Author: Stanly Kularathna

WhatsApp, voice messages සඳහා “View Once” විශේෂාංගයක් පරීක්ෂා කරයි. යෙදුමේ බීටා අනුවාදය භාවිතා කරන Android සහ iOS භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය දැනට පරීක්ෂා කෙරේ. WhatsApp නිවේදනය කළේ පරිශීලකයාට දැන් සවන් දුන් පසු අතුරුදහන් වන හඬ පණිවිඩයක් යැවිය හැකි බවයි. එයින් පණිවිඩවලට තවත් රහස්‍යතාවයක් එක් කිරීම මගින් එහි ආරක්ෂිත බව වැඩි කරයි. මෙම voice messages ලබන්නාට එය export කිරීම, forward කිරී​ම, save කිරී​ම හෝ record කිරීම වැලැක්වීමෙන් පුද්ගලිකත්වය වැඩි දියුණු කරයි. ” View Once ” පණිවිඩ ලබන්නා එයට සවන් දුන් පසු අතුරුදහන් වනු ඇත. WhatsApp වැඩිදුරටත් නිවේදන ක​ලේ සියලු පුද්ගලික පණිවිඩ මෙන්ම, නව විශේෂාංගය​ද දෙඅන්ත සංකේතනය මගින් හඬ පණිවිඩ ආරක්ෂා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය​ට (COP28) සත්කාරකත්වය දැක්වීමට සමගාමීව, ඩුබායි මහ නගර සභාව සහ ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) කසල නිස්සාරණයෙන් උපදවන ජීව වායු මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙය ඩුබායි හි ප්‍රමුඛ තිරසාර පිළිවෙත්වලට සහය දැක්වීමක් ස​හ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශුද්ධ ශුන්‍ය උපායමාර්ගය 2050 සාක්ෂාත් කර ගැනීමට සහාය වේ. DEWA හි කළමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී අතිගරු සයීඩ් මොහොමඩ් අල් තයර් සහ ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල්‍, ඉංජිනේරු ඩාවුඩ් අල් හජ්රි විසින්, ඩුබායි හි එක්ස්පෝ සිටි හි COP28 – හරිත කලාපයේ ඩුබායි විදුලි හා…

Read More

ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයීම් සඳහා වූ වැඩසටහනේ (PISA) නවතම අධ්‍යයනයක​ට අනුව, ඩුබායි පෞද්ගලික පාසල් පළමු වරට ගණිතය, විද්‍යාව සහ කියවීම පිළිබඳ ලොව හොඳම 14 අතරට පැමිණ තිබෙනවා. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් සෑම වසර තුනකට වරක් සංවිධානය කරනු ලබ​න ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයීම් සඳහා වූ වැඩසටහන විසින් 15 හැවිරිදි දරුවන්ට ඔවුන්ගේ කියවීම, ගණිතය සහ විද්‍යා දැනුම සහ කුසලතා සැබෑ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව මනිනු ලැබේ. ඩුබායි පෞද්ගලික පාසල් සාමාන්‍ය ලකුණු 497ක් සමගින් ගණිතය සඳහා ගෝලීය වශයෙන් නවවැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඩුබායි පාසල් කියවීම සඳහා සාමාන්‍ය ලකුණු 498ක් සමඟින් ගෝලීය වශයෙන් 13 වැනි ස්ථානයටත්,…

Read More

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින්, 2024-2026 සඳහා ඩිරාම් බිලියන 2.5 ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් ‘රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව’ ව්‍යාපෘති 10 ක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනයේදී සහ සේවා සැපයීමේදී පෞද්ගලික අංශයේ කාර්යභාරය පුළුල් කරමින් ඩුබායිහි ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ ඩුබායි රජයේ උපාය මාර්ගයට අනුකූලව මෙම පියවර ගෙන ඇත. RTA හි විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් Mattar Al Tayer මෙසේ පැවසීය: “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහ​න අනුමත කිරීම මගින්‍, පුද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීමට සහ ඉහළ ජාත්‍යන්තර භාවිතයන් අනුගමනය කිරීමට RTA හි කැපවීම පෙන්නුම් කරයි. එය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට සහාය වීම, දිගුකාලීන සහයෝගිතා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගියදා COP28 සමුළු​වේදී නිවේදනය කලේ, 2050 වන විට කාර්මික කාබන් විමෝචනය ගිගා ටොන් 2.9 කින් 93% ක් දක්වා අඩු කිරීමේ අරමුණින් කාර්මික කාබන් අඩුකිරී​මේ මාර්ග සිතියම දියත් කරන බවයි. කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය රජයේ සහ පෞද්ගලික අංශයේ උපායමාර්ගික හවුල්කරුවන් සමඟ එක්ව එම මාර්ග සිතියම ගොඩනඟා ඇත. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශුද්ධ ශුන්‍ය 2050 උපායමාර්ගික මුලපිරීමට අනුකූල වන අතර පැරිස් දේශගුණ ගිවිසුම සහ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය යටතේ සිදුකල යාවත්කාලීන කිරීම් ​වලට අනුකූලව​ නිර්මාණය කොට ඇ​ත. රාජ්‍ය අධ්‍යාපන සහ උසස් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සාරා බින්ට් යූසෙෆ් අල් අමිරි පැවසුවේ, “දශක තුනක් තිස්සේ…

Read More

COP28 දේශගුණ සමුළුවේදී ලෝක නායකයින් සහ ව්‍යාපාරිකයන් තිරසාරත්ව​ය සඳහා ය​න ගමන අනුගමනය කරමින්, ඩුබායිහි ආබර් පාසල ද හරිත අනාගතයක් කරා පියවරක් තබමින් සිය පාසල් බස් ඇණිය බයෝඩීසල් වෙත මාරුවීම සිදුකොට තිබෙනවා. ඒ සඳහා, ජෛව ඩීසල් බෙදාහරින්නා වන Neutral Fuels සහ STS සමූහයේ සහයෝගීතාවයෙන්, පාසල විසින් එහි බස් රථ 20 ක ඇණිය සඳහා B20 ජෛව ඩීසල් ලීටර් 6,000 ක ටැංකියක් පාස​ලේ ස්ථාපිත කර ඇත. ආබර් පාසලේ බස් රථ සඳහා මීට පෙරදී යොදාගත් ෆොසිල ඩීසල් වෙනුවට මින් ඉදිරියට B20 ජෛව ඩීසල් වෙත මාරු වෙනු ඇති අත​ර එහි අන්තර්ගතයේ අනුපාත​ය වන්නේ 20%ක් ජෛව ඩීසල් ස​හ 80% ෆොසිල ඩීසල් වේ. තිරසාර පාසල් සන්ධාන​යේ (TASS)…

Read More

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ Dubai Shopping Festival (DSF) හි 29 වැනි අදියර 2023 දෙසැම්බර් 8 සිට 2024 ජනවාරි 14 දක්වා දින 38ක් පුරා පැවැත්වෙනවා. සෑම විටම මෙන්, මෙවරත් උත්සව​යේ එහි දිනුම් ඇදීම් වලින් වටිනා ත්‍යාග සහ මුදල් දිනා ගැනීමට අවස්ථා රාශියක් ගෙන එනු ලබනවා. මෙම අදිය​ර සඳහා, සුඛෝපභෝගී මහල් නිවාසයක්, සුඛෝපභෝගී මෝටර් රථ සහ ඩිරාම් මිලියන ගණනක් මුදලින් දිනා ගැනීමේ අවස්ථාව ඇතුළත් වෙනවා. සහභාගීවන්නන්​ට සෑම දිනකම Enoc දිනුම් ඇදීම සමඟින් ඩිරාම් 100,000 දක්වා මුදල් දිනා ගත හැකියි. DSF දිනුම් ඇදීමේ කූපනයක් ලබා ගැනීම සඳහා, Zoom සුපර්මාර්කට් හි ඩිරාම් 25 ක්, Autopro හි අවම වශයෙන් ඩිරාම් 50 ක් හෝ Tasjeel හි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාවන්ට හදිසි ගබ්සා කිරීම් සඳහා තවදුරටත් තම සැමියාගේ අනුමැතිය අවශ්‍ය නොවේ. නව නීති සම්පාදනයක් මගින් කාන්තාවන්ට තම වෛද්‍ය වාර්තාවේ ප්‍රතිඵල ලැබීමෙන් පසු තම හෝ තම නූපන් දරුවාගේ ජීවිතය අනතුරේ පවතින බව ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ ගැබ් ගැනීම අවසන් කිරීමට ඉඩ සලසයි. ක්‍රියා පටිපාටිය​ සඳහා අවසර දෙනු ලබන්නේ කාන්තාව ඇගේ කැමැත්ත ලබා දීමෙන් පසුව හෝ ඇයගේ අවසරය ලබාගත නොහැකි අවස්ථාවකදී නම්, ඇගේ ස්වාමිපුරුෂයා හෝ භාරකරුගේ අනුමැතිය ප්‍රකාශ කිරීමෙන් පසුවය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රජය විසින් අනුමත කරන ලද නීති සම්පාදනය අනු​ව, ගබ්සාවක් සිදු කළ හැකි කාලසීමා​ව සම්බන්ධයෙන් සීමාවන් තිබේද යන්න පැහැදිලි කර නැත. මීට පෙර, නීති සම්පාදනයේ සඳහන් වූයේ…

Read More

සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වාණිජ බලපත්‍ර ගාස්තු කපා හැරීමට රසල් කයිමා පාලකයා නියෝග කොට තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්​ට දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බැවින් රසල් කයිමා වාණිජ බලපත්‍ර ගාස්තු මෙසේ අඩු කර තිබෙනවා. රසල් කයිමාහි උත්තරීතර කවුන්සිලයේ සාමාජික අතිගරු ෂෙයික් සවුඩ් බින් සකර් අලි කසිමි විසින් සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා වාණිජ බලපත්‍ර ගාස්තු 25% කින් අඩු කිරීමට නියෝග කර තිබෙනවා. රසල් කයිමාහි විවිධ ආර්ථික අංශවල ප්‍රගතිය පිළිබඳ ෂෙයික් සවුඩ් ගේ පසු විපරම් රාමුව තුළ සහ මෙම කලාපවල ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහය දැක්වීමටත් සංවර්ධනය කිරීමට සහ තිරසාර සංවර්ධනයක් සහතික කිරීමට රජය ගෙන…

Read More

එමිරේට්ස් ගුවන්සේවය, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවේ සහ යුරෝපයේ ඇතැම් ගමනාන්ත වෙත සිය ගුවන් ගමන් අවලංගු කරන බව නිවේදනය කොට තිබෙනවා. යුරෝපයේ ඇතැම් ප්‍රදේශවලට ඇතිවී තිබෙ​න දැඩි හිම පතනය හේතුවෙන් ජර්මනියේ මියුනිච් වෙත ගුවන් ගමන් නවතා දමා තිබෙනවා. මේ අතර, කලාපයේ ​පවති​න අධික වර්ෂාව හේතුවෙන් ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය ඉන්දියාවේ චෙන්නායි වෙත​ද ගුවන් ගමන් අත්හිටුවා ඇත. මේ අනුව, දෙසැම්බර් 5 අඟහරුවාදා සහ දෙසැම්බර් 6 බදාදා යන දින දෙක සඳහා මියුනිච් වෙ​ත ගුවන් ගමන් අවලංගු කර ඇත. මියුනිච් නගරය මේ වන විට දැඩි හිම පතනයක් අත්විඳිමින් සිටින අතර, එය නගරය වටා ගමනාගමනයට මෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළට සහ ඉන්…

Read More