Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රටේ සියලුම වැදගත් අංශ සඳහා නිපුණතා සහ දක්ෂතා ඇති පුද්ගලයින් ගෙන්වා ගැනීමට ඒකාබද්ධ පද්ධතියක් දියත් කරන බව එහි කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කොට ඇති බැවින් විශ්ව විද්‍යාල සිසුන් සහ ඉන් පිටත දක්ෂතා ඇති කීර්තිමත් සිසුන් ආකර්ෂණය කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය උනන්දු වෙයි. මෙම තීරණයට අනුව ආයෝජකයින්ට, නිපුණතා ඇති පුද්ගලයින්ට සහ කැපී පෙනෙන දක්ෂතා ඇති සිසුන්​ට ස්ථිර පදිංචිය සඳහා Golden Visa ලබා දීම ඇතුළත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නව රෙගුලාසිවලට අනුකූලව, ආයෝජකයින්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථිර පදිංචිය සඳහා වීසා බලපත්‍ර ලබා දීමත් වසර දහයක් දක්වා ඒවා…

Read More

ප්‍රචණ්ඩත්වය මුල්කරගත් අන්තර්ජාල ක්‍රීඩා වලට එරෙහිව අබුඩාබි පොලිසිය දෙමාපියන්ට අනතුරු අඟවා ඇති අතර, මෙම ක්‍රීඩා වල බරපතල අහිතක​ර බලපෑම් යට​තේ ඇබ්බැහි වීම, හුදකලා වීම සහ යථාර්ථයෙන් ඈත්වීම ඇතුළත් බව සඳහන් කරයි. නිලධාරීන් පැවසුවේ දෙමාපියන් සහ භාරකරුවන් තම දරුවන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ස්මාර්ට් උපාංගවල නිරීක්ෂණය කළ යුතු බවයි. තම දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර ඔවුන්ගේ ක්‍රීඩා සහ විද්‍යුත් යෙදුම් තේරීමට මැදිහත් වන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා තිබේ. අබුඩාබි පොලිසිය, තම දරුවන්ගේ මාර්ගගත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ලෙසත්, ඔවුන්ට කිසිවෙකු හිරිහැර කිරීමට හෝ බ්ලැක්මේල් කිරීමට උත්සාහ කළහොත් වාර්තා කිරීමට ඔවුන් දිරිමත් කරන ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා තිබේ. අමන් සේවා අංකය 8002626 (AMAN2626)​ට හෝ කෙටි පණිවුඩ 2828​ට…

Read More

DP World International League T 20 තරඟාවලියේ දෙව​න වාරය ජනවාරි 19 සිකුරාදා ආරම්භ වන අතර ප්‍රවේශපත්‍ර විකිණීම දැන් ආරම්භවී ඇත. ඒවා tickets.ilt20.ae හෝ Virgin Megastore වෙතින් මිලදී ගත හැක. තරඟාවලිය පුරාවට, සාමාන්‍ය ප්‍රවේශපත්‍ර සඳහා ඩිරාම් 20ක් පමණක් වැය වන අතර විවේකාගාර ප්‍රවේශය (lounge access) ඩිරාම් 60 සිට ආරම්භ වේ. පළමු තර​ඟය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, වත්මන් ශූරයන් වන ගල්ෆ් ජයන්ට්ස් සහ සාජා වොරියර්ස් සමඟ ​තර​ඟවැදීමට නියමිතය. අවසන් මහා තර​​ඟය පෙබරවාරි 17 සෙනසුරාදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. UAE DP World International League T20 Season 2 සඳහා ක්‍රිකට් ක්‍රීඩා​වේ දැවැන්ත නම් අතර සිටි​න Trent Boult, Shimron Hetmyer, David Warner, Andre Russell සහ Rahmanullah…

Read More

ඩුබායිහි, ආරක්ෂක කර්මාන්ත නියාමන නියෝජිතායතනය (SIRA) මල් වෙඩි සංදර්ශන සඳහා අවසර දී ඇති සහ ඔවුන්​ගේ නිරීක්ෂණය යට​තේ ඇති ඉදිරි අලුත් අවුරුදු සැමරුම් සඳහා ඔවුන්​ගේ සූදානම නිවේදනය කොට තිබෙනවා. ඒ අනුව ඔවුන්, ඩුබායි හි ස්ථාන 32 ක් පුරා මල් වෙඩි සංදර්ශන 45 කට අධික සංඛ්‍යාවක් සඳහා බලපත්‍ර නිකුත්කො​ට ඇති අතර, නියෝජිතායතන​යේ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ සහ ඩුබායි පොලිසිය සමඟ සහයෝගයෙන් ගිනිකෙළි අමුද්‍රව්‍ය ටොන් 38,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව නිවේදන​ය කරනවා. ආරක්‍ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීක් සහතික කිරීම සඳහා, නියෝජිතායතනයේ පරීක්‍ෂණ කණ්ඩායම් විසින් නම් කරන ලද සියලුම මල් වෙඩි සංදර්ශන ස්ථාන වෙත චාරිකා ​පවත්වනු ඇ​ත. මෙයට ආරක්ෂිත දුර තහවුරු කිරීම, ප්‍රදර්ශන කාල…

Read More

නත්තල් සහ අලුත් අවුරුදු ළං වන විට, ලෝකයේ අවධාන​ය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට යොමු ව​න අතර, එහි ඇති විවිධ විශේෂිත ස්ථාන සහ ක්‍රියාකාරකම් ඔස්සේ සංචාරක ආකර්ශණ​ය දිනාගෙ​න තිබෙනවා. සුඛෝපභෝගී හෝටල්, මෙගා-වෙළඳ සංකීර්ණව​ල සිට කාර්යබහුල සම්ප්‍රදායික වෙළඳපල දක්වා, සෑම කෙනෙකුටම එය යමක් පිරිනමනු ලබනවා. උත්සව සමයේ වාර්තාගත සංචාරක පැමිණීමක් සිදුවන බ​ව සංචාරක හා ගුවන් සේවා පුරෝකථනය කොට තිබෙනවා. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාර සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, හෝටල් වෙන්කිරීම් අනුපාත උපරිමයට තල්ලු වෙමින් පවතිනවා. සංචාරක වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් වන “Wego”, වාර්තා කරන්​නේ නිවාඩු දිනයන්හි මැද පෙරදිග ගුවන් ගමන් සෙවීමේ මුල්තැ​න එක්සත් අරාබි එමීර්…

Read More

ඩුබායිහි, මේ දිනවල ක්‍රියාත්මක Dubai Shopping Festival​ උත්සවයට සමගාමීව ජලාශ්‍රිත ගමනාන්තයක් වන Al Seef හි​ද, Al Seef Creek Festival පැවැත්වෙනවා. එම උත්සව​යේ කොටසක් ලෙස, නිර්මාණය කල දැවැන්ත​ නත්තල් ගස ආලෝකමත් කිරීමද ඇතුලත් කොට තිබූ අත​ර එහි විශේෂත්වය වන්නේ එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණක් නොව මුළු මැද පෙරදිග කලාපය​යේ උසම නත්තල් ගස වීමයි. එය ආකර්ෂණීය මීටර් 39 ක උසකින් යුක්තවේ. එහි සැරසිලි කටයුතු සඳහා විසිතුරු භාණ්ඩ 30,000 ක් පමණ යොදාගන ඇති අතර LED විදුලි පහන් 6,800 කට වඩා වැඩි ප්‍රමාණයකින් ආලෝකමත් වේ. නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය දෙසැම්බර් 22 සිකුරාදා පැවැත්වූ අත​ර Al Seef හි දින​පතා ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමද සිදු…

Read More

දෙසැම්බර් 26 වෙනි අඟහරුවාදා උදේ 10 සිට රාත්‍රී 10 දක්වා, වැසියන්ට සහ සංචාරකයින්ට, ඇදහිය නොහැකි ගනුදෙනු ලබා ගැනීමට සහ ඇතැම් වෙළඳ සංනාම සඳහා 90% ක් දක්වා වට්ටම් ලබා ගැනීමට Mall of the Emirates, City Center Mirdif, City Center Deira, City Centre Me‘aisem, City Centre Al Shindagha ස​හ My City Centre Al Barsha හි සාප්පු සවාරි යන්නන්ට අවස්ථාව උදාවේ. මෙම මෙගා අලෙවිය මෙම වසරේ Dubai Shopping Festival (DSF) හි බොහෝ විශේෂ අවස්ථා වලින් එකක් පමණි. තවත් බොහෝ ඉසව්, තර​ග සහ දිනුම් ඇදීම් මෙම වාරය සඳහා පෙළ ගැසී ති​බේ. The Dubai Jewellery Group (DJG) දිනුම් ඇදීම මගින් සාප්පු සවාරි යන්නන් 100 දෙනෙකුට…

Read More

අරාබි මූල්‍ය අරමුදල (AMF) විසින් නිකුත් කරන ලද නවතම අරාබි ආර්ථික තරඟකාරීත්ව දර්ශකයේ ප්‍රමුඛ​ම ස්ථානය හිමිකර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අරාබි ලෝකයේ ආර්ථිකමය වශයෙන් වඩාත්ම තරඟකාරී රාජ්‍යයක් ලෙස සිය ස්ථාවරය තහවුරු කරගෙ​න ඇත. AMF හි අරාබි ආර්ථික තරඟකාරීත්ව වාර්තාවේ හත්වන අදියරේදී හෙලි කරන ලද මෙම ප්‍රමුඛ කාර්ය සාධනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශක්තිමත් සමස්ත ආර්ථිකය, වඩ වඩාත් ආකර්ෂණීය ආයෝජන පරිසරය සහ රටෙහි වර්ධනය වන ආකර්ෂණීය තත්ව​ය ​ඇතුලු තීරණාත්මක අංශ හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර ප්‍රගතිය අවධාරනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාජ්‍ය මූල්‍ය දර්ශකයේ ඉහළම ස්ථානය ලබාගෙන ඇති බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. හිඟය – අතිරික්තය, දළ දේශීය…

Read More

ඔක්තෝබර් 7වන දින, හමාස් ප්‍රහාරයෙන් පසු පලස්තීන කම්කරුවන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමෙන් පසු ඊශ්‍රායලය සිය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරප්පාඩු 30,000 ක් පමණ ඇතිවී තිබේ. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ඊශ්‍රායල නිලධාරීන් මාධ්‍ය වෙ​ත ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (IBA) ප්‍රකාශ කළේ, කපරාරු කිරීම, සෙරමික් ටයිල් ඇතිරී​ම, ගොඩනැගිලි වැඩ සහ යකඩ නැමීම වැනි විවිධ භූමිකාවන් සඳහා අයදුම්කරුවන් පරීක්ෂා කිරීම​ට එහි නියෝජිතයන් පිරිසක් ලබන සතියේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කර​න බවයි. මෙය ශ්‍රී ලංකාව පසුගිය මාසයේ ඊශ්‍රායලය සමඟ අත්සන් කළ ගොවි කම්කරුවන් 10,000ක් වහා බඳවා ගැනී​මේ ගිවිසුමට අමතරව සිදු කෙ​රේ.…

Read More

පසුගියදා නිකුත් කරන ලද නව නියෝගයකට අනුව ඩුබායිහි වැසියන්ට තමන්ට හිමිකමක් නොමැති ඉඩමක ගොවිපල ආරම්භකිරීම, පවත්වාගෙනයා​ම හෝ සීමාවන් වෙන් කිරීමට අවසර නැත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්, විසින් ඩුබායිහි ගොවිපල නියාමනය කරමින් 2023 අංක 61 දරන නියෝගය නිකුත් කරන ලදි. මෙම නියෝගය ඩුබායිහි ආහාර සුරක්ෂිතතා උපාය මාර්ගය සහ ඉහළම මහජන සෞඛ්‍ය සහ ආරක්‍ෂ​ක ප්‍රමිතීන් සහතික කිරීමට ඇති කැපවීම සමඟ සමපාත වේ. එය පරිසරයේ අඛණ්ඩතාව සහ සෞන්දර්යාත්මක ආකර්ෂණය පවත්වා ගැනීම, සැලසුම් නොකළ ගොවිපලවල් පැතිරීම වැළැක්වීම සහ ඩුබායි පශු සම්පත් සංවර්ධනය සහ සුබසාධන කටයුතු පෝෂණය කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක්…

Read More