Author: kumudika

ශ්‍රී ලංකාව පුරා මේ දිනවල වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව ,උණ ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දන ජීවන්දර මහතා කියා සිටී. මෙම රෝග තත්ත්වය චීනයෙන් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ සම්මිශ්‍රණයක් බව හෙතෙම අවධාරණය කලේය.කෙසේ වුවද චීනය තුල ව්‍යාප්ත වන නියුමෝනියා තත්ත්වය, ශ්‍රී ලංකාව තුල පැතිරී ගියහොත් එය හඳුනා ගැනීම සදහා අවශ්‍ය පරීක්ෂණාගාර රට තුළ තිබෙන බවද සඳහන් කරයි. වෛරසය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු නොමැත. උතුරු චීනයෙන් හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්වයක් පසුගිය 21 වනදා වාර්තා වූ අතර එම රෝගී තත්වය වාර්තා…

Read More

Rush events සාඩම්බරයෙන් පවත්වනු ලබන Ceylon food festival සැණකෙළිය දෙසැම්බර් 2, 3 දෙදින පුරා ඩුබායි Zabeel park ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට කටයුතු සැලසුම් කර තිබේ. ප්‍රථම වතාවට සංවිධානය වන මෙම සැණකෙළිය උදෑසන 10.00 සිට රාත්‍රි 11.00 දක්වා විවෘතව පවතී. Zabeel park හි ඇතුල්වීමේ දොරටු 1 හා 3 මගින් සියලු දෙනාටම සැණකෙලියට ප්‍රවේශ විය හැක. ශ්‍රී ලාංකේය සංගීත හඬ සමගින්, දේශීය ආහාර පාන රස විඳීමට සේම විවිධ තරඟ ඉසව් රැසක් ද විනෝදකාමීන් වෙනුවෙන් සූදානම්ය. දිවයිනේ සංගීත ලොවේ මං සළකුණු තැබූ Centigradz, Daddy සමගින් journey සංගීත කණ්ඩායමද , දිනේෂ් ගමගේ සමගින් kaizer kaiz ද සැණකෙළිය ගීතයෙන්,නාදයෙන් වර්ණවත් කිරීමට එක්වෙනු ඇත. චන්දන වික්‍රමසිංහයන්ගේ Feat…

Read More

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26) දහවල් 11.30 පමණ සිට ක්‍රියා විරහිත වී තිබේ. එම තත්ත්වය හේතුවෙන්, විදෙස් ගත වීමට පැමිණි විශාල ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ප්‍රකෝපකාරීව සිටි බවට වාර්තා විණි. ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබයි. නමුත් නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට ‍යන්ත්‍ර අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පවසා සිටියේය .එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර තිබෙන බව සඳහන්. ජාත්‍යන්තර පොලීසියේ යාන්ත්‍රික දෝෂ නිසා සිදුවන මන්දගාමී තත්ත්වයන්ද කටුනායක ගුවන් තොටුපොළ…

Read More

2024 වර්ෂයේ, ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කල අයවලුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.ඒ අනුව ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට ඇතැම් විට ඔවුන්ට සිදුවනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය. තවද ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ.

Read More

Black Friday දිනයෙන් ආරම්භ වන 3 day Super sale අත්දැකීම නොවැම්බර් 24 වන දා ආරම්භ වීමට නියමිතය.නොවැම්බර් 24 වන සිකුරාදා සිට 26 වන ඉරිදා දක්වා පුරා දින 3ක්, ඩුබායි හි ජනතාවට මෙම super sale වාසිය ලබා ගත හැකිය. මෙම තෙදින සුපිරි අලෙවියෙන් සිල්ලර වෙළෙන්දන් නිෂ්පාදන ‍රැසකට, සියයට 90ක් දක්වා වට්ටම් ලබා දෙනු ඇත. ඩුබායි පුරා වෙළඳසැල් 2,000කට වැඩි ගණනක් මීට සහභාගී වන අතර ජනප්‍රිය වෙළෙඳ සන්නාම 500කට අධික සංඛ්‍යාවක් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වේ. අබුඩාබි නගරයේද වෙළඳ ආයතන 27 කට වඩා වැඩි ප්‍රමාණයක්, 80% ක වට්ටම් ලබා දීමට සැලසුම් කර තිබෙන බව සදහන්ය.මෙම තුන්දින Super sale අත්දැකීම වසරකට දෙවරක් පැවැත්වෙන අතර…

Read More

ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා වන Changpeng Zhao, මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන බයිනෑන්ස් වෙත ඩොලර් බිලියන හතර හමාරකට ආසන්න මුදලක දඩයක් හා රාජසන්තක කිරීමට ද යටත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බයිනෑන්ස් විසින් ලොව පුරා සම්බාධක හා බදු මගහැරීමට උදව් කර ඇති බවයි.මෙම මුදල් හුවමාරුව හරහා ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන්ට මුදල් ගෙනයාම පහසු වී ඇත.මොහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිප්ටෝ මුදල් ඒකක වල වටිනාකම වේගයෙන් පහළ යමින් තිබේ

Read More

එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින සැමරීම සඳහා දෙසැම්බර් 2,3 යන දිනයන් රජයේ නිවාඩු දින බවට ප්‍රකාශයට පත් කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එම දිනයන් වැටුප් සහිත නිවාඩු දින බවට කැබිනට් නිවේදනයකින් දන්වා සිටී. මෙම දින සෙනසුරාදා හා ඉරිදා දිනයන් වන නිසා ඒවා දීර්ඝ නිවාඩු බවට පත් නොවේ. පසුගිය වසරේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දෙකේම සේවකයින්ට දෙසැම්බර් 1 දා අතිරේක නිවාඩු දිනයක් ලබා දුන් අතර ඒ පෙර දිවි පිදූ දිනය සැමරීම සඳහාය. 2022 වසරේදී ජාතික දින නිවාඩු දිනය සමග දින තුනක නිවාඩුවක් ජනතාවට හිමි විණි. මේ වසරේදී එම තත්ත්වය වෙනස් වන අතර ඒ අනුව දෙසැම්බර් 1 සිකුරාදා වැඩ කරන…

Read More

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) අධිවේගී මාර්ග වල සේවකයින් තම රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට  නොපැමිණ, වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත. උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කරයි.මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ නිසා අධිවේගී මාර්ගයේ රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරෙන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඔවුන් විසින් සිදු කරති.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,  චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පසුගිය සදුදා (20) පැවැත්විණි. ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත් මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය. සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන්ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට…

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කල අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය තව දුරටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කලේය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල හමුවේදී මේ පිළිබඳ නිවේදනයක් නිකුත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා ලෙස තවදුරටත් ෂම්මි ද සිල්වා මහතා පිළිගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබෙන අතර තහනම පැවතුනද ජාතික කණ්ඩායම සහභාගී වන තරඟාවලි සඳහා එයින් බලපෑමක් ඇති නොවන බවද…

Read More