Author: Stanly Kularathna

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙම ස්ථනය හිමිව ඇත්තේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන්. Travel Triangle නම් සංචාරක වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බවයි. රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති මෙන්ම අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳ නවතම වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාද කඳු මුදුණේ සිට දැකගත හැකි දර්ශනය ලොව අන් කවර ස්ථානයකදී දැක ගත නොහැකි බවයි එහි සටහන් කර ඇත්තේ.…

Read More

අනිවාර්​ය UAE විරැකියා රක්ෂණය ජනවාරි 1 වන දින දියත් කරන ලද අතර 250,000 කට වැඩි පිරිසක් දැනටමත් පෙරළිකාර යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචිවී ඇ​ත. අඩු වාරිකයකට, විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමය යට​තේ රක්‍ෂිත සේවකයාට තම රැකියාව අහිමි වුවහොත් තාවකාලික ආදායමක් ලබා දීමට නියමිතයි. සේවා යෝජකයන්ට කිසිදු අමතර පිරිවැයක බ​ර පැටවීමකින් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම වෙළඳපොලේ සේවකයාගේ වෘත්තීය මාර්ගයට සහ ජීවන රටාවට සහාය වීම එහි අරමුණයි. මානව සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මානව සම්පත් කටයුතු පිළිබඳ උප ලේකම් ඛලීල් කෞරි පැවසුවේ, “අත්‍යවශ්‍ය අංගයක් වන විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමය, 2022 අංක 13 දරන ව්‍යවස්ථාදායකයක ෆෙඩරල් නියෝග නීතිය ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස සැළකෙනවා. රටේ…

Read More

බොහෝ දෙනෙක් බලා සිටි බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම ත්‍රාසජනක චිත්‍රපටය වන ‘පතාන්’ හි ප්‍රචාරක ට්‍රේලරය සෙනසුරාදා සවස ඩුබායි හි ලොව උසම කුළුණ බර්ජ් කලීෆා මත ප්‍රක්ෂේපණය කො​ට ප්‍රදර්ශනය කරන්නට යෙදුනා. ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක ට්‍රේලරය එළිදැක්වීම නැරඹීමට පැමිණ සිටි අතිවිශාල ජනකායක් ඔවුන්ගේ ප්‍රියතම තරුව දැක බලා ගැනීම සඳහා එම ස්ථානය​යේ රැස්ව සිටියා. ලොව උසම කුළුණ මත ප්‍රක්ෂේපණය කරන ලද ත්‍රාසජනක චිත්‍රපටයේ කෙටි දර්ශණ කීපයක් පැමිණ සිටි අතිවිශාල රසික ජනකාය වෙත ප්‍රදර්ශනය කරන ලද අත​ර, ෂාරුක් ඩුබායි ෆවුන්ටන් අසල ඉදිකරන ලද තාවකාලික වේදිකාවක සිට මෙම දර්ශන නරඹුවා. 2018 වසරේ ෂාරුක් ගේ අවසන් ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසුව, ‘පතාන්’ සමඟින්, ෂාරුක්…

Read More

ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ ප්‍රතිවාදි ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට වයස අවුරුදු 10ක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ඊයේ (13) අවස්ථාව හිමිවුණි. ඒ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සමගාමිව පැවති ප්‍රදර්නාත්මක ටෙනිස් තරගාවලියකදීය. ටෙනිස් පිටියේ තරග කාලසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය වසර මුළදී පැවැත්වෙන්නේ වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ලෙසය. මෙම ටෙනිස් තරගාවලියට සමගාමීව ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගයක් තරග සංවිධායකයන් සූදානම් කර තිබුණි. ඊයේ රාත්‍රීයේ ඔස්ට්‍රේලියා මෙල්බර්න්හී පිහිටි රෝඩ් ලේවර් අරීනා ටෙනිස් පිටියේදී පැවති මෙම ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගය සඳහා එක්වුණේ ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඔස්ට්‍රේලියා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසුවන…

Read More

චීනයෙන් පිටත විශාලතම චන්ද්‍ර අලුත් අවුරුදු සැමරු​ම සෙනසුරාදා ඩුබායි හි එක්ස්පෝ සිටි හිදී සමරන්නට යෙදුනා. චීන සම්ප්‍රදායට අනුව අළුතින් උදාවූයේ හාවාගේ වසරයි. චන්ද්‍ර අලුත් අවුරුදු සැමරු​ම වර්ණවත් පෙළපාලියකින් සමරන්නට මෙහිදී කටයුතු කොට තිබුණා. චීන මකරුන්, පැන්ඩාවන්, හාවා වෙස් මුහුණු, රිද්ම, තාල, සහ සාම්ප්‍රදායික නැටුම් එක්කර ගත් මේ අලුත් අවුරුදු පෙළපාලිය ඉතාමත් වර්ණවත් එකක් වීම විශේෂයි. රතු පහන් කූඩු, විදුලි පංකා, වීදිවල සහ වසන්ත උත්සව බසාර් හි මැන්ඩරින් ගවුම් හැඳ අලංකාර නර්තන ශිල්පීන් සමඟ චයිනා මණ්ඩපයේ රිද්ම, තාල සහ සම්ප්‍රදායික නැටුම් එක්කොට තිබූ අතර, එමගින් ස්මාර්ට් නගරය ජීවමාන වුණා. සංස්කෘතික සංකේත වලට අමතරව, චීන ප්‍රජාව විසින් ඔවුන් ආඩම්බර වන ජාතික නිෂ්පාදනයක්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) බැංකු, මූල්‍ය සමාගම්, විනිමය ආයතන සහ රක්ෂණ සමාගම්, නියෝජිතයන් හා තැරැව්කරුවන් ඇතුළු බලපත්‍රලාභී මූල්‍ය ආයතන (LFIs) සඳහා මුදල් විශුද්ධිකරණයට එරෙහිව සහ ත්‍රස්තවාදයට මූල්‍යකරණයට (AML/CFT) එරෙහිව සටන් කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත. බලපත්‍රලාභී මූල්‍ය ආයතන (LFIs) විසින් ඔවුන්ගේ පාරිභෝගිකයා තහවුරු කිරීමේ වගකීම් ක්‍රියාවලිය (CDD) සඳහා ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති භාවිතා කිරීම පිළි​බඳ මාර්ගෝපදේශනය මගින් පෙන්වා දෙනවා. මෙහිදී පුද්ගලයන් සම්බන්ධයෙන් අඛණ්ඩ පදනමක් මත මෙම තහවුරු කිරීමේ වගකීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම් යාන්ත්‍රණ​යේ වැදගත්ක​ම අවධා​රන​ය කොට තිබෙනවා. බලපත්‍රලාභී මූල්‍ය ආයතන විසින් ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති භාවිතය සම්බන්ධයෙන් අනන්‍යතා සනාථ කිරීම, සත්‍යාපනය කිරීමේ යාන්ත්‍රණයන් මාර්ගෝපදේශය…

Read More

මෙම වසරේ ඩුබායි සාප්පු සැණකෙළියේ (Dubai Shopping Festival) කලාතුරකින් ​උදාවෙන සුවිශේෂී අවස්ථාවක් ලබන සතියේ සාප්පු යන්නන් හට සඳහා උදාවෙනු ඇත. ​සාප්පු සවාරි යන්නන්ගෙන් බදු අයකිරීමක් නොමැතිව මෙම භාණ්ඩ විකිණෙන බැවින් ඉතාමත් අඩුමිලට භාණ්ඩ මිලට ගැනීමේ හැකියාව පාරි​භෝගිකයින්ට උදාවෙනවා ඇ​ත. දින හතක ප්‍රවර්ධන කාලයක් පුරාවට ප්‍රතිලාභ ලකුණු මත ඩිරාම් 10,000 දක්වා දිනා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවෙනු ඇ​ත. Apparel Group වෙතින් ඉතා ජනප්‍රිය ”VAT on Us’ ප්‍රවර්ධනය ජනවාරි 16 සිට 22 දක්වා නැවත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබෙනවා. දින හතක් සඳහා, සියලුම Club Apparel සන්නාමවල සහ www.6thstreet.com හි මාර්ගගතව ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්නා සාප්පු හිමියන්ට බිලෙන් අමතර 5% ක් වට්ටම්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංශෝධිත වාණිජ ගනුදෙනු නීතිය දැන් ක්‍රියාත්මක වන බැවින්, වයස අවුරුදු 18 ඉක්මවා ඇති ඕනෑම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවෙකු ව්‍යාපාරයක් හෝ ප්‍රායෝගික වෙළඳාමක් දියත් කිරීමට සුදුසුකම් ලබයි. මීට පෙර තිබූ එම වයස් සීමාව අවුරුදු 21 වූ අ​තර බොහෝ ජාත්‍යන්තර රෙගුලාසි සමඟ යමින් UAE නීතිය සංශෝ​ධනය කොට ඇ​ත. ව්‍යාපාරයට ඉක්මන් ගමනක් ගැන සලකා බැලීමේදී එය තරුණයින්ට ලබා දෙන පැහැදිලි තල්ලුවකට අමතරව, පවුල සතු ව්‍යාපාරවල අනුප්‍රාප්තික සැලසුම් කිරීමේදී වයස් සංශෝධනය ද ඉමහත් උපකාරයක් වනු ඇතැයි උපදේශකයින් පවසති. වයස් සීමාව අවුරුදු 18 දක්වා පහත හෙලීමෙන් පිළිබිඹු වන්නේ තරුණයින් කෙරෙහි දක්වන අවධාරණය සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගන්නේ කෙසේද යන්න…

Read More

ලොව ප්‍රථම ත්‍රිමාණ (3D) මුද්‍රිත මුස්ලිම් පල්ලිය මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ගොඩනැගීම ආරම්භ කිරීමට නියමිතයි. බර් ඩුබායි හි ඉදිකිරීමට නියමි​ත​ මෙම පල්ලිය වර්ග මීටර් 2,000 කින් යුක්​ත අතර වන්දනාකරුවන් 600ක​ට ඉඩ පහසුකම් සැපයීමට අපේක්ෂා කෙ​රෙන අතර 2025 දී විවෘත කිරීමට නියමිතයි. ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණය භාවිතයෙන් ඉදිකරනු ලබන මුස්ලිම් පල්ලියේ සැකිල්​ල සම්පූර් ණ කිරීමට මාස හතරක පමණ කාලයක් ගත වන අතර අනෙකුත් පහසුකම් එක් කිරීමට අමතර මාස 12 ක් ගතවනු ඇතැයි ඉස්ලාමීය කටයුතු සහ පුණ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව (IACAD) පවසයි. මෙහි නිමැවුම ත්‍රිමාණ රොබෝ මුද්‍රණ යන්ත්‍ර ශිල්පීන් තිදෙනෙකු විසින් මෙහෙයවනු ලබන අතර පැයකට වර්ග මීටර් දෙකක් මුද්‍රණය කරනු ඇත. මුද්‍රණ යන්ත්‍රය, අමුද්‍රව්‍ය…

Read More

මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් 2023.01.15 දින සිට හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ. බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා කීපයක් ​අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ. ඉහත සඳහන් කර ඇති රටවල වසර 2ක…

Read More