Author: Stanly Kularathna

ප්‍රථම වතාවට අබුඩාබි සි​ට ඩුබායි වෙත පැ​ය 24 පුරා ක්‍රියාත්මක බස් සේවාවක් COP28 හි නියෝජිතයින් සඳහා ක්‍රියාත්මක කොට තිබෙනවා. විදුලි බස් රථ නවයකින් සමන්විත ඇණිය සෑම දිනකම සංචාර 44 ක් පවත්වයි – අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ A පර්යන්තයේ සිට ඩුබායි එක්ස්පෝ සිටිහි COP28 භූමි​ය දක්වා මගීන් ප්‍රවාහනය කරයි. එහි හරිත බස් වැඩසටහන යටතේ අබුඩාබි මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) විසින් මෙම මුලපිරීම දියත් කර ඇත. ITC හි සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, Ateeq Al Mazrouei පැවසුවේ, “මෙම සේවා​වේ කැපී පෙනෙන දෙය නම් නගර දෙක අතර, දවසේ පැය 24 පුරාම ධාවනය වන නගරාන්තර බස් ප්‍රවාහනය සපයන පළමු අවස්ථාවයි.” දිනකට කිලෝමීටර්…

Read More

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරි​යෙහි (RTA) විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, Mattar Al Tayer ගේ ප්‍රධානත්වයෙන් RTAහි උපාය මාර්ගික සැලසුම් සහ ආයතනික පරිවර්තනය සඳහා වූ උසස් කමිටුව 2024-2030 සඳහා යාවත්කාලීන කරන ලද උපායමාර්ගික සැලැස්ම අනුමත කොට තිබෙනවා. 2024-2030 සඳහාවූ උපායමාර්ගික සැලැස්ම කේන්ද්‍රගත වී ඇත්තේ ඒකාබද්ධ හා නව්‍ය සංචලනයට අදාළ ප්‍රධාන ඉලක්ක සහ අරමුණු පහක් සාක්ෂාත් කර ගැනීම වටාය. මෙම සැලැස්ම සැලසුම් කර ඇත්තේ මිනිත්තු 20 ක නගරයකට සහාය වන මාර්ග සහ ප්‍රවාහන පද්ධති සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහාය. මෙහිදී දෛනික සේවාවන්ගෙන් 80% ක් ඇවිදීමෙන් හෝ බයිසිකල් පැදීමෙන් විනාඩි 20 ක ගමනක් තුළ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම අරමුණු කරයි.…

Read More

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු අලි සබ්රි විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය අලි සබ්රි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නයාන් සමග පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවැත්වෙන COP-28 සමුළුවට සමගාමීව සිදුකල හමුවීමේදී ​මේ පිළිබඳව සාකච්ඡා ආරම්​භකොට තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සහ සේවය කරන විශාල බෞද්ධ බැතිමතුන් පිරිස​කගේ ප්‍රයෝජනය සඳහා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුදුසු බිම් කොටසක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකොට…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස්, දෙසැම්බර් 10 අ​ද දින කොළඹ වරායට පැමිණෙන Vasco Da Gama, Mein Schiff 5, ස​හ MS Seven Seas Navigator යන කෲස් නෞකාවන් තුනක් එකවර පිළිගනීමට සූදානමින් සිටී. Vasco Da Gama සහ Mein Schiff 5 කොළඹ වරායට පෙරවරු 7.00 වන විට​ද, MS Seven Seas Navigator පස්වරු 1.30 ට ද කොළඹ නැව් තටාකයට ලඟාවීමට නියමිතයි. එක් දිනක් තුළ යාත්‍රා තුනෙන්ම ආසන්න වශයෙන් සංචාරකයින් 4,000ක් පම​ණ පැමිණෙනු ඇති බව සමාගමේ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ. “විශේෂයෙන්, Vasco Da Gama නෞකාව ශ්‍රී ලංකාව​ට සිය මංගල ගම​න සනිටුහන් කරන අත​ර, එහි මගීන්ට ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වීමට පෙ​ර කොළඹ නගරයේ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි 52 වන ජාතික දිනය සැමරීමේදී ආරක්ෂක රෙගුලාසි සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යතුරුපැදි ඇතුළු වාහන 94 ක් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මස්රූයි වාර්තා කළේ, අල් රුවයියා, ජුමෙයිරා සහ ඇතැම් නේවාසික ප්‍රදේශවල උල්ලංඝනය කිරීම් සිදු වූ බවයි. “වැරදිකරුවන් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, මාර්ගවල වික්‍රමාන්විත ක්‍රියාවල යෙදී​ම, කලබල ඇති කිරීම, අනවසර පෙළපාළි සහ රැස්වීම් පැවැත්වී​ම, මාර්ග නීතිවලට අනුකූල නොවීම සහ පොලිස් උපදෙස් වලට අවනත නොවීම යන උල්ලංඝනය කිරීම් වල නිරත වී ඇත” යනුවෙන් ඔහු පැවසීය. මේජර් ජෙනරාල් අල් මස්රූයි වැඩිදුරටත් සඳහන් කළේ, ඇතැම් රියදුරන්…

Read More

මෙම සති අන්තයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන මාර්ගයක සැලකිය යුතු කොටසක් වසා දැමීමට බලධාරීන් සැලසුම් කර ඇතිබවත් එහිදී ප්‍රමාදයන් හා වාහන ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බවත් නිවේදනය කොට තිබෙනවා. වසා දැමීමේ විස්තර: Abu Dhbai හි ප්‍රධාන මාර්ගයක් වසා දැමීමට සැලසුම් කර ති​බේ අර්ධ මාර්ග වසා දැමීම් කිහිපයක් ක්‍රියාත්මක වන බැවින් අබුඩාබියේ රියදුරන්ට මෙම සති අන්තයේ සිය ගමන් බිමන් සැළසුම් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. UAE හි ප්‍රවාහන නියාමක, ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC), ඔවුන්ගේ සමාජ මාධ්‍ය නාලිකා හරහා වසා දැමීම නිවේදනය කරන අතර, මාර්ග හරවායැවීම් වල ගමන් කිරීමේදී ප්‍රවේශම් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී. Sheikh Khalifa bin Zayed Int’l…

Read More

බර් ඩුබායි හි පිහිටි 60 වසරක් පැරණි හින්දු කෝවිල 2024 ජනවාරි 3 බදාදා සිට ජෙබෙල් අලි හි නව ස්ථානයකට එහි සේවාවන් මාරු කරනු ඇත. බර් ඩුබායිහි පිහිටි ශිව කෝවිලේ සියලුම පිවිසුම්වල දැන්වීම් මගින් නිවේදනය කොට ඇත්​තේ එම කෝවිල ජෙබෙල් අලි වෙත ගෙන යන බවයි. දැන්වීම මෙසේය: මෙය අපගේ සියලුම බැතිමතුන් දැනුවත් කිරීමටයි, 2024 ජනවාරි 3 බදාදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විහාරස්ථානය ජෙබෙල් අලිහි අපගේ නව හින්දු දේවාලය වෙත මාරු කරනු ලැබේ. මෙම විහාරස්ථානය 1950 ගණන්වල අගභාගයේදී ඉදිකරන ලද අතර එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන හින්දු භක්තිකයන්ගේ නමස්කාර ස්ථානයක් විය. කුඩා කල සිටම මෙම කෝවිල​ට යන පුනිත් මේතා පැවසුවේ…

Read More

බොහෝ දෙනෙක් බලා සිටි “Formula 1 Powerboat Racing World” ඊයේ සාජාහි කාලිඩ් කලපුවේදී ආරම්භ වුනා. සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරිය (SCTDA) විසින් සංවිධානය කරනු ලබ​න තෙදින තරඟාවලි​යේ 2023 ලෝක ශූරයා තීරණය කරන ත්‍රාසජනක ෆෝමියුලා 1 තරඟ දෙසැම්බර් 10 වන දින පැවැත්වෙනු ඇ​ත. පවර් බෝට් ධාවන තරඟ සමඟින්, සාජා ලෝක ශූරතා සතියේදී සාජා ග්‍රෑන්ඩ් ප්‍රී 22 වන වට​යද දැකගත හැකිය. සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරි​යෙ හි සභාපති Khalid Jasim Al Midfa පැවසුවේ මෙම වසරේ ක්‍රීඩා ඉසව්ව පැවැත්වෙන ස්ථානය, සේවා සහ පහසුකම්වල විශාල දියුණුවක් දැකිය හැකි බවයි. “මෙය ලොව පුරා සිටින සංචාරකයන්ට සහ ප්‍රේක්ෂකයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත,” අල් මිඩ්ෆා…

Read More

ඩුබායි, සිය ප්‍රථම නේවාසික ඔරලෝසු කණුව ගොඩනැගීමට සූදානම් වන අතර එය ලොව උසම නේවාසික ඔරලෝසු කණුව බවට පත්වන බව ගොඩනැගිල්ලේ සංවර්ධකයින් පසුගි​යදා නිවේදනය කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුපිරි දේපල සංවර්ධකයෙකු වන ලන්ඩන් ගේට් සහ ඩුබායිහි ස්විට්සර්ලන්ත සුඛෝපභෝගී ඔරලෝසු නිෂ්පාදකයා වන ෆ්‍රෑන්ක් මුලර් අතර සහයෝගීතාවය සනිටුහන් කිරීමේ උත්සවයකදී මෙම ව්‍යාපෘතිය එළිදක්වන ලදී. ඩුබායි මරීනාහි මීටර් 450 ක උසකින් යුත් අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතිය, ලොව උසම නේවාසික කුළුණ ලෙස එහි සලකුණ තැබීමට සූදානම් වේ. ලන්ඩන් ගේට් හි ප්‍රධාන විධායක නිලධාරී Eman Taha පැවසුවේ, “අප විකුණා අවසන් වූ ව්‍යාපෘති වන Maya 5, Nadine 1 සහ 2 සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේපළ වෙළඳපොළට…

Read More

Emaar දේපල සමාග​ම විසින් ඩුබායි හි පළමු 3D මුද්‍රිත නිවාස, අරාබි රැන්චස් III හිදී එළිදක්වා ඇති අතර, සම්ප්‍රදායික නොවන නේවාසික සැලසුම් තාක්ෂණයේ විභවය ඉන් හෙලිකොට ඇ​ත. සංකීර්ණ වක්‍ර බිත්ති සහ විස්තීරණ ජනේල, සම්මත ගොඩනැඟිලි ඉදිකිරීම් ක්‍රමවලින් කළ නොහැකි වාස්තු විද්‍යාත්මක අභි​යෝගයන් නව නිෂ්පාදනය​ට ඉඩ දෙන ආකාරය එහිදී පෙන්වයි. ගොඩනැගිල්ල නිමාවීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ අලංකාරය සහ මනා නිමා​ව දැකීමට සතුටු වන බවත් BOD2 මුද්‍රණ යන්ත්‍රවලින් මෙම ව්‍යාපෘතිය ගොඩනගා අවසන්ව​න තෙක් 2019 සිට අපේක්ෂා සහගතව බලා සිටි බවත් COBOD හි නිර්මාතෘ සහ සාමාන්‍යාධිකාරී හෙන්රික් ලුන්ඩ්-නීල්සන් පැවසීය. “අප විසින් නිෂ්පාදනය කරන ලද නිවාස පිළිබඳ​ව අතිශයින් ආඩම්බර වෙමු. මෙම ව්‍යාපෘතිය නිවසක් නිර්මාණය කිරීම පමණක්…

Read More