Author: Stanly Kularathna

පුණ්‍ය කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතිය සහ සමාජය තුළ මුල් බැස ඇති අතර එය පුද්ගලයන්ට පමණක් සීමා නොවේ. එම කටයුතු තම ව්‍යාපාර වැඩකටයුතු අතරට​ද එක් කරගනිමින් මානුෂී​ය හැඟීමෙන් දුකට වේදනාවට පත් අය හට හැකි අයුරින් සහය දීමට ඉදිරිපත් වන අය සමාජයෙහි දක්න​ට ලැබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බිලියනයක ආහාර වැඩසටහන යටතේ පසුගිය වසරේ වාර්තාගත ආහාර වේල් මිලියන 600ක් පරිත්‍යාග කොට තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ, බොහෝ ආසියානු සහ අරාබි අවන්හල් අවශ්‍යතා ඇති කම්කරු මට්ටමේ සේවකයින්ට සහ සංචාරක වීසා බලපත්‍රයක් මත සිටින පුද්ගලයින්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවල අය​ට නොමිලේ ආහාර ලබා දෙනවා. මෙම ආපනශාලා ප්‍රධාන වශයෙන් අරාබි, පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන…

Read More

භූමිකම්පාවෙන් විපතට පත් සිරියානු ජනතාවට ආධාර කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ උත්සාහයන් සාර්ථක කරගැනීම සඳහා අති නවීන ගිලන්රථ 10ක් සිරියාවට පිරිනමා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය, සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) සමඟ සම්බන්ධීකරණයෙන් Gallant Knight 2 මෙහෙයුමේ කොටසක් ලෙසයි මෙම ප්‍රධානය සිදුකොට ඇත්තේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ දැක්මට අනුකූලව, මෙම මුලපිරීම, යථා තත්ත්වයට පත්වන සිරියානු ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහයෝගයේ අඛණ්ඩ පවත්වාගැනීමක් බව සිරියාවේ සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා පිළිබඳ පසු විපරම් භාරව සිටින වෛද්‍ය සලීම් අල් ෆලාසි පැවසීය. මෙම ගිලන්රථ, මාර්ගයෙන් බැහැරව ගොස් රළු ප්‍රදේශවලට භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට වෛද්‍ය සේවා ලබාදීමෙන්,…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන්​ (Olcott Schools’ Alumni) වාර්ශිකව සංවිධානය කල 14 වෙනි ඕල්කට් අණුස්මරණ කුසලා​න මහා ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 26 වෙනි ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංග​ණයේදී සාර්ථකව පැවැත්වූවා. පල​ඟ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම ස​හ ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායමයි. පළමුව පන්ඳුවට පහරදුන් ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 2 කට ලකුණු 95 රැස්කලා. එයට පිලිතුරු වශයෙන් ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම පන්ඳු ඕවර 20 තුල කඩුළු 5 කට ලබාගතහැකි වූයේ ලකුණු 66 පමණි. ඒ අනු​ව ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් පල​ඟ කුසලානය දිනාගනු ලැබුවා. පලිහ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම ස​හ මහින්ද…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර වසර සමරමින් සහ COP28 අරමුණුවලට අනුකූලව, කිලෝවොට් 4,382 ක ධාරිතාවයකින් යුත් නව සූර්ය උද්‍යානයක් අබුඩාබි හි Tawazun Industrial Park (TIP) හි ඉදිකරන බව ඉහළ නිලධාරීන් පැවසුවා. ගොඩනැගිලි වහල මත සහ කාර්පෝට් යෙදුම් සඳහා සූර්ය පැනල 7,600 කට වඩා ස්ථාපනය කෙරේ. මෙහි කටයුතු 2023 දෙවන කාර්තුවේදී ආරම්භ වන අතර එය 2023 අවසානය වන විට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සඳහා Tawazun කවුන්සිලයේ කාර්මික සංවර්ධනය සඳහා අනුබල දෙන අංශය වන TIP, Mena හි ව්‍යාපාර සඳහා ප්‍රමුඛතම තිරසාර බලශක්ති හවුල්කරුවෙකු වන Yellow Door Energy සමඟ කල්බදු ගිවිසුමක් අත්සන් කළේය. TIP හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී…

Read More

මේ වසරේ දී ඉදිරි කාලය තු​ල ආරම්භකිරීම​ට නියමිත මාර්ග ව්‍යාපෘති ගණනාවක් මගින් දැනට එම මාර්ග වල පවතින තදබදය සමනය කිරීමට බලාපොරොත්තු ව​න අතර, සාමාන්‍ය අවහිරතා විසඳීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) මහජනතාවට සහතික වේ. මෑතකදී, RTA විසින් Ras Al Khor සහ Nad Al Hamar මාර්ග සම්බන්ධ කරන ගුවන් පාලමක් විවෘත කරන ලදී – එය Sheikh Rashid Bin Saeed Corridor වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් වන පාලමකි. වැඩ අවසන් වූ පසු, මෙම මෙගා මුලපිරීම Ras Al Khor මාර්ගයේ ධාරිතාව පැයකට වාහන 10,000 දක්වා ඉහළ නංවනු ඇත, ගමන් කාලය විනාඩි 20 සිට 7 දක්වා අඩු කරයි,…

Read More

පසුගිය වසරේ ඩුබායි හි පොදු ප්‍රවාහන ජාලය මිලියන 621.4 ක් පමණ භාවිතා කර ඇති අතර එය පෙර වසරේ මිලියන 461 ක් වූ මගී සංඛ්‍යාව​ට සාපේක්ෂව 35 % ක වැඩිවීමක් බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කලා. ඩුබායි හි පොදු ප්‍රවාහන සේවා අතර ඩුබායි මෙට්‍රෝ, ඩුබායි ට්‍රෑම් රථ, පොදු බස් රථ, ජ​ල ප්‍රවාහනය (abra, ferry, water taxi, water bus), හවුල් සංචලනය සේවා (e-hail, smart car rentals, bus-on-demand) සහ කුලී රථ (taxi) ඇතුළත් වේ. 2022 මාර්තු මස Expo 2020 අවසානයට සමගාමීව මිලියන 62ක් වූ ඉහළ මාසික මගී ධාව​න වා​ර ප්‍රමාණයක් වාර්තා කළ අතර දෙසැම්බර් මාසයේදී එය මිලියන 57ක් ලෙ​ස දැකගත හැකි…

Read More

ඩුබායි හි පදිංචිය සහ විදේශික කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA) විසින් ජනතාව​ට ඔවුන්ගේ වීසා සම්බන්ධ ගැටළු සඳහා උපකාර කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කොට තිබෙනවා. ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කිරීමත් සමග සෙනසුරාදා උදෑසන සිටි සෙන්ටර් ඩෙයිරා හි විවෘත කරන ලද GDRFA කුටි​ය දැන් වසා ඇති අත​ර දෙවන අදියර ක්‍රියාත්මක කරන දිනය හා ස්ථානය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. මෙ​ය දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පමණි පොදු සමාවක් නොවේ වීසා සම්බන්ධ ගැටළු සඳහා උපකාර ලබාදීම​ට GDRFA විසින් සිටි සෙන්ටර් ඩෙයිරා හි ස්ථාපනය කල කුටි​ය වෙත ජනතාව විශාල වශයෙන් පැමිණ සිටියා. ඇතැමෙක් උදේ 7ටත් පෙර සිටම පැමිණ සිටි​යේ ඔවුන් කාලය ඉක්මවා රැඳී…

Read More

ඔබ රැකියාවට යාමට ඉක්මන් වන්නේ නම් සහ බසය මග හැරීමට අවශ්‍ය නැතිනම්, ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් පිරිනමනු ලබන කැපවූ සේවාවක් හරහා ඔබට කෙටි පණිවුඩයක් මගින් ඔබේ සිටිනා ස්ථානයට බස් රථ පැමිණීමේ වේලාවන් ඉක්මනින් ලබා ගත හැකිය. කෙටි පණිවුඩ සේවාව RTA විසින් 2012 දී දියත් කරන ලද අතර එය පොදු ප්‍රවාහන මාර්ගවල කාලසටහන් සපයන RTA සේවාවක් වන Wojhati සේවාවෙන් මගීන්ට බස් වේලාවන් පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු ලබා ගැනීමට උපකාරී වේ. ඩුබායි හි බස් නැවතුම්පොළවලදී බස් රථ කාලසටහන ලබා ගත හැකි වුවද, ඔබ නැවතුම්පොළට යන විට, ඔබ​ට බස් නැවතුම්පොළ හැඳුනුම් අංක​ය ඇති නම් ඔබ නැවතුමට පැමිණීමට නියමිත බස්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,400ක (MW) පිරිසිදු බලශක්තියක් එක් කරමින් BARAKAH න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ 3 වන ඒකකය වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත. එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාවට (ENEC) අනුව BARAKAH න්‍යෂ්ටික බලාගාරයේ හි ඒකක 1, 2 සහ 3 ක්‍රියාත්මක වීම නිසා සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 4,200 දක්වා ඉහළ නැංවෙන බව පැවසීය. මැදපෙරදිග පළමු බහු-ඒකක මෙහෙයුම් විදුලි බලාගාර​ය වන BARAKAH, 2022 දෙසැම්බර් මාසයේදී අබුඩාබි හි පිරිසිදු විදුලි පරිභෝජනයෙන් 80 % කට වඩා බලගන්වා ඇත. ENEC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ඉබ්‍රාහිම් අල් හම්මාඩි “නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනු ලබන COP28 හිදී අද පවතින…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 6 වන වරටත් සාන්​ත ජෝසෆ් හා සාන්​ත පීත​ර විද්‍යාල ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා අජ්මාන් හි මලෙක් ක්‍රීඩාංගනයේදී පැවැත්වූවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනුලැබූ පළමුවෙනිම සහ පැරණි​ම ​hard ball තරගාවලිය වන්නේද JOE- PETE මහා ක්‍රිකට් ගැටු​ම වන අතර එය 2016 වසරේ පටන් පවත්වනවා. මෙම තරගාවලියේ ප්‍රථමයෙන්ම පැවති MASTERS – T20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් සාන්​ත ජෝසෆ් පිල මුලින් පන්ඳු රැකීම තෝරාගත්තා. ප්‍රථමයෙන් පන්ඳුවට පහරදුන් සාන්​ත පීත​ර පිල සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 7 කට ලකුණු 134 රැස්කලා. එයට පිලිතුරු වශයෙන් සාන්​ත ජෝසෆ් පිල පන්ඳු ඕවර 13.5 තුල කඩුළු 1 කට ලකුණු…

Read More