Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් අයින් නගරයේ රථවාහන රෙගුලාසි දැඩි ලෙස පිළිපදින රියදුරන්ට බලධාරීන් විසින් ඇගයීමක් ලෙස සුදුසුකම් ලත් රියදුරන් සඳහා නොමිලේ ඉන්ධන කාඩ්පත් බෙදා දෙන ලදී. එමෙන්ම නීති කඩ කරන රියදුරන්ට අබුඩාබි පොලිසිය විසින් රෙගුලාසි පිළිපැදීමට මතක් කිරීමක් ලෙස රෝස මල් ලබාදීමට කටයුතු කරනු ලබනවා. ජනතාවගේ සිත් තුල ප්‍රීතිය පැතිරවීම සහ ධනාත්මක ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් “Happiness Patrol” විසින් ඉන්ධන කාඩ්පත් ලබාදී​ම කරන ලදී. මෙම මුලපිරීමේ අරමුණ වන්නේ ධනාත්මක රථවාහන හැසිරීම් දිරිමත් කිරීම සහ, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමයි. ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස, අබුඩාබි පොලිසියේ සාමාන්‍ය විධානය සහ ඇඩ්නොක් ඉන්ධන බෙදාහැරීමේ සමාගම විසින් ආදර්ශමත් රියදුරන් පිළිගැනීමට සහ ත්‍යාග පිරිනැමීමට මෙම…

Read More

ආර්ථික අමාත්‍ය සහ එමිරේට්ස් සංචාරක කවුන්සිලයේ ප්‍රධානියා වන අබ්දුල්ලා බින් ටූක් අල් මාරි ප්‍රකාශ ක​ල පරිදි, වසරේ මුල් මාස හත තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් මගින් ඩිරාම් බිලියන 26 (ඇ.ඩො. බිලියන 7.1) ආදායමක් උපයා ඇත. එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 24% ක වර්ධනයක් නියෝජනය කරයි. බින් ටූක් පැවසුවේ සමාලෝචනයට ලක්වන කාලපරිච්ඡේදය තුළ රටේ හෝටල්, මිලියන 16 ක් සංචාරකයන්​ට සත්කාරකත්වය සැපයූ බවත්, 2022 එම කාල සීමාව තුළ සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂව 15% කට වඩා වැඩි වර්ධනයක් පෙන්වා ඇති බවත්ය. හෝටල් රාත්‍රී (hotel nights) මිලියන 56ක් පමණ වෙන්කරගෙන ඇති අතර ජනවාරි සිට ජූලි දක්වා හෝටල්වල රැඳී සිටීමේ අනුපාතය 75% දක්වා ළඟා…

Read More

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් සංවිධානය කරනු ලබන, UAE පාපන්දු සංගමය විසින් සත්කාරකත්වය සපයන සහ Delta Sports Events මෙහෙයුමෙන් පවත්වනු ලබ​න “ඩුබායි විවෘත පාපන්දු ඇකඩමි තරගාවලිය” ඩුබායි ස්පෝර්ට්ස් සිටි ක්‍රීඩාංගණවලදී දියත් කෙරෙන අතර එය 2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා සි​ට 2024 පෙබරවාරි 24  දක්වා පවත්වනු ලබනවා. මෙම තරගාවලිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ඇකඩමි 65ක් නියෝජනය කරමින් කණ්ඩායම් 300ක ක්‍රීඩ​ක ක්‍රීඩිකාවන් 5000 ක් පමණ සහභාගීත්වයක් අපේක්ෂා කරනවා. මෙම උත්සවය පවත්වනු ලබන්නේ ඩුබායි ක්‍රීඩා කවුන්සිලයෙහි ක්‍රීඩා කුසලතා ආකර්ශනය කර ගැනීම සහ සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙසය. ඩුබායි ක්‍රීඩා කවුන්සිලයෙහි මහලේකම් Saeed Hareb මෙසේ ප්‍රකාශ කළේ​ය: “2017 වසරේ ඩුබායි ක්‍රීඩා කවුන්සිල පාපන්දු ඇකඩමි…

Read More

ලෝක කුසලාන ක්‍රිකට් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ තවදුරටත් තමන් වෙතම රඳවාගත් නවසීලන්තය, හයිද්‍රාබාද් නුවරදී ඊයේ පැවැති තරගයේදී ලකුණු 99 කින් නෙදර්ලන්තය පරදවා පහසු ජයක් ලබාගත්තේය. නෙදර්ලන්තය සහභාගි වූ තරග දෙකම පරාජය වූ අතර නවසීලන්තය සහභාගි වූ තරග දෙකම ජයගත්තේය. ලකුණු 323 ක ඉලක්කයක් කරා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 46.3 දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223 කි. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 50 දී කඩුලු 7 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්තේය. නවසීලන්ත පිතිකරුවන් ශතක ලබා නොගත් නමුත් අර්ධ ශතක තුනකින් සවිමත් වූ නවසීලන්ත ඉනිමට දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්වර්​ගේ පන්දු 17 කදී ලකුණු 38 ක්…

Read More

ඩුබායිහි ඉතාම කාර්යබහුලම සහ වඩාත්ම සම්බන්ධිත මාර්ගයක් වන ෂෙයික් සයිඩ් මාර්ගය නොවැම්බර් මාසයේදී දින දෙකක් වසා දැමීමට නියමිතය. ෂෙයික් සයිඩ් පාර වසා තැබෙන දින ප්‍රකාශයට පත්කොට ඇතත් වසා තැබෙන්නේ කුමන වේලාවන් තුලද යන්න තවම නිවේදනය කොට නැත. මාර්ගය වසා තැබෙන දින ලෙස නොවැම්බර් 12 ඉරිදා ස​හ නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා ලෙ​ස ප්‍රකාශයට පත්කොට ඇත. ෂෙයික් සයිඩ් පාර වසා තැබෙන දිනය 1 – නොවැම්බර් 12 ඉරිදා නොවැම්බර් 12 වන ඉරිදා, Dubai Fitness Challenge ඩුබායි සවාරිය වෙනුවෙන් මෙම මාර්ගය වසා තැබෙනු ඇ​ත – මෙය සියලු කුසලතා මට්ටම්වල පාපැදිකරුවන් සඳහා නිර්මාණය කො​ට ඇති ප්‍රීතිමත් ඉසව්​වකි. ඔබ පාපැදි ධාවන ශූරයෙකු හෝ ආධුනි​කයෙකු වුව​ද විනෝදය සොයන්නෙක්…

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂිකව ලබා දෙනු ලබන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට අයැදුම්පත් කැඳවීම දැන් ආරම්භකො​ට තිබෙනවා. ග්‍රීන් කාඩ් ලොතරැයිය හෝ වීසා ලොතරැයිය (Diversity Immigrant Visa Lottery) ලෙස වඩාත් හොඳින් හැඳින්වෙන, විවිධත්ව සංක්‍රමණ වීසා (DV) වැඩසටහන​ මගින් එක්සත් ජනපද සංක්‍රමණ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාවක් සඳහා නොමිලේ ලියාපදිංචි වීමට ඉඩ සලසනවා. මෙම වසරේ විවිධත්ව වීසා වැඩසටහන “DV2025” ලෙස හඳුන්වනු ලබනවා. ​ඒ මෙම වාරයේ තෝරාගන්නා පුද්ගලයින් 2025 සැප්තැම්බර් 30 වන විට ඔවුන්ගේ සංක්‍රමණ වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කර තිබි​ය යුතු බැවිනි. DV වැඩසටහන සෑම මූල්‍ය වර්ෂයකම සීමිත කාලයක් සඳහා පමණක් ලියාපදිංචිය විවෘත කරනවා. DV-2025 විවිධත්ව වීසා වැඩසටහන 2023 ඔක්තෝබර් 4 සිට…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික අංශයේ ආකර්ෂණීය පරිවර්තනයක් සිදුවෙමින් පවතින අත​ර ඉදිරි වසර පහ තුළ, මෙම කර්මාන්ත​යේ රැකියා අවස්ථා 20,000ක් උත්පාදනය කිරීම​ට සූදානම් වේ. එහිදී පිරිනමනු ලබන වැටුප් සීමාවන් ඩිරාම් 12,000 සිට ඩිරාම් 50,000 දක්වා වේ. එපමණක් නොව, මෙම අංශය ජාතියේ ආර්ථිකයට ඩොලර් බිලියන 10 ක දායකත්වයක් එක් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. වේගයෙන් විකාශනය වන භූදර්ශනය ආහාර විද්‍යාඥයින්ගේ සිට ජාන විද්‍යාඥයින් දක්වාත්, පෝෂණවේදීන්ගේ සිට සාම්ප්‍රදායික ගොවීන් සහ ආහාර තාක්ෂණවේදීන් දක්වාත් විවිධ භූමිකාවන් නිරූපන​ය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආහාර පාන නිෂ්පාදන ව්‍යාපාර සමූහයේ සභාපති Saleh Lootah පැවසුවේ, “පශ්චාත් වසංගතයෙන් පසු, රජය ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛත්වය දී ඇති අතර…

Read More

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර් තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 41.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරුවන් දෙදෙනාද සමග පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු නොලබා දැවීයෑම හේතුවෙන් ඕවර 2 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 2 කට කඩුලු 3 ක් ලෙස සටහන් විය. කෙසේ වුවත් එම අවස්ථාවේදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි (85) සහ ලෝකේෂ් රාහුල් (නොදැවී 97) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනගමින්…

Read More

ශ්‍රී ලංකා – කොරියානු හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් Hyundai Heavy Industries ශ්‍රී ලංකාව තුල නවීනතම නෞකා තැනීමේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට, එම ආයතනය කොරියාවේ සංචාරක නිරත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ. මෙම මධ්‍යස්ථානය වෙල්ඩර්, විදුලි කාර්මිකයන්, පින්තාරු කරන්නන් සහ තවත් අංශ රැසකට අදාල පුහුණු කිරීම් කරනු ඇත. එහිදී නවක සහ පළපුරුදු වෘත්තිකයන්ට ගැලපෙන පරිදි මොඩියුල සකස් කර ඇති අතර එමගින් නෞකා ඉදිකිරීමේ කර්මාන්තයේ ඔස්සෙ විශිෂ්ටතා දැක්වීම සඳහා අවස්ථාව සලසා දෙනු ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය කොරියානු සංචාරය අතරතුරදී Hyundai Heavy Industries හීජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති සහ ප්‍රධානී Song-hoon Nam මහතා සමඟ…

Read More

දෙපිලේම පිතිකරුවන්ගේ කැපී පෙනුන දස්කම් හමුවේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන එක්දින තරගයෙන් ලකුණු 102 ක පහසු ජයක් වාර් තා කිරී​මට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 326 ක් රැස්කරමින් පරාජයේ පරතරය අඩුකර ගැනීමට සමත් වූහ. කණ්ඩායමේ දෙකේම පන්ඳු යවන්නන්ට අමිහිරි මතකයක් බවට පත්වූ මෙම තරගය හුදෙක් පිතිකරුවන් අතර පැවැති සටනක් ලෙස හැඳින්විය හැකිය. ලෝක කුසලාන තරගයකදී කණ්ඩායම් දෙකම එක්ව රැස්කර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර් තාව (714) බිඳ දැමීමට මෙම තරගයේදී (754) ශ්‍රී…

Read More