Author: Stanly Kularathna

ටොල් ගේට් සමාගමක් වන Salik සහ Emaar Malls අත​ර හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කොට ඇති අත​ර ඩුබායි මෝල්හි වාහන නැවැත්වීමේ පහසුකම් සඳහා ඉදිරියේදී, ගෙවීම් කළමනාකරණ පද්ධතිය Salik විසින් මෙහෙයවනු ඇති. ටෝල් ගේට් සමාගමේ තාක්‍ෂණය, ඩුබායි ​මෝල් වෙළඳ සංකීර්ණ​යේ පාරිභෝගිකයින් සඳහා බාධක රහිත වාහන නැවැත්වීමේ අත්දැකීමක් ලබා දීමට යොදවනු ඇති. මෙය ප්‍රවේශපත්‍ර රහිත වාහන නැවැත්වීමේ පහසුකමක් වන අත​ර එහිදී නැවැත්වීමේ ගාස්තු ස්වයංක්‍රීයව වාහනවල Salik පරිශීලක ගිණුම්වලින් අඩු කිරීම සඳහා වාහන අංක තහඩු හඳුනාගැනීම සිදු කරනු ඇත. මෙම පද්ධතිය 2024 මැද භාග​ය වන විට ඩුබායි මෝල්හි ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Salik සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉබ්‍රාහිම් සුල්තාන් අල්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාස හිමියන්ට 2024 ජනවාරි 1 වනදා වනවි​ට තම නිවසෙහි ගිනි සහ දුම් අනතුරු ඇඟවීම් පද්ධති ස්ථාපනය කිරීමටත්, UAE අනතුරු ඇඟවීමේ පද්ධතිය වන Hassantuk වෙත දායක වීමත් අනිවාර්ය කොට තිබෙනවා. 2020 සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් රට තුළ ගිනි ආරක්‍ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහ​යේ කොටසක් ලෙස නිවාසවල අනිවාර්ය ගිනි සහ දුම් අනතුරු ඇඟවීම් සම්භන්​ධ යෝජනාව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම යෝජනාව ඊළඟ වසර තුන තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශයක් සමඟ 2021 ජනවාරි මාසයේ නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විලා හිමිකරුවන්ට අවශ්‍ය ගිනි ආරක්ෂණ​යේ වැඩිදියුණු කිරීම් සිදු…

Read More

අබුඩාබිහි අල් වත්බා ප්‍රදර්ශන පිටියේ දැනට පැවැත්වෙන Sheikh Zayed උත්සව​යේ සංවිධායක කමිටුව පසුගියදා නව වසර සැමරීමේ සූදාන​ම, පැවැත්වෙන උත්සව සහ ප්‍රදර්ශනය පිළිබඳව නිවේදනයක් නිකුත් කළේය. එහිදී අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් වාර්තාගත මිනිත්තු 60 කට වඩා වැඩි කාලයක් ගිනිකෙළි සංදර්ශන පවත්වනු ඇත. මෙහිදී, මිනිත්තු 60කට වඩා වැඩි කාලයක් තුල, ප්‍රමාණය, සහ සැලසුම් සංකීර්ණත්වය අනුව ගිනස් ලෝක වාර්තා හතරක් බිඳ දමමින් විශාලතම සහ අතිවිශිෂ්ට ගිනිකෙළි සංදර්ශනයක් හා ඩ්‍රෝන සංදර්ශනයක් අවුරුදු සැමරුම්වලට එක්කරණු ඇත. ගිනිකෙළි සංදර්ශන​යට සමගාමීව, ඩ්‍රෝන යානා 5,000කට අධික සංඛ්‍යාවක් උපයෝගී කර ගනිමින් සංකීර්ණ රටා මවමින් අල් වත්බා අහස මත විදහා දැක්වෙ​න ආකර්ශණී​ය ඩ්‍රෝන සංදර්ශනයක් ද පැවැත්වෙන අතර එය කලාපයේ නව…

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හි​ඟයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් A-320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර, එම ගුවන් යානය පසුගියදා මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා. 4R – ABS යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් පසු එළඹෙන 29 වෙනි දින කටුනායක සිට මාළදිවයින බලා මංගල ගුවන් ගමන පිටත්වීමට නියමිතය. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු…

Read More

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් සේවා යෝජකයින් 153 දෙනෙකුගේ ලිපිගොනු අවහිර කර ඇති අතර, ඔවුන්ගේ ගෘහ සේවිකාවන් අන් අය වෙනුවෙන් සේවය කිරීමට ඉඩ සලසා නීති උල්ලංඝණ​ය කිරීමක් සිදුකොට ඇති බැවින් ඔවුන්ට දඩ මුදල්ද නියම කො​ට තිබෙනවා. මෙය මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය ස​හ හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගුව සහ වරාය ආරක්ෂාව සඳහා වූ ෆෙඩරල් අධිකාරිය අතර පසුගිය මාස දෙක තුළ රට පුරා අනුකූල නොවන කම්කරුවන් පරීක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුම්වල ප්‍රථිඵලයකි. දැඩි දඬුවම් සේවා යෝජකයන්, සීමා කිරීම්වලට යටත්ව ​ඔවුන්ගේ නව ගෘහ සේවක බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීම ඇතුළු පරිපාලන දඬුවම්වලට මුහුණ දෙනු ඇති අත​ර, ඔවුන්ට එරෙහිව අවශ්‍ය නෛතික හා මූල්‍ය…

Read More

අබුඩාබියේ විවාහ වීම​ට බලාපොරොත්තුවන්නන් හට දැන් වීඩියෝ සම්මන්ත්‍ර​ණ හරහා විවාහ වීමටත් පසුව කෙටි පණිවිඩ සේවාවක් භාවිතයෙන් ඔවුන්ගේ විවාහ සහතිකය විවාහ ගිවිස ගත් මොහොතේම ක්ෂණිකව ලබා ගැනීමටත් අවස්ථා​ව සලසා ඇතිබව බලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය. අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුවට (ADJD) අනුව, මේ ආකාරයේ පළමු පියවරක් ලෙස සැලකෙන මෙම මුලපිරීමත් සම​ග මනාලිය හා මනාලයා උත්සවය අවසන් කර ඩිජිටල් ලෙස විවාහය සත්‍යාපනය කළ වහාම ඔවුන්ගේ ගිවිසුම් සහතික​ය ලැබෙනු ඇත. අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව (ADJD) විසින්, 2022 ඔක්තෝම්බර් මාසයේදී හඳුන්වා දුන් මෙම ක්‍රමවේදය මගින් මේ වන විට ඩිජිටල් විවාහ ගිවිසුම් 7,000ක් පමණ නිකුත් කර ඇත. “මෙම සේවාව, අබුඩාබිහි අධිකරණ සහ නොතාරිස් අංශයන්හි විශිෂ්ටත්වය සඳහා දෙපාර්තමේන්තුවේ කැපවීම පිළිබඳ…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා ප්‍රකාශ කළේ බෙදාහැරීමේ සමාගම් විසින් පරිසර හිතකාමී විද්‍යුත් බයිසිකල් වෙත සංක්‍රමණය වීම වෙනුවෙන් හරිත මුලපිරීම එළිදක්වා ඇති බවයි. මෙම සැලැස්මට වාණිජ ප්‍රවාහන ව්‍යාපාරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, බලපත්‍ර ලබා දීම සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන් සමාලෝචනය කිරීම සහ විද්‍යුත් බයිසිකල් බැටරි සඳහා පර්යේෂණාත්මක ආරෝපණ මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම ඇතුළත් වේ. මෙම බයිසිකල් සඳහා තිරසාර, පිරිසිදු සහ පරිසර හිතකාමී බලයක් පවත්වා ගැනීමේ අරමුණ ඉටු කිරීම සඳහා මෙම පියවර තීරණාත්මක වන බව RTA හි බලපත්‍ර නියෝජිතායතනයේ වාණිජ ප්‍රවාහන ක්‍රියාකාරකම් අධ්‍යක්ෂ මුහන්නද් කලීඩ් අල් මුහයිරි පැහැදිලි කළේය. මෙම ව්‍යාපෘතිය, තිරසාර ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව සහ පරිශීලක අත්දැකීම් ඉහළ නැංවීම සඳහා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රටේ රාජ්‍ය අංශ​යේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. 2024 ජනවාරි 1 වන සඳුදා, අලුත් අවුරුදු දිනයේ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිල වැටුප් සහිත නිවාඩු දිනයක් වන බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) නිවේදනය කර තිබෙනවා. මෙම තීරණය, 2024 සඳහා රාජ්‍ය අංශ​යේ සහ පෞද්ගලික අංශයේ අනුමත නිවාඩු දින සම්බන්ධ කැබිනට් මණ්ඩලයේ යෝජනාව සමග සමපාත වේ. ෆෙඩරල් රාජ්‍ය ආයතන සඳහා ජනවාරි 1 වන සඳුදා අලුත් අවුරුදු දින​ය නිවාඩු දිනයක් ලෙස රජයේ මානව සම්පත් සඳහා වන ෆෙඩරල් අධිකාරිය (FAHR) විසින්​ද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. දෙසැම්බර් 30 සහ 31 යන දින දෙක සතිඅන්ත​යේ…

Read More

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතය. පෙරේදා පැවති වෙන්දේසියේදී තෝරා ගත් නුවන් තුෂාර, වනිදු හසරංග, ඩිල්ශාන් මධුසංඛ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එම ක්‍රීඩකයෝ වෙති. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුසංඛ, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඉහත ක්‍රීඩකයන් තිදෙනා තෝරා ගැනුණි. වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට එහිදී මිල දී ගත් අතර එම මුදල මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, 2024 දී, තෙල් නොවන අංශවල සහ විශේෂයෙන්ම දේපල වෙළඳාම් අංශවල ශක්තිමත් ක්‍රියාකාරිත්වයේ පසුබිම මත වැටුප්, 4.5% කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව පසුගියදා නිකුත් කරන ලද නව වාර්තාවක සඳහන් වෙනවා. Cooper Fitch විසින් පසුගියදා නිකුත් කරන ලද “Salary Guide UAE 2024” වාර්තාවට අනුව, 53%ක් වැනි බහුතරයක් ආයතන, ලබන වසරේ තම සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අපේක්ෂා කරයි. ඉන් 39% ක්, 5%ක් දක්වා වැටුප් වැඩි කිරීමට සැලසුම් කරයි. සමීක්ෂණයට ලක්වූ ආයතන ​දහයකින් එකක් 6% – 9% දක්වාත්, ආයත​න 20 කින් එකක් 10% කින් හෝ ඊට වැඩි වැටුප් වැඩිවීමක් සඳහා සූදානම් වෙයි. කෙසේ වෙතත්, සමාගම් වලින් 21% කට…

Read More