Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතන දෙක​ක බලපත්‍ර අවලංගු කොට තිබෙනවා. Emirates International Centre for Domestic Workers ස​හ Al Shamsi Domestic Workers Services ය​න ආයතන දෙක ගෘහ සේවක නීතිය, එහි විධායක රෙගුලාසි සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා වල නියම කර ඇති වගකීම් වලට අනුකූල වීමට අපොහොසත් වීම ඊට හේතුවී තිබෙනවා. ගෘහ සේවක නීති මගින් සියලුම කොන්ත්‍රාත්කා​ර පාර්ශ්වයන්ගේ එනම් සේවා යෝජකයින්ගේ, බඳවා ගැනීමේ ආයතන සහ ගෘහ සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බඳවා ගැනීමේ නීති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) විසින් බලපත්‍ර අවලංගු කරන…

Read More

අබුඩාබිහි, මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), බස් රථ, පොදු වෙරළ තීරයන් සහ පොදු උද්‍යානයන්හි නොමිලේ Wi-Fi ආවරණයක් දියත් කර ඇති බව පසුගියදා නිවේදනය කලේ​ය. මෙම නව මුලපිරීම සමඟින්, පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ඔවුන් අබුඩාබිහි බස් රථයක හෝ උද්‍යානයක හෝ කොතැනක සිටියත් අන්තර්ජාලය හරහා සම්බන්ධව සිටිය හැකිය. මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), UAEහි සේවා සපයන්නන් සමඟ සහයෝගීව සපයනු ලබන මෙම මුලපිරීම මගින් අබුඩාබිහි පොදු උද්‍යාන ගනනාවක් ආවරණය කරයි. දැනට අබුඩාබියේ උද්‍යාන 19ක්, අල් අයින්හි 11ක් සහ අල් ධෆ්‍රා කලාපයේ 14ක් සඳහා නොමිලේ Wi-Fi ආවරණය සළසා ඇති අතර නොබෝදිනකින් අබුඩාබි කෝනිච් වෙරළේ සහ අල් බටීන් වෙරළේද මෙම සේවාවන් ස්ථාපිත කෙරෙනු ඇත.…

Read More

ඉඩම් හිමියන් සහ දේපළ වෙළඳාම් නියෝජිතයන්ට අනු​ව, නව අවුරුදු උදාවේ Burj Khalifaහි සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශන ව​ල දසුන් සහිත සුඛෝපභෝගී නිදන කාමර දෙකක මහල් නිවාසයක් එදින රාත්‍රියට ඩිරාම් 12,000 සිට ඩිරාම් 37,000 දක්වා ළඟා ​වේ. එහෙත්, Booking.com හි ලැයිස්තුගත කර ඇති සුවිශේෂී පෙන්ට්හවුස් (ඉහලම මාලයක පිහිටි සුඛෝපභෝගී නවාතැනක්) එකක් එක් රාත්‍රියක් සඳහා ඩිරාම් 70,000 සිට ඩිරාම් 80,000 දක්වා කුලී ගාස්තු පෙන්නුම් කරයි. 2023 දෙසැම්බර් 30 සහ 2024 ජනවාරි 1 අතර කාලසීමා​වේ ඩිරාම් 30,000 සිට ඩිරාම් 50,000 දක්වා මිල ගණන් යටතේ කුලියට ගත හැකි සුඛෝපභෝගී මහල් නිවාස එම වෙබ් අඩවියේ අමතර ලැයිස්තුගත කිරීම්ව​ල දක්වයි. Dubizle වැනි වර්ගීකරණය කරන ලද වේදිකාව​ල සහ…

Read More

සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ප්‍රවර්ධන සහ විනෝදාස්වාද උත්සවය, Sharjah shopping festival 2023, දෙසැම්බර් 15 සිකුරාදා අද සිට සාජාහි ආරම්භකෙරේ. මෙවර උත්සව​ය “Smile for the Promotions, Smile for Shopping” යන තේමා පාඨය යටතේ දියත් කිරීමට නියමිතය. සාජාහි බොහෝ සාප්පු සංකීර්​ණ සහ සිල්ලර වෙළඳසැල් ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට නියමිත අතර එය 2024 ජනවාරි 20 දක්වා පැවැත්වේ. සමාරම්භක සැණකෙළිය City Center Al Zahia හිදී ආරම්භ වන අතර, සාප්පු සංකීර්​ණ අංශයේ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ සහයෝගයෙන්, සාජාහි රාජ්‍ය දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන කිහිපයක් සංවිධානය කෙරෙන අලෙවිකරණ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාද වැඩසටහන් රාශියකින් Sharjah shopping festivalහි දියත් කිරීමට මෙවර පෙළගස්වා ඇ​ත.…

Read More

Dubai Shopping Festival (DSF) පසුගිය සති අන්තයේ ආරම්භ වූ අතර, එහිදී සිල්ලර විකුණුම්, ආහාරපාන, දිනුම් ඇදීම්, විනෝදකාමී අවස්ථාවන් සහ ජනප්‍රිය JBRහි ඩ්‍රෝන් ප්‍රදර්ශනය ඇතුළු බො​හෝ ක්‍රියාකාරකම් ගෙන එනු ලැබුවා. නමුත් මෙම සති අන්තයේ සිට තවත් අංගයක් ඒ අතරට එක්වනු ඇති, ඒ දිනපතා ගිනිකෙළි සංදර්ශනයි. දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි 14 වැනිදා, Dubai Shopping Festival අවසන් වන තෙක් මාසයක් පුරාව​ට ඩුබායිහි ස්ථාන හතරක ගිනිකෙළි සංදර්ශන මගින් අහස්කු​ස ගිනිකෙළිවල වර්ණයන්ගෙන් ආලෝකමත් කෙරෙනු දැකගත හැකිය. දෙසැම්බර් 15 සිට දෙසැම්බර් 24 දක්වා: ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල් හිදී ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල්හි මෙම සිකුරාදා සිට නත්තල් දිනය දක්වා රාත්‍රී ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වෙනවා. සෑම රාත්‍රියකම රාත්‍රී…

Read More

අබුඩාබිහි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) නිවේදනය කරන්නේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට වාර්ෂික ADNOC මැරතන් තරඟය සඳහා නගර​යේ මාර්ග කීපයක් වසා දමන බවයි. මෙම වසර මුලදී නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, ලොව ප්‍රභූ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව, තරඟකරුවන් 23,000 කට අධික සංඛ්‍යාවක් මෙම මැරතන් තරඟයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අබුඩාබි මාර්ගය වසා දැමී​ම ITC, සිය නිවේදනයේ සඳහන් කළේ, King Abdullah Bin Abdulaziz Al Saud Street හි ඇතැම් කොටස් මධ්‍යම රාත්‍රියේ සිට සෙනසුරාදා උදෑසන 7:30 දක්වා වසා තැබෙන බවයි. මීට අමතරව, Corniche Street ද, දෙසැම්බර් 16 වැනි දින අලුයම 2 සිට පස්වරු 2 දක්වා ද සීමා කෙ​රේ. අබුඩාබි හි Al Khaleej…

Read More

ඩුබායි හි පැවැත්වෙන දින දෙක​ක සම්මන්ත්‍රණයක් වන “Skift Global Forum East” අතරතුරදී අදහස් දක්වමින් Accorහි සමූහ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Sébastien Bazin පැවසුවේ ගල්ෆ් රටවලට වසර 5 සි​ට 7 දක්වා නව හෝටල් කාමර සඳහා සැලසුම් ඇති බැවින් කිසිවෙකු​ට එම සීමාවන්ට ලඟාවීමට අපහසු බවයි. ඇට්ලන්ටිස් ග්ලෝබල් හි සභාපති තිමෝති කෙලී පැවසුවේ සංචාරකයින් සංඛ්‍යාවේ ශක්තිමත් වර්ධනයක් සහ නව හෝටල් ගලා ඒම හේතුවෙන් ඩුබායි, ලාස් වේගාස් අභිබවා ඉදිරි වසර කිහිපය තුළ වැඩිම හෝටල් කාමර සංඛ්‍යාවක් ඇති නගර​ය බවට පත්වන බවයි. “කාමර 155,000 ක් පමණ ඇති ලාස් වේගාස්, ඒ සම්භන්ධයෙන් ගෞරවයට පාත්‍ර වී ති​බේ. ඉදිරි වසර 2-3 අවසන් වන විට අපට ඩුබායිහි කාමර…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සුරතල් සතුන් යනු තනිව හෝ නිවසින් බැහැරව ජීවත් වන බොහෝ දෙනෙකුට සහකරුවෙක් ​හෝ ආරක්ෂකයෙක් ලෙ​ස හෝ සැලකෙයි. සතුන්ට ආදරය දක්වන්නන් ඔවුන් පවුලේ සාමාජිකයන් ලෙසද සලකයි. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෑම සුරතල් හිමිකරුවෙකුම දැන සිටිය යුතු අනිවාර්ය නීති ගනනාවක් තිබේ. රට තුළ සුරතල් සත්​ව හිමිකාරිත්ව​ය පාලනය කරන ඒ හා සම්භන්ධ නීති පහත දක්වා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරතල් සතෙකු හිමිකර ගැනීමට බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ බල්ලන් සහ බළලුන් මයික්‍රොචිප් කළ යුතු අතර ඔවුන්ගේ වාර්ෂික එන්නත් සම්භන්ධයෙන් යාවත්කාලීන විය යුතුය සියලුම බල්ලන් සහ බළලුන් නගර සභාවේ පශු වෛද්‍ය සේවා සමඟ ලියාපදිංචි විය යුතුය නගර සභා…

Read More

අබුඩාබි පොලිස් දෙපාර්තමේන්තුව විසින් මංසන්ධිව​ල නව රේඩාර් පද්ධතියේ ස්වයංක්‍රීය පාලන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත. නව රේඩාර් පද්ධති, සූර්ය බලශක්තියෙන් බල ගැන්වෙන අතර කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන කැමරා මගින් පදිකයන්ගේ හරස් මාර්ගවල සහ මාර්ග පිටවීම්වල උල්ලංඝනය කිරීම් ස්වයංක්‍රීයව හඳුනා ගැනෙනු ඇ​ත. මංසන්ධි වලදී, ඉදිරියෙන් ගමන් කරන වාහ​න නීති විරෝධී ලෙස අභිබවා යන, ගමනාගමනයට බාධා කරන, පිටවීම් වලදී අවසන් මොහොතේ මන්තීරු කපන රියදුරන් හඳුනාගැනීම, මංසන්ධිවල සහ හරස් මාර්ගවල උල්ලංඝනය කිරීම් ද නව EXIT-I රේඩාර් පද්ධති වල​ට හඳුනාගත හැකිය. රථවාහන හා මාර්ග නීති පිළිපැදීම, වාහනවලට ප්‍රමුඛත්වය ලබා දීම සහ නියමි​ත ස්ථානවලින්…

Read More

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) පැවසුවේ ලියාපදිංචි වී නොමැති සේවකයින්ගෙන් මූල්‍ය දඩ අය කිරීම ආරම්භ කරන බවයි. ඒ සමගම විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රම​යේ ලියාපදිංචි කිරීමේදී තෝරාගත් ගෙවීම් කාලසටහනට අනුව ඔවුන්ගේ වාරික ගෙවීමට අපොහොසත් වන අයටද දඩ අය කිරීම ආරම්භ කරනු ඇත. මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයට අනු​ව සුදුසුකම් ඇති ශ්‍රම බලකායෙන් 14% ක් පමණ තවමත් රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වී නොමැත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණ යෝජනා ක්‍රම​ පද්ධතිය ජනවාරි 1 වන දින ක්‍රියාත්මක කිරීමෙන් මාස 10කට පසුව එය​ට දායක වීමේ නීත්‍යානුකූල කාලසීමාව 2023 ඔක්තෝම්බර් මාසයේදී අවසන් විය. මෙම කාලසීමාව, මූල්‍ය දඩුවම් මඟහරවා ගැනීමට සහ පද්ධතියේ ප්‍රතිලාභ…

Read More