්‍ර වැඩි වීමක් සිදුව තිබේ. ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි. රන් අවුන්ස Rs.652,385.00 කැරට් 24 ග්‍රෑම් 1 Rs.23,020.00කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.184,100.00 කැරට් 22 ග්‍රෑම් 1 Rs.21,110.00කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.168,850.00 කැරට් 21 ග්‍රෑම් 1 Rs.20,150.00කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) Rs.161,150.00

Read More

අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන්, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරතවෙන බව එම ප්‍රදේශවලින් වාර් තා වෙනවා. ඒ සඳහා ගොවි ජනතාව විසින් දර සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් ගිනිමැල ගසා ඇති බව වාර් තා වුනා.

Read More

ජාත්‍යන්තර ‘ටයිම්’ සඟරාව සෑම වසරකම ‘වසරේ පුද්ගලයා’ (Person of the Year) යනුවෙන් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ නම් කරනු ලබනවා. ‘2022 වසරේ පුද්ගලයා’ ලෙස ඔවුන් නම් කර ඇත්තේ මේ වනවිට යුද්ධයකට මැදි වී සිටින යුක්රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ ‘යුක්රේනයේ ජීව ගුණය’යි. ගෙවී ගිය වසරක කාලය තුළ ලෝකයට වැඩිම බලපෑමක් කළ පාර් ශ්වයක් මෙලෙස නම් කිරීමට ටයිම් සඟරාව කටයුතු කරයි. මෙහි දී ‘යුක්රේනයේ ජීව ගුණය’ ලෙස හඳුන්වා ඇත්තේ ලොව පුරා විසිර සිටින, තිරයෙන් පිටුපස සිට යුක්රේනය වෙනුවෙන් සටන් කළ යුක්රේනුවන් බව සඟරාවේ සංස්කාරක එඩ්වඩ් ෆෙල්සෙන්තාල් පවසා තිබිණි. සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීමට පෙර ප්‍රසිද්ධියට පත්ව සිටියේ විකට නළුවකු ලෙසිනි. ඔහු යුක්රේනයේ…

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීහු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම මෙය බව රේගු අධිකාරී නුවන් අබේනායක ප්‍රකාශ කර තිබේ.මෙම වැටලීම සිදු කර තිබෙන්නේ ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් ලබා දී තිබූ තොරතුරු මත යි.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පහත වැටී ඇති බවට ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ. දිවයින පුරා ප්‍රදේශ කිහිපයක මේ දිනවල දක්නට ලැබෙන මීදුම හෝ මීදුම් තත්ත්වය වායුගෝලයේ පවතින දූවිලි අංශු වැඩිවීම හේතුවෙන් සිදුවන්නක් බව එම සංවිධානය පවසයි.ඉන්දියාවෙන් හමා එන තද සුළං සමග ශ්‍රී ලංකාවේ වායු අවකාශය දූෂණය කරන දූවිලි අංශු ගලා ඒම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් බව ඔවුන් පවසයි. එක්සත් ජනපද වායු තත්ත්ව දර්ශකයට (AQI) අනුව බ්‍රහස්පතින්දා කොළඹ වාතයේ ගුණාත්මක භාවය 249ක් විය.AQI දර්ශකය කුරුණෑගල 291, යාපනය 280, වවුනියාව 251 සහ මහනුවර 214 විය. වාතයේ ගුණාත්මක භාවයට තවදුරටත් බලපෑම් එල්ල වන බව නිරීක්ෂණය…

Read More

රටක් ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක මෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේඛා පෙරේරා කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රසිද්ධියක් රදවාගත් ගායන ශිල්පීන් යුවලක්.රටක් ආදරය කරන මේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. එය ඩුබායිහීදී ඉතා චාම් ලෙස සමරන්නට යෙදුන අතර ඒ වස්ථාවට ඔවුන් දෙපල ඔවුන්ගේ ලගම යහළු යෙහෙලියන් කිහිප දෙනෙකු එක් කොට ගෙන තිබුණා.එදා පටන් අද වන තුරුත් සංගීත ලෝලීන් අතර මේ ආදරණීය යුවලට ඇත්තේ දැඩි ඇල්මක් හා ආදරයක්. මේ දෙපළ මෙන්ම ඔවුන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඔවුන් වගේම සංගීත ක්ෂේත්‍රයට යොමු වී ඔවුන්ගේම ආරයකට වෙනස්ම ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රයේ නමක් සහ ජනප්‍රියත්වයක් රදවාගන්නට හැකි වී…

Read More

එක්සත් අරාබි එමීර් මහ බැංකුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීතිරීතිවලට අනුකූල නොවීම සහ නිසි සැලකිල්ලක් නොදැක්වීමේ හේතුව මත විනිමය ආයතනයකට ඩොලර් මිලියන 1.925 ක දඩයක් නියම කොට තිබෙනවා. විනිමය හුවමාරු ආයතනයේ නම හෙළි නොකල අතර,මහ බැංකුව ප්‍රකාශ කළේ, “සමහර ව්‍යාපාරික සබඳතාවලට එළැඹීමට පෙර මහ බැංකුවෙන් අනුමැති ලිපි ලබා ගැනීමට විනිමය ආයතනය අපොහොසත් වූ” බව විමර්ශනයකින් හෙළි වීමෙන් පසුව සමාගමට මූල්‍ය සම්බාධක පැනවූ බවයි. සෑම වසරකම ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රේෂණ සහ මුදල් හුවමාරු කර් මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ හුවමාරු ආයතනයි. නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් මහ බැංකුව විසින් විනිමය ආයතනවලට මූල්‍ය සම්බාධක පැනවීමට තීරණය කොට තිබෙනවා. මහ…

Read More