Author: Stanly Kularathna

ඕමාන් රාජ්‍යයේ ගෘහ රැකියාවක් සඳහා විදේශ ගත වු කාන්තාවක් සේවා ස්ථානයේ ඇති වු ගැටළු හේතුවෙන් සුරක්ෂා නිවාසයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍යය කටයුතු සූදානම් කර තිබියදී ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මරණයට පත් වී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ මහව දලදාගම ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි සොයිසා නැමැති 55 වියැති කාන්තාවකි. මෙම කාන්තාව 2021 නොවැම්බර් 11 දින ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශගත වී ඇති අතර, සේවා ස්ථානයේ පැවති ගැටළු හේතුවෙන් 2022 නොවැම්බර් 28 දින ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයට පැමිණ ඇත. ඉන්පසු 2023 ජනවාරි 01 දින ඇය ශ්‍රී ලංකාවට එවීම…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සාදන ලද රෂීඩ් රෝවර් යානය සඳ දෙසට අභ්‍යවකාශයේ ගමන් කරන අතර එය සඳ මත ගොඩබෑම සඳහා අවශ්‍ය සියළුම අවශ්‍යතා​වන් පරිපූර්ණ තත්වයෙන් පවතී. සඳ මතුපිටට ගොඩබසින සිව්වන රට බවට එමිරේට්ස් පත් කරනු ලබන එහි එපික් මෙහෙයුම සඳහා එය නිවැරදි මාර්ගයේ පවතින බව මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (MBRSC) නිවේදනය කලා. එය මේ වන විට කිලෝමීටර මිලියන 1.34 ක විශාල දුරක් ගමන් කර ඇත (එය ඔබේ මෝටර් රථය පදවා ලොව වටා 33.5 වතාවක් සැරිසැරීමට හා සමාන වෙනවා.) ජනවාරි 20 වන විට එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.4 ක් පමණ දුරින් ඇති දුරම ස්ථානයට ළඟා වනු ඇතැයි අපේක්ෂා…

Read More

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරිසර ඒජන්සිය (EAD) එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය පුරා කඩොලාන බීජ මිලියනයක් සිටුවීමට ඩ්‍රෝන යානා භාවිතා කොට තිබෙනවා. අබුඩාබිහි කඩොලාන සිටුවීම​ට මුලපිරීමේ කොටසක් වන අල්-දෆ්රා කලාපය පුරා විවිධ ස්ථානවල කඩොලාන සිටුවනු ඇත. එය කඩොලාන සංරක්ෂණයට සහය වන පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස එමිරේට් පත්කිරීමේ සමස්ත සැලැස්මේ කොටසක් වෙනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කාබන් වෙන් කිරීම සඳහා කඩොලාන වල වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරවයි. 2021 දී COP26 තුළ ප්‍රකාශයට පත් කළ පරිදි, දශකය අවසන් වන විට කඩොලාන ශාක මිලියන 100 ක් සිටුවීමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි-හත්තා මාර්ගයේ, ඩුබායි – අජ්මාන් සහ Al Hosn වටරවුම අතර ආසන්න වශයෙන් කිලෝමීටර 6 ක් පමණ ආවරණය වන කොටසේ වේග සීමාව ජනවාරි 12 වන දින සිට පැයට කිලෝමීටර 100 සිට 80 දක්වා අඩු කර ඇත. දැනට පවතින වේග සීමා පුවරු 100 km/h වෙනුවට 80 km/h සංඥා යොදා ඇති අතර, රථවාහන ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුව රියදුරන් දැනුවත් කිරීම සඳහා වේග අඩු කිරීමේ කලාපය ආරම්භයේදී රතු ඉරි සලකුණු දක්වා ඇ​ත . Hatta Master Development Plan සැලකිල්ලට ගත් අධ්‍යයනයක් මත පදනම්ව RTA සහ ඩුබායි පොලිස් මූලස්ථානය අතර සම්බන්ධීකරණයෙන් වේගය අඩු කිරීම සිදු කරන ලදී. අධ්‍යයනයෙන් ඩුබායි-හත්තා පාර…

Read More

ඩුබායි හි නව වීඩියෝ ඇමතුම් සේවාව හරහා, පාරිභෝගිකයින්ට මිනිත්තු 5ක් ඇතුළත නේවාසික සහ විදේශිකයන්ගේ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA-Dubai) වෙත ලේඛන ඉදිරිපත් කළ හැකියි. එහි “පාරිභෝගික සතුටු සේවා මධ්‍යස්ථාන” වෙත පැමිණීමට අවශ්‍ය නොවේ. මෙම සේවාව smart government සංකල්පය ඉහළ මට්ටමකට ගෙන යයි, ඒ පාරිභෝගිකයින්ට ඩුබායි හි නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ වෙබ් අඩවිය හෝ යෙදුම හරහා සේවාව ඉල්ලා සිටිය හැකියි. නව වීඩියෝ ඇමතුම් සේවාව හරහා GDRFA විසින් සපයනු ලබන සියලුම සේවාවන් ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමට මෙම සේවාව මඟින් පාරිභෝගිකයින්ට හැකි වනු ඇතැයි ලුතිනන් ජෙනරාල් අල් මාරි පැවසීය. එය සමඟ, ගනුදෙනුකරුවන්ට නිල මාර්ග හරහා ඒවා ඉදිරිපත් කිරීමෙන් පසු…

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලී රථ ගාස්තු කිලෝමීටරයකට ෆිල් 22 කින් අඩු කිරීමට RTA නිවේදනය කලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඉන්ධන මිල පහත වැටීම පිළිබිඹු කරමින් ඩුබායි හි කුලී රථ ගාස්තු දෙවන වරටත් අඩු කර ඇති බව ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කර තිබෙනවා. RTA හි පොදු ප්‍රවාහන නියෝජිතායතනයේ සැලසුම් සහ ව්‍යාපාර සංවර් ධන අධ්‍යක්ෂ, Adel Shakri පැවසුවේ කිලෝමීටරයකට ගාස්තුව දැන් ෆිල් 22 කින් අඩු වී ඇති බවයි. මී​ට පෙර කිලෝමීටරයක​ට ගාස්තුව ඩිරාම් 2.19 වූ අතර දැන් ඩිරාම් 1.97 කි. මෙයින් අදහස් කරන්නේ කිලෝමීටර් 20ක කුලී රථ ගමනක් දැන් Dh4.40 අඩු බවයි. “අපි සැමවිටම සලකා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මියගිය මාස නවයක් වයසැති බිළිඳෙකුගේ හදවත සෞදි රියාද්හි මාස හයක දැරියට හදවත් සැත්කමත් මගින් සාර්ථකව බද්ධ කර තිබෙනවා. මෙම හදවත් බද්ධ කිරීම මැදපෙරදිග කලාපයේ සිදුකල ලාබාලතම හදවත් බද්ධකිරීම ලෙසයි වාර්ථා වන්නේ. මෙහිදී පළමුව සෞදි ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් රියාද් සිට ඩුබායි වෙත ගොස් අල් ජලීලා ළමා විශේෂ රෝහ​ලේ මියගිය මාස නවයක් වයසැති දැරිය ගේ හදවත ඉවත් කිරීම සිදුකලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවෙකුගේ පවුල විසින් නව හදවත පරිත්‍යාග කර තිබුණා. පසුව කිං ෆයිසාල් විශේෂඥ රෝහල් (KFSH) හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ළමා හෘද සැත්කම් කණ්ඩායම විසින් තාවකාලික කෘත්‍රිම පොම්ප ආධාරයෙන් ජීවත් වූ මාස හයක් වයසැති දැරියට හදවත බද්ධ කිරීම…

Read More

ඩුබායි හි අල් සෆා මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ නම වෙනස් කර ඇති අතර එය දැන් ඔන්පැසිව් මෙට්‍රෝ ස්ටේෂන් ලෙස හඳුන්වනු ලබන බව එමිරේට්ස් මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කරයි. මෙම වෙනස ඉදිරි වසර 10 සඳහා ෆ්ලොරිඩා පදනම් කරගත් ගෝලීය තොරතුරු තාක්ෂණ සමාගම නමින් දුම්රිය ස්ථානය නම් කරනු ලබන සන්නාම ගනුදෙනුවක ප්‍රතිඵලයකි. මෙම දුම්රිය ස්ථානය ෂෙයික් සයිඩ් පාර ඔස්සේ දිවෙන රතු මෙට්‍රෝ ජාලයේ පිහිටා ඇත. “Onpassive සමඟ ඇති හවුල්කාරිත්වය හරහා, අධිකාරිය ගෝලීය ආයෝජන සඳහා ආකර්ශනීය පරිසරයක් ලෙස ඩුබායි එමිරේට් විසින් හිමිකරගෙන ඇති කීර්තිමත් ස්ථානය තහවුරු කරන අතර ආයෝජකයින්ගේ අභිලාෂයන් සමඟ වේගයෙන් ගමන් කරයි” යනුවෙන් RTA Rail Agency හි විධායක අධ්‍යක්ෂ Abdul…

Read More

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයක් වන තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පැවැතියද, පසුගිය කාලයේදී තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක‍්රමයට සිදුවීම නිසා ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවූ බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා පවසනවා. ඩුබායි වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන් ගුණයකින් පමණ මේ වන විට ඉහළ ගොස් ඇති බව ​ඒ මහතා වැඩිදුරටත් ස​ඳහන් කලා. ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ස​ඳහන් කළේ. ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි…

Read More

වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව ජපානය ඇතුළු අනෙකුත් රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ පූජාව යොමුකිරී​මේ වැඩපිළිවෙළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 ජනවාරි 16 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව, ජපානයේ විශේෂ නිපුණතා සහිත සේවකයින් වශයෙන් SSW කාණ්ඩයේ රැකියා හෝ අවම වශයෙන් NAT – 4 හෝ JLPT (N-4) යන විභාගයකින් සමත්ව සීමාවාසික තාක්ෂණික පුහුණුලාභියෙකු වශයෙන් පුහුණු අවස්ථා සඳහා…

Read More