Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව සහ අනෙකුත් බලධාරීන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි නීති (AMLCFT) හා රෙගුලාසිවලට අනුකූල නොවීම සඳහා බොහෝ ආයතනවලට දඬුවම් පමුණුවා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය මූල්‍ය අපරාධ නිරීක්ෂණ කණ්ඩායමක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) සාමාජික වගකීමක් වශයෙන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි නීති දැඩි කර තිබෙනවා. Uppercase Legal Advisory ආයතනයේ කළමණාකාර සහකරු සහ අධිනීතිඥ ඇලෙක්සැන්ඩර් කුකුවෙව් පැවසුවේ, උල්ලංඝනය කරන්නන්ට ඩොලර් මිලියන 5ක් දක්වා දඩයක් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි අතර අවම සිරගත කිරීමේ කාලය වසර 10 ක් බවයි. මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) නීතිරීතිවලට අනුකූල වීම…

Read More

මානසි​ක රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ලබා ගත හැකි හොඳම ශාරීරික හා මානසික සත්කාර සැපයීම සහතික කිරීම සඳහා රජය විසින් නව ෆෙඩරල් නීතියක් නිකුත් කර ඇත. එමගින්, බලපත්‍රයක් නොමැතිව මානසික සෞඛ්‍ය සේවා සැපයීම තහනම් වෙන අත​ර බාල වයස්කරුවන් සඳහා වයස මත පදනම්වූ විශේෂිත ආරක්ෂණ ක්‍රමවේදයක් ගෙන එන අත​ර සෑම එමීර් පලා​තක​ම අධීක්ෂණ කමිටු ස්ථාපිත කරනු ඇ​ත. නීතිය මගින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන අතරම සෑම රෝගියෙකු සහ ඔවුන් සමඟ කටයුතු කරන එක් එක් පාර්ශවයන් අතර සම්බන්ධතාවය නියාමනය කිරීමත් පවුලේ සාමාජිකයින්ගේ ආතතිය අඩු කිරීමත් අරමුණු කරයි. ක්ෂේත්‍රයේ නවතම භාවිතයන් සහ සංකල්පයන්​ට අනුකූලව “මානසික සෞඛ්‍යය” සහ “මනෝචිකිත්සක රෝගියා” යන යෙදුම් නැවත නිර්වචනය කරනු…

Read More

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ලේකම්වරුන් ලෙස අගවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් ලබාගන්නා බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ පළමු ශ්‍රි ලාංකික කණ්ඩායම වශයෙන් තරුණයින් 80 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායල් කෘෂි රැකියා අවස්ථා හිමිවන්නේ රජයෙන් පමණක් වන බැවින් එම රැකියා සඳහා කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වලකින මෙන් හා එසේ මුදල් ලබාගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන මෙන් අමාත්‍යවරයා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇපල් උපාංග භාවිතා කරන්නන්​ගේ ‘රහස්‍ය තොරතුරු කාන්දු වීම’ වැලැක්වීම සඳහා ඔවුන්ගේ පද්ධති නවතම අනුවාදවලට යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටින බව එක්සත් අරාබි එමීර​යේ සයිබර් ආරක්ෂණ කවුන්සිලය (CSC) පසුගි​යදා සිය නවතම උපදේශනයේදී ප්‍රකාශ කළේය. CSC විසින් X වෙ​ත බෙදාගත් සටහනක “සියලු පද්ධති හරහා ඇති දුර්වලතා කිහිපයක්” විසඳීම සඳහා Apple විසින් නිකුත් කරන ලද නව “හදිසි ආරක්ෂක යාවත්කාලීන කිරීම්” පිළිබඳව නිවැසියන්ට අනතුරු ඇඟවීය. ආරක්ෂක හිඩැස් මගින් හැකර්වරුන්ට “දුරස්ථව විධාන ක්‍රියාත්මක කිරීමට, ඉහළ මට්ටමේ වරප්‍රසාද ලබා ගැනීමට හෝ බලපෑමට ලක් වූ පද්ධති හරහා සංවේදී තොරතුරු වෙත ප්‍රවේශ වීමට” ඉඩ ලබා දිය හැකි බව CSC පවසයි. කිසියම් උල්ලංඝනයවීමක් වළක්වා ගැනීම…

Read More

VisaGuide.World හි නව ශ්‍රේණිගත කිරීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය දුරස්ථ වැඩ සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස මැදපෙරදිග පළමු සහ ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත් පත්ව තිබෙනවා. VisaGuide.World වෙබ් අඩවිය, වීසා ක්‍රමවේදයන්හි සඵලතාවය අධීක්‍ෂණය කිරීම සහ ඇගයීම මෙන්ම, ඩිජිටල් ක්ෂේත්‍ර​ සහ අනෙකුත් පහසුකම් ආශ්‍රයෙන් රටවල ප්‍රගතිය ද මැන බලයි. වෙබ් අඩවියට අනුව විවිධ සාධක මත පදනම්ව ශ්‍රේණිගත කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ රුමේනියාවට පසු සිව්වන ස්ථානයට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ දුරස්ථ වැඩ යෙදුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඕමාර් බින් සුල්තාන් අල් ඔලාමා පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් ​නයාන්ගේ නායකත්වයෙන් සහ…

Read More

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) 2024 ජනවාරි 1 වනදායින් පසු පුද්ගලික අංශයේ සමාගම් සහ සේවකයින්, ගෘහ සේවකයින් සහ ගෘහ සේවකයින් බඳවා ගැනීමේ නියෝජිතායතන සම්බන්ධයෙන් ඩිරාම් 50,000 ට අඩු ආරවුල් විසඳීම ආරම්භ කරනු ඇත. නව ක්‍රියාවලිය සියළු පාර්ශවයන්​ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම, ක්‍රියා පටිපාටි විධිමත් කිරීම සහ හිමිකම් පාන්නන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අරමුණු කරයි. නව සංශෝධන මගින් ආරවුල විසඳීමට අමාත්‍යාංශයේ තීරණය පිළිබඳව දැනුම් දීමෙන් පසුව ඕනෑම පාර්ශ්වයකට වැඩ කරන දින 15ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට ඉඩ සලසයි. එවිට අධිකරණය වැඩ කරන දින තුනක් ඇතුළත නඩු විභාගයක් නියම කරණු ලබයි. ඩිරාම් 50,000 ඉක්මවන ආරවුල් සඳහා…

Read More

ඩුබායි හි Coca Cola Arena හි පැවති IPL වෙන්දේසියේදී, එදා මෙදා තුර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. එළ​ඹෙන වසර 3 ක කාලය සඳහා ඔහුගේ සේවය මිලදී ගැනීම වෙනුවෙන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 24.75 කි. එය දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 97 ක් ඉක්මවනු ඇත. ගුජරාට් ටයිනස් කණ්ඩායමේ හිමිකරුවන් සමග පැවැති කරට කර ලන්සු තැබීමකින් අනතුරුව මිචෙල් ස්ටාක් සිය කණ්ඩායමට ඇතුළත් කරගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ. ස්ටාක් සඳහා කෝටි 24.75 ක විශාල ලන්සුවක් තැබීමට පෙර එතෙක්…

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සදහා “හරිත බුමුතුරුණු” (Green Carpet ) ඊ​යේ දින සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම බුමුතුරුණු භාවිතයෙන් ගුවන් යානා වල පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය අඩු වන අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 21ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ඉතිරි කර දීමට සමත් වන බවට ගනනය කර තිබේ. ඊට අමතරව කාබන් විමෝචනය අවම කර ගැනීම මගින් වාර්ෂික පාරිසරික බලපෑම ටොන් 248.79 කින් අඩු කර ගැනීමට ද දායක වෙනවා. මෙම හරිත බුමුතුරුණු සැහැල්ලු බරින් යුක්ත වන අතර ඒවා ඉවත ලන ධීවර දැල්, ප්ලාස්ටික් සහ රෙදි කැබළි ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් සකසන විශේෂිත නයිලෝන් වර්ගයකින්, ඉන්ධන සහ ජලය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මාධ්‍ය නියාමනය පිළිබඳ ෆෙඩරල් ආඥා පනතක් නිකුත් කර ඇති අතර, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍ය ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සහ ගෝලීය මාධ්‍ය මධ්‍යස්ථානයක් ලෙස එහි තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සහ මාධ්‍ය අංශයේ වර්ධනය සහ සමෘද්ධිය උත්ප්‍රේරන​ය කිරීමට හැකි පරිසරයක් ස්ථාපිත කිරීම අරමුණු කරයි. නියෝගයේ විධිවිධාන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍ය සඳහා කැප වූ පුද්ගලයන්, සංවිධාන, මාධ්‍ය ආයතන සහ නිදහස් කලාප සඳහා අදාළ වේ. නිශ්චිත රෙගුලාසි සහ කොන්දේසිවලට අනුකූලව මාධ්‍ය ආයතන සහ අලෙවිසැල් හිමිකාරිත්වය දැරීමට පුද්ගලයන්ට සහ නීතිමය ආයතනවලට ඉඩ සලසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍ය නීතිය නියෝගයට අනුව, මාධ්‍ය ක්‍රියාකාරකම් යටත​ට මාධ්‍ය අන්තර්ගතය, නිෂ්පාදනය, සංසරණය, මුද්‍රණය…

Read More

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා සිය ඩිජිටල් උපායමාර්ගය 2023-2030 එළිදක්වන ලද අතර, එය මුලපිරීම් ව්‍යාපෘති 82 ක් සඳහා ඩිරාම් බිලියන 1.6 ක මුළු ආයෝජනයකි. ඩිජිටල් පරිවර්තනය, දත්ත භාවිතය ප්‍රශස්ත කිරීම සහ 100%ක් වේගවත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා RTA හි ගෝලීය නායකත්වය ශක්තිමත් කිරීම මෙම උපාය මාර්ගයෙහි අරමුණයි. ඩිජිටල් උපායමාර්ගයේ ප්‍රධාන අරමුණු අතරට 100%ක් ෆින්ටෙක්-ඩ්‍රයිව් සංචලනය සක්‍රීය කිරීම, ඩිජිටල් සේවා ලබා ගැනීම 95% දක්වා වැඩි කිරීම, RTA හි සේවකයින්ගේ කුසලතාවයන් 100% දක්වා ඩිජිටල්කරණය කිරීම සහ කෘතිම බුද්ධි භාවිත අවස්ථා 50ක් සංවර්ධනය කිරීම ඇතුළත් වේ. RTA හි අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති Mattar Al Tayer පැවසුවේ, “RTA නවීන හා…

Read More