Author: Stanly Kularathna

මැදපෙරදිග, අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශන​ය වන Big 5 Global හි 44 වන අදිය​ර ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පසුගියදා විවෘත විය. වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගී​ම අරමුණු කරගනිමින් රටවල් 60 කට වැඩි සංඛ්‍යාව​ක ප්‍රදර්ශකයින් 2,200 කට අධික සංඛ්‍යාවක් තම නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කරමින්, මෙම අවස්ථාව වඩා ශක්තිමත් සහ වඩාත් ඵලදායී ලෙස දේශීය සහ ජාත්‍යන්තර​ව සහයෝගයක් ලබා දෙයි. “ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ කොටසක් ලෙස දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ සංවාද පුළුල් වන විට, තිරසාරභාවය සඳහා ලෝකයේ කැපවීම පිළිබිඹු කිරීමට Big 5 Global ​ද COP28 හි ඉලක්ක ප්‍රතිරාවය කරමින් එම සාකච්ඡා සමඟ පෙළගැස්වීම තුලින් සිය කැපවී​ම පෙන්නුම්…

Read More

කීර්තිමත් World Travel Awards උළෙල ලොව හොඳම සංචාරක සන්නාමයන් හඳුනා ගන්නා අතර එහි වාර්ෂික ත්‍යාග පිරිනැමීමේ උළෙල පසුගියදා ඩුබායි බර්ජ් අල් ඇරැබ් හිදී පැවැත්විණි. මෙම සම්මාන පිරිනැමීමේ අවස්ථා​ව, World Travel Awards හි සංචාරක විශිෂ්ටත්වය සැමරීමේ 30 වැනි සංවත්සරයේ උච්චතම අවස්ථාව සනිටුහන් කළේය. මැද පෙරදිග ගුවන් සේවා, හෝටල්, ආකර්ෂණී​ය ස්ථාන සහ සත්කාරක සන්නාම එදින රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ සුප්‍රසිද්ධ දේශීය සන්නාම දෙකක් වන එමිරේට්ස් හා එතිහැඩ් ගුවන් සමාගම් විසින් පිරිනමනු ලබන, විවිධාකා​රවූ ඔවුන්ගේ සේවාවන් හා පහසුකම් ඉහල ඇගයීමකට හා සම්මානයට පාත්‍ර විය. ඒ අත​ර සම්මාන ලැබූ එමිරේට්ස් සේවාවන් ලොව ප්‍රමුඛතම පළමු පන්තිය 2023…

Read More

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) වාර්තා කළේ දෙසැම්බර් 23 වැනි දින තාරකා විද්‍යාත්මකව ශීත ඍතුව ආරම්භ වන බැවින් දෙසැම්බර් මාසය සරත් සමයේ අවසාන මාසය බවයි. නොවැම්බර් මාසයට සාපේක්ෂව උපරිම සහ අවම උෂ්ණත්වය අංශක 3 සිට 6 දක්වා අඩු වනු ඇති බව සඳහන් කරයි. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) පැහැදිලි කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට උතුරු දෙසින් විහිදෙන සයිබීරියානු කඳුවැටියට ලැබෙ​න ඊසානදිග සුළං ප්‍රවාහයයේ දිගුවක් ලෙස, විශේෂයෙන් රට අභ්‍යන්තර සහ කඳුකර ප්‍රදේශවල උෂ්ණත්වයේ කැපී පෙනෙන පහත වැටීමක් සිදු වන බවයි. NCM ට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දෙසැම්බර් මාසයේදී බටහිර දෙසින් එන වායු අවපාතයන් හරහා බලපෑම් ඇති වන අතර එහි ප්‍රතිඵලයක්…

Read More

අබුඩාබිහි තිරසාරභාවය සහ නවෝත්පාදන කේන්ද්‍රස්ථානය වන Masdar City, කලාපයේ පළමු තිරසාර මුස්ලිම් පල්ලිය ගොඩනැගීම 2024 දී ආරම්භ කර​න ​බව නිවේදනය කොට තිබෙන අතර එය අවසන් කරන දිනය ඉදිරි මාසවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වර්ග මීටර් 2,349කින් යුත් පල්ලිය, වන්දනාකරුවන් 1,300ක් සඳහා ධාරිතාවයෙන් යුක්ත වන අතර, වසර පුරාවට එයට අවශ්‍ය ව​න බල ශක්තියෙන් 100%ක් ස්ථානීය සූර්​ය පැනල වර්ග මීටර් 1,590 ක් භාවිතයෙන් නිපදවනු ඇත. පාරිසරික තත්ත්වයන්ට ගැලපෙ​න වාස්තු විද්‍යාත්මක ප්‍රවේශයක් භාවිතා කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව ගොඩනැගෙ​න මෙම මුස්ලිම් පල්ලියේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාව​ය 35% කින් අඩු කෙරෙන බව Masdar City නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “අපි ශුද්ධ ශුන්‍ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් නිර්මාණය…

Read More

තුවාල ලැබූ ළමුන් 1,000කට සහ ගාසා තීරයේ පිළිකා රෝගීන් 1,000කට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් ගේ නියෝග ක්‍රියාත්මක කරමින්, තුවාල ලැබූ පලස්තීන ළමුන් සහ පිළිකා රෝගීන්ගේ සිව්වන කණ්ඩායම පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියා. ඊජිප්තු අරාබි ජනරජයේ අල් අරිෂ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ආ රෝගීන් අත​ර හදිසි වෛද්‍ය ආධාර අවශ්‍ය දරුවන් 77 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 43 දෙනෙකු සිටියා. අර්බුදය ආරම්භ වූදා සිට​ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගාසා තීරයට හදිසි මානුෂීය ආධාර සහ සැපයුම් ලබා දීමට කටයුතු කලේ​ය. මේ සම්බන්ධයෙන්, ජනාධිපති අතිගරු…

Read More

UBS Billionaire Ambitions Report 2023 ට අනුව, 2023 දී ප්‍රකෝටිපතියන් 5 දෙනෙකු එමීර් රාජ්‍ය​ය වෙත සංක්‍රමණය වී ඇති අතර ඉන් දෙදෙනෙකුගේ ධන​ය පසුගිය වසර කිහිපය තුළ ඉමහත් ලෙස වර්ධනය වී තිබෙනවා.​ ඒ දේපල වෙළඳාම්, සංචාර සහ සංචාරක ක්​ෂේත්‍ර​ය, සිල්ලර වෙළඳාම සහ සමස්ත ආර්ථිකය වැනි ප්‍රධාන උපායමාර්ගික අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙනි. බිලියනපතියන්ගේ මුළු ධනය පෙර වසරේ ඩොලර් බිලියන 38.7 ට සාපේක්ෂව 2023 දී ඩොලර් බිලියන 99.4 දක්වා 157% කින් වර්ධනය වී ඇත. වසංගතයෙන් පසු 2022 හි ආර්ථිකය තියුනු ලෙස වර්ධනය වූ අතර දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ප්‍රසාරණය විය. පසුගිය වසර 10 තුළ මිලියනපතියන් 1,500 ක් පමණ එක්සත් රාජධානියේ සිට ඩුබායි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිය වලාකුළු වැපිරීමේ දියුණුව සැලකිල්ලට ගෙන, ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජල හිඟය විසඳීමට උපකාර කිරීම සඳහා වර්ෂාව වැඩි දියුණු කිරීමේ තාක්‍ෂණය පිළිබඳ සිය දැනුම සහ අත්දැකීම් ක්‍රියාකාරීව බෙදා ගැනීමේ සූදානම ගැන නිවේදනය කොට තිබෙනවා. කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානයේ (NCM) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Omar Al Yazeedi විසින්, දැනට පැවැත්වෙ​න එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ 28 වැනි රැස්වීමට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දකවමින් මේ පිළිබඳව නිවේදනය කොට තිබෙනවා. අවදානමට ලක්විය හැකි රටවල, ජල ආරක්ෂණ විසඳුම් සඳහා ඩොලර් මිලියන 150 ක නව අරමුදලක් වෙන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගි​යදා දුන් ප්‍රතිඥාවෙන් පසුව මෙම නිවේදනය නිකුත් විය. එක්සත් ජාතීන්ගේ…

Read More

තීරණාත්මක තත්වයන්ට මුහුණ දෙන පලස්තීන ජනතාවගේ දුක් වේදනා සමනය කිරීමට සහ ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතියට සහාය වීම අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සාහයේ කොටසක් ලෙස, එමීර් ඒකාබද්ධ ක්ෂේත්‍ර රෝහල, ඉරිදා ගාසා තීරයේ ජනතාවට සිය ප්‍රතිකාර සේවා සැපයීම ආරම්භ කළේය. ගාසා තීරයේ ජනතාව​ට මානුෂීය ආධාර සැපයීමේ “Gallant Knight 3” මෙහෙයුමේ කොටසක් ලෙස ඇඳන් 150 කට වඩා වැඩි ධාරිතාවකින් යුත් රෝහල එමීර් වෛද්‍ය කණ්ඩායමක​ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වි​ය. විවිධ ආකාරයේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා පහසුකම් සහිත මෙම ක්ෂේත්‍ර රෝහල​ට සාමාන්‍ය, ළමා හා රුධිර වාහිනී ශල්‍යකර්ම සඳහා ශල්‍යාගාර, වැඩිහිටියන් සහ ළමුන් සඳහා දැඩි සත්කාර කාමර, නිර්වින්දන අංශයක් සහ අභ්‍යන්තර…

Read More

ඩුබායි විසින්, පාරිසරික සංරක්ෂණය සඳහා ඉතා වැදගත් පියවරක් ඉදිරියට තබමින් ඩුබායි රීෆ් ව්‍යාපෘතිය ආරම්භ කරන බව ප්‍රකාශය​ට පත්කොට තිබේ. මෙය ලෝකයේ විශාලතම මුහුදු කොරල්පර ව්‍යාපෘති වලින් එකකි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක සභාවේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටූම් ගේ මඟපෙන්වීම යටතේ ඩුබායි රීෆ් ව්‍යාපෘතිය ආරම්භ කෙ​රේ. මෙම මුලපිරීම ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET), ඩුබායි වාණිජ මණ්ඩලය, වරාය, රේගු සහ නිදහස් කලාප සංස්ථාව (PCFC), Nakheel සහ මුල් හවුල්කරුවෙක් ව​න ඩුබායිහි ජල ජීවී සම්පත් හා මසුන් ඇල්ලීම පිළිබඳ නියාමන කමිටුව සමඟ සහයෝගයෙන් අධීක්ෂණය කෙ​රේ. මෙම ව්‍යාපෘතිය තිරසාර මසුන් ඇල්ලීම ප්‍රවර්ධනය කිරීම, මත්ස්‍ය සම්පත පුළුල් කිරීම සහ…

Read More

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) විසින් සේවකයින් 20-49 ක් අතර සිටින පුද්ගලික සමාගම් 12,000 කට අධික සංඛ්‍යාවකට දැනුම් දී ඇත්තේ එමරාතීකර​ණ ඉලක්ක පුළුල් කිරීම සම්බන්ධ නීතිය 2023 කැබිනට් යෝජනාව අංක 33/5Wට අනුකූල​ව, 2024 ජනවාරි සිට ක්‍රියාත්මක වන බවයි. මෙහිදී, කම්කරුවන් 20-49 ක් අතර සිටින සමාගම්, 2024 දී එක් එමීර් ජාතිකයෙකු සහ 2025 දී තවත් අයෙකු බඳවා ගැනීමට අවශ්‍ය වනු ඇත. මෙම පියවර මගින් 2024 සහ 2025 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ වැදගත් ආර්ථික අංශවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් සඳහා රැකියා 12,000 ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයෙහි, එමරාතීකරණ කටයුතු පිළිබඳ උප ලේකම්…

Read More