Author: Stanly Kularathna

ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ස​හ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධාන​ය කරනු ලබන සම්බුද්ධ වන්දනාව සහ පරිත්‍රාණ ධර්ම දේශනය දෙසැම්බර් 31 වන සෙනසුරාදා සවස 8:00 සිට පසුවදා පහන් වන තුරු ඩුබායි කොන්සල් ජනරල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනවා. 2023 ජනවාරි 01 ඉරුදින උදෑසන 6:00 ට ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ මහා සංඝරත්නය විෂයයෙහි හීල් දානය ​පුජාකිරීම සිදුකෙරෙනවා. මෙම පුණ්‍යකර්මය සිදුකරණු ලබන්නේ තලවතුගොඩ ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානයේ සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙනි. මේ සම්භන්ධ සියලු විමසීම් දුරකථන අංක 050 635 1474 හා 055 846 7082 ඔසසේ…

Read More

ප්‍රමුඛ පෙලේ පණිවිඩ හුවමාරු සේවාවක් වන වට්ස්ඇප්, මෙම මස 31 වෙනිදා සිට ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇත. වට්ස්ඇප් නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති මෙම පැරණි ජංගම දුරකථන මාදිලි 49 අතරට ඇපල්, සැම්සුන්, LG, හුවාවේ ඇතුළු දුරකථන මාදිලි රැසක් අයිති බවයි වාර්තා වන්නේ. සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් විසින් සිය ආරක්‍ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු ලබන යාවත්කාලින කිරීම් මෙම දුරකථන මාදිලි සඳහා අන්තර්ගත කිරීමේදී ඇතිවන අපහසුතා හේතුවෙන්මෙම සේවාව නතර කිරීමට හේතුවන ප්‍රධාන කරුණ බවයි වට්ස්ඇප් මෘදුකාංගය හිමි “Meta” සමාගම නිවේදනය කර සිටින්නේ. එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලුත් අවුරුදු සැමරුම් සෑම විටම විශ්මය ජනක ගිනිකෙළි, ඩ්‍රෝන් සංදර්ශන සහ විනෝදාස්වාදය සහිත සංදර්ශන මාලාවකින් සමන්විත වෙනවා. මේ වසරේ, අබුඩාබි ෂෙයික් සයීඩ් උත්සවයේ අලුත් අවුරුදු සංද්‍යා සැමරුම්වල කොටසක් ලෙස ගිනස් ලෝක වාර්තා තුනක් බිඳ දැමීමට උත්සාහ කරනු ඇත. මිනිසුන් රහිත ගුවන් වාහන 3,000 කින් යුත් යෝධ ඩ්‍රෝන් සංදර්ශනයක් අහස ආලෝකමත් කරනු ඇති. අබුඩාබි හි අල් වත්බා හි දැනට පැවැත්වෙන Sheikh Zayed උත්සවයේ සංවිධායක කමිටුව, එහි අලුත් අවුරුදු උත්සවයේ කොටසක් ලෙස ලෝක මට්ටමේ ජනප්‍රිය හා විනෝදාත්මක සිදුවීම් සහ ප්‍රසංග මාලාවක් පෙළගස්වා තිබෙනවා. මෙය එවැනි ආකාරයේ සහ විශාලත්වයකින් යුත් ලොව පළමු සංදර්ශනය වනු ඇති. නාට්‍ය සංදර්ශන, සර්කස් සංදර්ශන,…

Read More

රට පුරා වැස්සෙන් පසු මාර්ග සහ නිම්න ජලයෙන් යටවී තිබෙනවා. වර්ෂාව හේතුවෙන් ජෙබෙල් ජායිස් දක්වා දිවෙන මාර්ගය වසා දමා ඇති බව රාස්අල්කයිමා පොලිසිය පවසනවා. ඉන්ස්ටග්‍රෑම් සටහනක් නිකුත් කරමින් අධිකාරිය පවසා ඇත්තේ ජලය මිටියාවතට ඇතුළු වී ඇති බවයි. ඊට අමතරව කාලගුණික විපර්යාස ද මාර්ගය වසා දැමීමට හේතු වී තිබෙනවා. වර්ෂාව පවතින අවස්ථාවලදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා. ආරක්ෂාව සඳහා නිම්නවලින් වළකින ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

මෙම අලුත් අවුරුදු සති අන්තයේ හෝටල් ගාස්තු දෙගුණයක් වී ඇති අතර, පාම් ජුමෙයිරා හෝටල් ඩිරාම්17000 දක්වා ඉහළ ගොස් ඇත. අලුත් අවුරුදු සති අන්තය සඳහා මෙම වසරේ, අවසාන මොහොතේ හෝටල් වෙන්කරවා ගැනීමක් සැලසුම් කරන ඕනෑම අමුත්තෙකු ගේ බලාපොරොත්තු සුන් වනු ඇත. ගිනිකෙළි සංදර්ශණ ඇතුළු සියලු අලුත් අවුරුදු ක්‍රියාදාමයන් ආවරණය කර ගැනීමට නම්, අමුත්තෙකුට ඩුබායි නගරයේ හෝටලයක එක් රාත්‍රියක නවාතැන් ගැනීම සඳහා ඩිරාම් 6,000 – ඩිරාම් 7,000 අතර මුදලක් වැය කිරීමට සිදු විය හැකිය. තවත් වසරක් පිළිගැනීමට සුදුසුම ස්ථානය ලෙස ඩුබායි නගරය තහවුරු කරගෙන ඇති බැවින් බොහෝ හෝටල් වෙන් කිරීම් කල්තියා සිදු කර ඇත. එම නිසා පාම් ජුමෙයිරාහි හෝටල් කාමර සියල්ල වෙන්කර…

Read More

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු දෙසැම්බර් 27 දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙ​ළ​ඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් වශයෙන් 27 දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විමට…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේ යුක්‍රේනයේ පවතින යුධම​ය තත්ත්වය හේතුවෙන් විදුලි පහසුකම් ඇනහිටීම් නිසා ශීත කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් සිවිල් වැසියන් වෙත ගෘහ විදුලි ජනක යන්ත්‍ර 2,500ක් පමණ ආධාර ලෙස යවන බවයි. මෙම විදුලි ජනක යන්ත්‍ර කිලෝවොට් 3.5 ත් 8 ත් අතර බල නිෂ්පාදනයක් සහිතයි. මෙම විදුලි ජනක යන්ත්‍ර මගින් සිවිල් වැසියන්ට අවශ්‍ය විදුලිය සැපයීමට උපකාර වන අතර එමඟින් අර්බුදකාරී පවුල්වල දුෂ්කර ජීවන තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වනු ඇති. ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Reem bint Ibrahim Al Hashemy පැවසුවේ යුක්‍රේනයට මෙම ආධාර ලැබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සහයෝගීතාවයේ වැදගත්කම, විශේෂයෙන් ගැටුම් අවස්ථාවන්හිදී වන අතර එය මානුෂීය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එහි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ෂන සහ සැමරුම් සඳහා ලොව පුරා විශාල ප්‍රසිද්ධි​යක් දරනවා. එම කාල සීමාව තුළ එම සංදර්ශන නැරඹිය හැකි හෝටල් සහ ආපනශාලාවල අධික මිල ගණන් සඳහාත් ප්‍රසිද්ධයි. ලොව පුරා සිටින ධනවත්​ම සංචාරකයින් එමිරේට්ස් වෙත ගමන් කරන්නේ ධනය, සුවිශේෂත්වය සහ අත්දැකීම් අනුව සෑම දෙයක්ම භුක්ති විඳීමටයි. ඩුබායි හි සමහර හෝටල් මෙම කාලය තුළ ඩිරාම් 260,000 ක් පමණ අය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ සංචාරක ඒජන්සියක ප්‍රකාශකයෙකු පැවසුවේ “අලුත් අවුරුද්දේ ආරම්භයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරම් තැනක් නැත.” එය වඩාත්ම විස්මිත ගිනිකෙළි හෝ හොඳම වර්ගයේ ආහාර පාන වේවා, මිනිසුන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබා…

Read More

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන දෙසැම්බර් 26 වනදා සිට තාවකාලිකව වසා දමන බවට සාජා බලධාරීන් විසින් නිවේදනය කර ඇත. කාලගුණික තත්ත්වයන් පහව ගිය පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත කරන බව එම නිවේදනයේ සඳහන්. ඉංජිනේරු කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකයින් අවශ්‍ය සියලුම පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් ඉදිකිරීම් ස්ථානවල ආරක්ෂක අවශ්‍යතා පිළිපදින ලෙසත් එම නිවේදනයෙන් ඉල්ලා සිටිනවා. සාජා මහ නගර සභාවේ කණ්ඩායම් සහ කමිටු විවිධ ප්‍රදේශවල වර්ෂාව නිසා රොක්වන වැසිජලය ඉවත්කර ගැනීමට ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කර ඇති අතර අවශ්‍ය කාර්ය මණ්ඩලය, උපකරණ සහ වේලි පොම්ප, ටැංකි සහ ජංගම ඉවත් කිරීමේ ස්ථාන වැනි බර සහ සැහැල්ලු යන්ත්‍රෝපකරණ සපයා තිබෙනවා.…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනාගත Smart Mobility ව්‍යාපෘතියේ දෙවන අදියරට පිවිසෙමින් අබුඩාබිහි යාස් සහ සාදියාත් දූපත් වල රියදුරු රහිත කුලී රථ, කුඩා රොබෝ බස් රථ සහ ට්‍රෑම් රථ ඇතුලුව වාහන 17ක් අබුඩාබි වැසියන්ට සහ සංචාරකයින්ට සේවය දැනටමත් ආරම්භකොට තිබෙනවා. ස්වයං ධාවන කැබ් රථ අටක්, කුඩා රොබෝ බස් රථ හයක් සහ රේල් පීලි නොමැතිව ක්‍රියාත්මක වන වැඩිදියුණු කළ වේගවත් ට්‍රෑම් රථ (ART) දැනට යාස් සහ සාදියාත් දූපත් වල ක්‍රියාත්මක වෙනවා. විදුලියෙන් ධාවනය වන මෙම රථ සඳහා ගමනාන්තවලදී වාහන ආරෝපණ ගත කිරීමට ආරෝපණ මධ්‍යස්ථාන 20ක් පමණ පිහිටුවා තිබෙනවා. එහි පළමු අදියරේදී, රේල් පීලි රහිත ට්‍රෑම් රථ යාස් දූපතේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන…

Read More