Author: Stanly Kularathna

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන SRI LANKAN DAY 2023 ප්‍රදර්ශනය පෙබරවාරි මස 11වන සෙනසුරාදා උදෑසන 10.30 සිට දවස පුරා ඩුබායි සබීල් පාර් ක් පරිශ්‍රයේදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එදින චන්න උපුලි නර්තන කණ්ඩායම සමග සංස්කෘතික සංදර්ශන, UAE ශ්‍රී ලංකා මිත්‍රත්ව පාගමන, සංගීත සංදර්ශන, ඉඩම් සහ දේපල වෙළඳ කුටි, වෛද්‍ය සායනසහ රැකියා අවස්ථා සඳහා උපදේශන සේවා ඇතුලුව සමාජ සුභසාධන කටයුතු සමග තවත් සුවිශේෂී විශේෂාංග කිහිපයකින් සමන්විත වනවා. එමෙන්ම මෙම වැඩසටහනෙන් ලැබෙන අරමුදලින් ශ්‍රි ලංකාව තුල තොරගත් සුභ සාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද සංවිධායක මණ්ඩලය…

Read More

සාජා වොරියර්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර ඊයේ සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 22 ක තියුණු ජයක් ලැබුවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම මුලින්​ම පන්ඳුව​ට පහරදීම තෝරාගත්තා. ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 6 කට ලකුණු 148 රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල සාජා වොරියර් ස් කන්ඩායම​ට සිය පන්ඳු ඕවර 20 තුල රැස්කිරීමට හැකිවූ​යේ කඩුලු 8 කට ලකුණු 126 පමණි. ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ක​ල වනිඳු හසරංග සිය පන්ඳු යැවීමේ දක්ෂතාව නැවතත් ඔප්පු කරමින් පන්ඳු ඕවර 4 කට ලකුණු 13 ලබාදී කඩුලු 3 ලබාගත්තා. අද…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ජනවාරි 31 වන දින 2023 පෙබරවාරි මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කළේය. ඉන්ධන වර් ග​යජනවාරි සඳහා ලීටරයක මි​ලපෙබරවාරි සඳහා ලීටරයක මි​ලSuper 98ඩිරාම් 2.78ඩිරාම් 3.05Special 95ඩිරාම් 2.67ක්ඩිරාම් 2.93 ක්E-Plus 91ඩිරාම් 2.59ඩිරාම් 2.86ඩීසල්ඩිරාම් 3.29ඩිරාම් 3.38 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය සඳහා ලීටරයකට ෆිල් 27 දක්වා මිල වැඩි කොට තිබෙනවා.

Read More

සාජා පොලිසියේ අධිකරණ වෛද්‍ය රසායනාගාරය​ට විනාඩි පහක් ඇතුළත නව කෘත්‍රිම ඖෂධ වර්ග හඳුනාගැනීමේ සාර්ථකත්වය අත්කර ගෙන ඇති අතර, විද්‍යාගාරයේ සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයට සහ එහි නවතම තාක්ෂණික උපකරණවලට ස්තුතිවන්ත වන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. සාජා පොලිසියේ අපරාධ රසායනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන ප්‍රධානී කර් නල් ඇඩෙල් අහමඩ් අල් මස්මි පැවසුවේ පෙර උපාංගවල ධාරිතාව සාම්පල 80 ක් වූ අතර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට කාලය ගත වූ බවයි. දැන්, නවීන උපකරණ සමඟ, සාම්පල 300 ක් එකට පරීක්ෂා කළ හැකි අතර, පැයක් තුළ නිවැරදි හා පැහැදිලි ප්‍රතිඵල ලබා ගත හැකිය. රසායනාගාරයේ රසායනික හා විෂ විශ්ලේෂණ අංශයට සහ එහි ඒකක තුනට විවිධ ආරක්ෂක ආයතනවලින් අත් අඩංගුවට ගත්…

Read More

පසුගිය සඳුදා SAF (sustainable aviation fuel ) මගින් බලගන්වන ලද පළමු නිරූපණ ගුවන් ගමනේදී අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Adel Ahmad Al Redha පැවසුවේ SAF ඉන්ධන “අද කර්මාන්තයක් ලෙස අප මුහුණ දෙන අභියෝගයක්” බවයි. වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා “අපගේ අරමුණ 2030 වන විට අපගේ පරිභෝජනයෙන් 50% කට SAF ඉන්ධන ලබා ගත හැකි නම්, එය විශාල ජයග්‍රහණයක් වනු ඇත.” “SAF යනු ලෝක ව්‍යාප්ත කැපවීමක් වන අතර කිසිදු සමාගමකට එක් නිෂ්පාදකයෙකු මත යැපීමට නොහැක, මන්ද මුලදී පර් යේෂණ සහ සංවර් ධන පිරිවැය තරමක් ඉහළය.” දිගු දුර යානා එහි කාබන් විමෝචන​ය අඩු කිරීම​ට කැපවීමේ කොටසක් ලෙස සම්පූර්ණයෙන්ම තිරසාර ගුවන් ඉන්ධන…

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 75වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල​යේ සංවිධානයෙන් හා ශ්‍රී ලංකා සුබසාධක සංගමයේ දායකත්වයෙන් පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර 2023, පෙබරවාරි මස 4 වන දින ප.ව. 12.00 – ප.ව. 5.00 දක්වා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවැසි ශ්‍රී ලාංකික ඔබ සැම වෙත ආදරයෙන් කෙරෙන ආරා​ධනයයි.

Read More

අබුඩාබි නයිට් රයිඩර් ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර ඊයේ අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන් ඩුබායි කැපිටල්ස් කන්ඩායම කඩුලු 7 ක විශිෂඨ ජයක් ලැබුවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු යැවීමට තෝරාගත්තා. අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 9 කට ලකුණු 149 රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කන්ඩායම පන්ඳු ඕවර 17.4 තුල කඩුලු 3 කට ලකුණු 150 ලබාගනිමින් තරගයේ ජය වාර්ථා කලා. ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක ​ලකුණු 28 ක් රැස්කල අතර එයට 4 පහර 2 සහ එක් 6 පහරක් ඇතුලත් වුනා. අද පැවැත්වෙන තර​ග​ය සාජා…

Read More

තෙල් අංශයේ මන්දගාමී ප්‍රසාරණය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික වර්ධනය ඉදිරි වසර කිහිපය තුළ මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. 2022 වසරේ මුල් මාස නවය තුළ හයිඩ්‍රොකාබන ව​ල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 14.3%ක් වූ බැවින්, පසුගිය වසරේ රටේ ​ඉහ​ල වර්ධනය මූලික වශයෙන් තෙල් අංශය විසින් මෙහෙයවනු ලැබීය. කෙසේ වෙතත්, තෙල් නොවන අංශද ශක්තිමත් වර්ධනයක් සඳහා ප්‍රබල ලෙස දායක වූ අතර, වතු, සංචාරක, වෙළෙඳ සහ ගුවන් සේවා අංශ ප්‍රමුඛත්ව​ය ගෙන තිබෙනවා. පසුගිය වසරේ තෙල් නොවන ආර්ථිකය 5.6% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබු​ණ අතර ඩුබායි හි විශාලතම බැංකුව 2023 සඳහා 3.5% ක මධ්‍යස්ථ ප්‍රසාරණයක් අපේක්ෂා කරයි.…

Read More

මැද පෙරදිග විශාලතම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශ​ණය සහ සම්මේලනය වන Arab Health, ජනවාරි 30 සිට පෙබරවාරි 2 දක්වා ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. මෙම ප්‍රදර්ශ​ණ​යේ ප්‍රථම වරට නවසීලන්තය, සිංගප්පූරුව, ටියුනීසියාව, ඉන්දුනීසියාව සහ එස්තෝනියාව ඇතුළුව රටවල මණ්ඩ​ප 45 කට වඩා ඉදිරිපත් කෙරෙනවා. මෙම ප්‍රදර්ශ​ණය සඳහා ප්‍රදර්ශකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර, එය පැවැත්වෙන්නේ “සෞඛ්‍ය සේවයේ නවෝත්පාදනය සහ තිරසාරත්වය” යන තේමාව යටතේයි. Arab Health සිව් දින ප්‍රදර්ශනය​ට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 51,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙම උත්සවයේදී ඩිරාම් බිලියන 2.8ක් වටිනා ගණුදෙණු අපේක්ෂා කෙරෙනවා. Informa Markets හි ප්‍රදර්ශ​ණ අධ්‍යක්ෂ Ross Williams මෙසේ පැවසීය. “Arab Health නැවත පැමිණෙන…

Read More

ගල්ෆ් කලාපයෙහි ප්‍රමුඛතම නිෂ්පාදනයන් සහ ආරක්ෂණ විසඳුම් සපයන්නන්ගෙන් එකක් වන NAFFCO මගින්, Arab Health 2023 සමුළුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත මෙම පළමු වර්ගයේ විදුලි ගිලන් රථය හඳුන්වාදී​ම කරන බව වාර්ථා වෙනවා. සෞඛ්‍ය සේවා කර්මාන්ත සඳහා ලොව විශාලතම සහ වඩාත් පුළුල් වෙළඳ සහ ජාලකරණ ප්‍රදර්ශනය වන සෞඛ්‍ය සමුළුව 2023 ජනවාරි 30 සිට පෙබරවාරි 2 දක්වා ඩුබායි හි ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. NAFFCO සිය නවතම නිෂ්පාදන, සෞඛ්‍ය සේවා අංශය සඳහා වන ස්මාර්ට් තාක්ෂණයන් සහ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට උපකාර කළ හැකි වෙනත් නවෝත්පාදනයන් ද මෙහිදී එළිදැක්වෙනවා. රෝහල වෙත ළඟා වීමට පෙර ගිලන් රථයේ සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ පුළුල් විශ්ලේෂණයක්…

Read More