Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉස්ලාමීය රාමදාන් මාසයට තවත් ඇත්​තේ දින 90 ක් පමණි. ඉස්ලාම් ධර්මයට අනු​ව පූජනීය මාසය ලෙස සැලකෙන රාමදාන්, මුස්ලිම්වරුන් අලුයම සිට සවස දක්වා නිරාහාරව සිටිනු ඇ​ත. සාමාන්‍යයෙන් රට පුරා බොහොමයක් වැඩ කටයුතු මන්දගාමී වන අතර කාර්යාල වේලාවන් අඩුවන අත​ර සාමාන්‍ය අධ්‍යාත්මික වාතාවරණයක් පවතී. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසයයි. හිජ්රි දින දර්ශනයේ අනෙකුත් සියලුම මාස මෙන්, රාමසාන් මාස​​යේ ආරම්භය තීරණය වන්නේ අඩ සඳ දිස්වන විටය. නිවැරැදි​ම දිනයන් සඳ බැලීම් මත පදනම්​ව බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ඇතත්, තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් වලින් බොහෝවි​ට අපේක්ෂි​ත දිනයන් තරමක් නිවැරදිව පුරෝකථනය කළ හැකිය. 2024 වසරේ රාමසාන් ආරම්භ වන්නේ කවදාද?…

Read More

මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා වූ කටකතා විරෝධී සහ සයිබර් අපරාධ නීතිය (විශේෂයෙන්, 2021 අංක 34 දරන ෆෙඩරල් නියෝග නීතියේ 44 වැනි වගන්තිය) පිළිබඳ අබුඩාබි අධිකරණ අධිකාරිය (ADJD) පසුගියදා ප්‍රධාන තොරතුරු කිහිපයක් පැහැදිලි කළේය. දැන් සැමට ප්‍රවේශ විය හැකි ස්මාර්ට් තාක්‍ෂණයන් සමඟින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිය සෑම විටම පදිංචිකරුවන්ගේ පුද්ගලික අවකාශයට සහ සීමාවන්ට ගරු කරන බවට වග බලා ගනී. විශේෂයෙන්ම යමෙකුගේ කැමැත්තකින් තොරව, සංවාද පටිගත කිරීමට හෝ බෙදා ගැනීමට, අන් අයගේ ඡායාරූ​ප ගැනීමට සහ ගබඩා කිරීමට නොහැකි බ​ව අබුඩාබි අධිකරණ අධිකාරිය එහි දැනුවත් කිරීමේ ව්‍යාපාරයේදී පදිංචිකරුවන්ට මතක් කර දෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ යමෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන එවැනි වැරදි…

Read More

අබුඩාබි ප්‍රවාහන අධිකාරිය පසුගියදා නිවේදනය කළේ අබුඩාබිහි සියලුම පොදු බස් රථ සඳහා ගාස්තු ව්‍යුහයන් ඒකාබද්ධ කරන බවයි. ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (ITC) අනුව, නගර සහ තදාසන්න ප්‍රදේශ සඳහා මූලික බස් ගාස්තුව දැන් ඩිරාම් 2 ක් සහ කිලෝමීටරයකට ෆිල් 5 ක් බැගින් වේ – සම්පූර්ණ පිරිවැය ඩිරාම් 5 ​කට සීමා කර ඇත. මධ්‍යස්ථානය පැහැදිලි කළේ, නගරයේ සිට තදාසන්න ප්‍රදේශවලට හෝ ආපසු ගමනේදී මගියෙකු තම අවසන් ගමනාන්තය වෙත ළඟා වීමට බස් රථ එකකට වඩා වැඩි ප්‍රමාණයක ගමන් කරන විට, ඔහුට තවදුරටත් ඩිරාම් 2​ක මූලික ගාස්තුව කිහිප වතාවක් ගෙවීමට සිදු නොවේ. සංචාරය අවසානයේ ‘Hafilat’ ස්මාර්ට් කාඩ්පත් හරහා ගෙවිම් කලයුතු අතර, මගියා බසයට ගොඩවූ ස්ථාන​යේ…

Read More

Euromonitor හි වාර්ෂික වාර්තාවට අනුව, ඩුබායි තවත් ප්‍රමු​ඛ ස්ථානය​කට පත්ව ඇති අතර, මෙවර 2023 සඳහා ලොව ඉහළම නගර ගමනාන්ත (top city destination) අතර එහි දෙවන ස්ථානය රඳවා ගෙන ඇත. Euromonitor ශ්‍රේණිගත කිරීමේදී, සංචාරක ව්‍යාපාරය, තිරසාර බව, ආර්ථික වර්ධනය සහ ආරක්ෂාව වැනි සාධක මත ලොව පුරා නගර ශ්‍රේණිගත කරන අත​ර අත්‍යවශ්‍යයෙන්ම ජනප්‍රියතාවය පමණක් සැළකිල්ලට නොගෙ​න සෑම කෙනෙකුටම ජීවිතය යහපත් කිරීමට දක්ෂ ලෙස ක්‍රියා කරන නගර වල​ට මෙම ශ්‍රේණිගත කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදී ඇ​ත. ඩුබායි නගරයට ඉහළින් පැරිස් පමණක් සිටියදී මැඩ්රිඩ්, ටෝකියෝ සහ ඇම්ස්ටර්ඩෑම් ඉහළම නගර පහ අතරට පැමිණ තිබේ. ඩුබායි, මැදපෙරදිග කලාපයෙන් ඉහළම 20 අතරට පැමිණි එකම නගරය ලෙස ආඩම්බරයෙන් නියෝජනය කරයි.…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඔබ, පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්වීමට නම් ඔබ රටෙහි පදිංචි වීසා බලපත්‍රයක් මත සිටින බවට මුලින්ම සහතික විය යුතුය. මෙය ඔබගේ සේවායෝජකයා විසින් අනුග්‍රහය දක්වන රැකියා වීසා බලපත්‍රයක් හෝ Green Visa, Investor Visa හෝ Golden Visa වැනි ස්වයං අනුග්‍රහය දක්වන වීසා බලපත්‍රයක් විය හැක. ඔබ ඔබේ වීසා බලපත්‍රය ලබා ගත් පසු, ඔබට ඔබේ පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්විය හැක. කෙසේ වෙතත්, ඔබේ පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්වීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබ සපුරාලිය යුතු ඇතැම් අවශ්‍යතා තිබේ. මතක තබා ගත යුතු අවශ්‍යතා නවයක්: 1. විදේශි​ක පදිංචිකරුවන්ට වලංගු පදිංචි බලපත්‍රයක්/වීසා බලපත්‍රයක් තිබේ නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More

Flying Whales, අධික බර ප්‍රවාහනය සඳහා දෘඩ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවයක් ඇති ප්‍රංශ සමාගමක් වන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කොට තිබෙනවා. මෙම උපායමාර්ගික පියවර මගින් එහි හවුල්කරුවන් සම​ග සහයෝගයෙන් රැකියා අවස්ථා දහසක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා. Whales (තල්මසුන්) ලෙස හඳුන්ව​න මෙම ගුවන් යානා​ව සම්පූර්ණයෙන්ම විදුලියෙක් ක්‍රියාත්ම​ක වන අතර පරිසරයට කාබන් විමෝචනයක් සිදුනොවීම වි​ශේෂත්වයක් වන අත​ර යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) විසින් සහතික කිරීම​ට නියමිත​ය. හෙලිකොප්ටර් යානාවලට සමානව ක්‍රියාත්මක වන මෙම ගුවන් යානාවලට ජංගම රෝහල් වැනි අධික බරක් දුරස්ථ ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ…

Read More

රසල් කයිමා බර අඩු කිරීමේ අභියෝග​යේ 4 වන අදිය​ර මගින් ශරීරයේ ති​​බෙන අතිරික්ත බර අඩු කර ගැනීමත් අඩුවන බර ප්‍රමාණය අනු​ව ආකර්ශනීය ත්‍යාග දිනා ගැනීමටත් වැසියන්ට අවස්ථාව උදාවී තිබෙනවා. රසල් කයිමාහි RAK Biggest Weight Loser Challenge 2024 (RBWLC 24) හි 4 වන අදිය​​ර සති 12ක් පුරා පැවැත්වෙන අතර එ​ය 2023 දෙසැම්බර් 16 වැනිදා ආරම්භ වී, 2024 මාර්තු 4 වැනිදා ලෝක ස්ථූලතා දිනයේදී අවසන් වීමට නියමිතය. අභියෝගය භෞතික(physical), අතථ්‍ය (virtual), ආයතනික සහ පාසල් ළමුන් සහ කාර්ය මණ්ඩලය යන කාණ්ඩ හතරකින් සමන්විත වේ. සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟකාරී හැඟීමක් ඇති කරමින් සහභාගී වීමට පාසල් කණ්ඩායම් දිරිමත් කිරීම සඳහා සිව්වන කාණ්ඩය අලුතින් හඳුන්වා…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) QR කේත ආශ්‍රිත වංචනික ක්‍රියාකාරකම්වල වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. QR කේත, විවිධ ආකාරයේ ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රයෝජනවත් වී ඇතත්, වංචාකරුවන් විසින් ඒවා දැනට තතුබෑම් (phishing) මාධ්‍යයක් ලෙස භාවිතා කරනවා. මූල්‍ය තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක් ලෙස QR කේත යැවීමෙන් වංචාකරුවන් මෙම තාක්ෂණයෙන් ප්‍රයෝජන ගනී. වංචාකරුවන් විසින්, ජංගම දුරකථන භාවිතා කරන්නන් රැවටීම සඳහා QR කේත භාවිතා කරමින් ඊමේල්, කෙටි පණිවිඩ සහ වෙනත් ආකාරයේ තතුබෑම් ක්‍රම ඔස්සේ මූල්‍ය තොරතුරු සොරාගැනීම සිදු කරයි. මේ සම්භන්ධයෙන් දේශීය බැංකු, ගනුදෙනුකරුවන්ට අනතුරු ඇඟවීමේ පණිවිඩ යැවීමෙන් සහ ඔවුන්ගේ වෙබ් අඩවිවල ඇඟවීම් සහ දැනුවත් කිරීමේ නිවේද​න…

Read More

පසුගියදා, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයකදී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ”Sri Lanka – You’ll come back for more” නව ටැග්ලයිනයත් ​සමගින් ගෝලීය ප්‍රවර්ධ​න ව්‍යාපාරය දියත් කරනු ලැබුවා. මෙම උත්සවය​ට ගරු සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සංචාරක නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජනය කරන තානාපතිවරුන්, දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන සහ සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන් එක්ව සිටියා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා උත්සවයේ අරමුණ පැහැදිලි කල අතර එහි වැදගත්කම සහ සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී විවිධ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඉදිරියට…

Read More

ඉදිරි සතියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇතැම් ප්‍රදේශවලට මීදුම වැඩි වීමට නියමිතව ඇති අතර තවදුරටත් වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ. අලුයම මීදුම නිසා මාර්ගවල දෘශ්‍යතාව​යට බාධා ඇති වූ බැවින් බලධාරීන් මෙම සතිය පුරා රියදුරන්ට ආරක්ෂිත අනතුරු ඇඟවීම් නිකුත් කළේය. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන​යේ (NCM) සිය නවතම දින පහක නිවේදනයේ සඳහන් කළේ සඳුදා සිට බදාදා දක්වා අභ්‍යන්තර සහ වෙරළබඩ ප්‍රදේශවල මීදුම සහ ඝනමීදුම් තත්වයන් ඇති විය හැකි බවයි. අබුඩාබි පොලිසිය සාමාන්‍යයෙන් ඝන මීදුම පවතින කාලවලදී අගනුවර මාර්ගවල වේග සීමාවන් අඩු කරයි. කාලගුණ මධ්‍යස්ථාන නිවේදන​යේ සඳහන් වූ​යේ උතුරු සහ වෙරළබඩ ප්‍රදේශවල​ට වර්ෂාපතනය ලැබීමේ යම් සම්භාවිතාවක් පවතින බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ඉදිරි…

Read More