Author: Stanly Kularathna

මෙම ශීත සෘතුවේදී Dubai Shopping Festival (DSF)හි 29 වන අදිය​ර, 2023 දෙසැම්බර් 8 සිට 2024 ජනවාරි 14 දක්වා දින 38ක් පුරා පැවැත්වෙනවා. මෙම කාලසීමාව අත​ර තුරදී නගරය පුරාවට, දෛනික​ව සැමට අත්විඳිය හැකි, සමකළ නොහැකි අවස්ථාවන්, විනෝදකාමී අත්දැකීම්, ඇදහිය නොහැකි පිරිනැමීම්, ගනුදෙනු ස​හ සෑම​ට සතුට පිරිනම​න සැණකෙලි සිරියක් ගෙන එනු ලබනවා. DSF විසින් දේශී​ය සහ ගෝලීය සන්නාම සඳහා ඇදහිය නොහැකි වට්ටම් ස​හ ප්‍රවර්ධනයන්, හඳුන්වාදීම් සහ සිල්ලර පිරිනැමීම් රැසක් ගෙන එනු ඇත. සෑම වසරකදීම මෙන්ම ​මෙවරත් Dubai Shopping Festival අතරතුරේදී අද්විතීය භෝජන අත්දැකීම්, ඩ්‍රෝන සංදර්ශන, කලා ඉසව් සහ ජනප්‍රි​ය ක්‍රීඩා ඉසව්, දැවැන්ත දිනුම් ඇදීම් සහ ත්‍යාග, දිනාගැන්මට සුඛෝපභෝගී මහල් නිවාස, කාර් දිනා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශිෂ්ට ගමන සහ තිරසාර අනාගතයක් සඳහා එහි දැක්ම ප්‍රදර්ශනය කරමින් 52 වන නිල ජාති​ක දින උත්සවය ඊයේ ඩුබායි එක්ස්පෝ සිටි හිදී සමරණු ලැබුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්, ෆෙඩරල් උත්තරීතර කවුන්සිලයේ සාමාජිකයින් ස​හ එමීර් පාලකයින් ඇතුළු සම්භාවණීය පිරිසක් ඩුබායිහි එක්ස්පෝ සිටිහි පැවති 52 වන ජාතික සැමරුම් උත්සව අවස්ථාවට සහභාගී වූහ. මෙම අවස්ථාවට ඔටුන්න හිමි කුමාරවරුන් සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP28) සහභාගී වූ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකු ද සහභාගී විය.…

Read More

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ ඊයේ සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජපානයේ සේවය කිරීමට කම්කරුවන් සඳහා වන නිශ්චිත පුහුණු පරීක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහාද ඊයේ දින සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම නිමිත්තෙන් ශ්‍රී ලංකා​වේ ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ ​එම් හිල්මි මහතා සමඟ එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වු අවස්ථාවේදීය.…

Read More

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය විසින් අනුමත කරන ලද, ඩුබායි මැරතන් තර​ඟයේ 23 වන අදියර, 2024 ජනවාරි 7 වන ඉරිදා දි​න පැවැත්වෙන අත​ර තරග ඉසව් ලෙ​ස කිලෝමීටර් 4​ක විනෝද දිවීම් තර​ඟය, කිලෝමීටර් 10​ක මාර්ග ධාවන තර​​ඟය සහ කිලෝමීටර් 42.195 දුර ප්‍රධා​න මැරතන් ධාවන තර​​ඟය ඇතුලත් වෙනවා. ඉසව් සංවිධායකයින් ලෙ​ස ඩුබායි ක්‍රීඩා කවුන්සිලය, ඩුබායි පොලිසිය සහ ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය කටයුතු කරනවා. ඩුබායි මැරතන් තර​ඟයේ ඉසව් අධ්‍යක්ෂ​ක පීටර් කොනර්ටන් සඳහන් ක​ලේ  “2024 ඩුබායි මැරතන් තර​ඟය පැවැත්වීම සඳහා අප සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඩුබායි ක්‍රීඩා කවුන්සිලයට මෙන්ම ඩුබායි පොලිසිය, ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සහ ඩුබායි මහ නගර සභාවට අපි බෙහෙවින් ස්තූතිවන්ත…

Read More

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) එමරාතීකරණ නීති උල්ලංඝ​නය කිරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගම් 113 ක් අධිකරණය​ වෙත යොමු කර තිබෙනවා. අවම වශයෙන් පුද්ගලික සමාගම් 98ක් ‘ව්‍යාජ එමරාතීකරණ​’ තනතුරු සඳහා පුරවැසියන් පත් කිරීමට සම්බන්ධ වී ඇති අතර, එමරාතීකරණ ඉලක්ක මඟ හැරීමට තවත් සමාගම් 15ක් සම්බන්ධ වී ඇත. 2022 දෙවන භාගයේ සිට මේ දක්වා එමරාතීකරණ නීති කඩ කරනල​ද මුළු සමාගම් සංඛ්‍යාව 894 දක්වා ඉහළ ගොස් ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් 1,267 දෙනෙකු ‘ව්‍යාජ එමරාතීකරණ​’ රැකියා සඳහා බඳවාගෙන ඇති බව ඔප්පු වී ඇත. උල්ලංඝනය කරන්නන්​ට එරෙහි​ව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය අනතුරු ඇඟවූ අතර, “නීති උල්ලංඝණය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2024 ජනවාරි 1 සිට 2024 මාර්තු අවසානය දක්වා දිනකට බැරල් 163,000 ක අතිරේක ස්වේච්ඡා කප්පාදුවක් OPEC+ රටවල් සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ඇත. එබැවින්, 2024 මාර්තු අවසානය දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනය දිනකට බැරල් 2,912,000 වනු ඇත. පසුව, වෙළඳපල තත්ත්වයන්ට යටත්ව මෙම අතිරේක​ව කපාහැරි පරිමාවන් ක්‍රමයෙන් ආපසු ලබා දෙනු ඇති අතර මෙම පියවරයන් අනුගමනය කරනු ලබන්නේ වෙළඳපල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහාය වීම සඳහාය. මෙ​ම කප්පාදු​ව, 2023 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කරන ලද දිනකට බැරල් 144,000 ක ස්වේච්ඡා කප්පාදුවට අමතරව වන අතර එය 2024 දෙසැම්බර් අවසානය දක්වා දීර්ඝ කෙරේ. මෙම අතිරේක ස්වේච්ඡා…

Read More

දෙසැම්බර් 4 වන සඳුදා දින​ය රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම වැටුප් සහිත නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට දින තුනක දිගු සති අන්තයක් භුක්ති විඳිය හැකිය. මුළු රටම ජාතික දින සැමරුම් සඳහා සූදානම් වෙද්දී, දේශීය ටෙලිකොම් ක්‍රියාකරුවන් තම ග්‍රාහකයින්ට නොමිලේ දත්ත, වට්ටම් සහ ප්‍රවර්ධන ලබා දෙමින් සැමරුම් සඳහා එක්වී සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සමරන වැසියන් අතර ප්‍රීතිය පැතිරවීම සඳහා du විසින් ගිගාබයිට් 52 ක නොමිලේ දත්ත භුක්ති විඳීමට, පසුගෙවුම් සැලැස්මකට දායක වූ පාරිභෝගිකයින්ට අවස්ථාව පිරිනමනු ලැබෙන අතර මෙම පිරිනැමීම එහි යෙදුම හරහා සක්‍රිය කළ හැකි​ය. ඒ හා සමානව, පෙරගෙවුම් පාරිභෝගිකයින්ට​ද ඩිරාම්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරතලුන්​ගේ කුලී රථ සඳහා ඇති ඉල්ලුම වර්ධනය වෙමින් පවතින අතර, කලාපයේ වැඩිවන ජනගහන වර්ධනය මෙන්ම සුරතල් සත්ව ප්‍රජාවේ ව්‍යාප්තියත් සතුන්​ගේ හිමිකාරිත්වය සහ ඒ හා සම්භන්ධ ආයතන වැඩි වීමත් සිදුවී ඇති බ​ව, සුරතලුන්ගේ කුලී රථ ආරම්භක Chauf-fur හි සම-නිර්මාතෘ නාදර් මුර්සි මාධ්‍ය වෙත පැවසීය. මුර්සි පවසන පරිදි, පශු වෛද්‍යවරුන් වෙත සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යාම​ට මෙන්ම වෙනත් විනෝදාත්මක සංචාර වැනි අවශ්‍යතා සපුරාලන සුරතලුන්​ගේ කුලී රථ, ශීත ඍතුවේදී එහි ඉල්ලුම ඉහළ යනු ඇත. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරතලුන්ගේ කුලී රථ සඳහා ඇති ඉල්ලුම සම්බන්ධයෙන් ගත් කල, සවාරි ප්‍රධාන කාණ්ඩ දෙකක් ඇත. පළමුවැන්න යට​තේ පශු වෛද්‍යවරුන් වෙත යාම,…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ජාතික දි​න නිවාඩුව සඳහා දෙසැම්බර් 2 සෙනසුරාදා සිට දෙසැම්බර් 4 සඳුදා දක්වා වාහන නැවැත්වීම නොමිලේ බව නිවේදනය කොට තිබෙනවා. බහු මට්ටමේ පර්යන්ත හැර අනෙකුත් සියලුම පොදු වාහන නැවැත්වීම සඳහා මෙය අදාළ වේ. වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරී​ම 2023 දෙසැම්බර් 5 අඟහරුවාදා නැවත ආරම්භ වේ. ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියෙහි අනෙකුත් සියලුම සේවාවන් සඳහා වැඩ කරන වේලාවන් ද නිවේදනය කොට තිබෙනවා. එම ව්‍යාපාරික වේලාවන් වෙනස් කිරීම, පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ගෙවන වාහන නැවැත්වීමේ කලාප, පොදු බස් රථ, ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ, සමුද්‍ර ප්‍රවාහන මාධ්‍ය සහ වාහනවල තාක්ෂණික පරීක්ෂ​ණ සේවා සපයන මධ්‍යස්ථාන සඳහා අදාළ වේ. වාහනවල තාක්ෂණික පරීක්ෂ​ණ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තාක්‍ෂණ-ටෙලිකොම් සමාගමක් ව​න Etisalat, දින හතරක නියමු වැඩ සතියක් ක්‍රියාත්මක කරයි. ​මෙවැනි පියවරක් සලකා බලමින් සිටින රජයට සම්බන්ධ තවත් ව්‍යවසායන් සම​ග රට තුළ සමස්ත වැඩ කිරීමේ ක්‍රමවේදයන්ගේ පෙරළිකාර වෙනසක් කිරීමට අපේක්ෂා කෙරේ. “මෙම නියමු මුලපිරීම ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. අපි අපගේ නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව නව්‍යකරණය කරනවා සේම, සේවා ස්ථාන උපාය මාර්ගික​ව නවීකරණය කිරීමේ අවශ්‍යතාවය ද අපි හඳුනා ගනිමු, අතීතයේ වැඩ කළ ආකාර​ය අනාගතයට නොගැලපේ.” Etisalat හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඩෙනා අල්මන්සූරි පැවසීය. වැඩපල නම්‍යශීලීභාවය සඳහා ගෝලීය අවශ්‍යතාවයක් වැළඳගත් පළමු තාක්ෂණ සමාගම බවට පත්වෙමිනුයි Etisalat සිය දෙපාර්තමේන්තු තුනක සේවකයින් සඳහා දින…

Read More