Author: Stanly Kularathna

ඉරාන දේශසීමාව ආසන්නයේ කුවේට් හි කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපළක රඳවාගෙන, පහරදී, ආහාර හා වැටුප් ලබා නොදී, බලහත්කාරයෙන් වැඩ කිරීමට සිදු වූ ශ්‍රී ලාංකික තරුණයන් හය දෙනෙක් කුවේට් හි ​ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන නිවෙස් වෙත යවා තිබෙනවා. මෙම තරුණයන් ඊයේ අලුයම 03.30 ට කුවේට් සිට පැමිණි ජසීරා එයාර් වේස් ගුවන් සේවයට අයත් J-9551 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා​ව වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ආරංචි මාර්ග සඳහන් කලා. ඔවුන් සියලු දෙනාම ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කුවේට් හි මෙම රැකියා සඳහා ගොස් ඇත්තේ තම ගම් ප්‍රදේශයේ නීති විරෝධී තැරැව්කරුවකු…

Read More

තරගයේදී ඉන්දියාවෙන් ලැබුනු ලකුණු 374 ක සුවිශාල ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 306 ක් පමණි. නායක දසුන් ශානක පන්දු 88 කදී වේගවත් ලකුණු 108ක් නොදැවී රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කඩුළු 8 ක් ලකුනු 206 කට බිඳ වැටී තිබියදී නායක දසුන් ශානක හා කසුන් රාජිත 9 වැනි කඩුල්ල සඳහා පන්දු 73 කදී ලකුණු සියයක නොබිඳුනු සබඳතාවක් පැවැත්වීය. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒක්දින තරගයක 9 වැනි කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව විය. මීට පෙර 2010 වර්ෂයේදී ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග 9 වැනි කඩුල්ල සඳහා වාර්තා…

Read More

ඩුබායි මහ නගර සභාව (DM) විසින් පැරණි සහ භාවිතයට නොගත් භාණ්ඩ ප්‍රවාහන බහාලුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කො​ට තිබෙනවා. පැය 24 පුරාවට විවෘතව ඇති මෙම මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ පුද්ගලයන්ට තම වාහනවලින් ඉවත් නොවී, නියමිත ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන හරහා එය ප්‍රයෝජනයට ගැනීමට හැකි වන පරිද්දෙනි. අපද්‍රව්‍ය නිෂ්පාදනය අවම කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ අනුපාත ඉහළ නැංවීමේ අරමුණින්, තිරසාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සිවිල් ආයතනයේ ප්‍රයත්නයන්ට මෙම මධ්‍යස්ථානයන් සහාය වනු ඇති. භාවිතයට නොගත් ඝන මීටර් 40 ධාරිතාවකින් යුත් භාණ්ඩ නැව්ගත කිරීමේ බහාලුම් අනුමත පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නැවත සකස් කර නිෂ්පාදනය…

Read More

සංචාරක වීසා බලපත්‍ර යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ, මේ වන විට වීසා අවලංගු වී, නැවත සිය රට බලා යාමට නොහැකිව අපහසුතාවයන්ට පත්ව ඇති ශ්‍රී ලාංකිකයින් හට පහසුකම් සැලසීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතා ඔබගේ තොරතුරු ලබාදී ලියාපදිංචි වන ලෙස කාරුණිකව දන්වා සිටිමු! දුක: +971 26 316 444 / +971 263 46481 ලියාපදිංචිවීමේ අවසාන දිනය: 13.01.2023

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2024 ජනවාරි 1 වනදා සිට තනි භාවිත ප්ලාස්ටික් සාප්පු බෑග් සඳහා සම්පූර්ණ තහනමක් බලාත්මක කරන බව අඟහරුවාදා නිවේදනය කරන ලදී. අමාත්‍ය මණ්ඩල යෝජනාවක් මඟින් ලබන වසරේ සිට තනි භාවිත ප්ලාස්ටික් ෂොපින් බෑග් ආනයනය, නිෂ්පාදනය සහ සංසරණය තහනම් කොට තිබෙනවා. 2026 ජනවාරි 1 සිට, කෝප්ප, පිඟන්, හැඳි ගෑරුප්පු, බහාලුම් සහ පෙට්ටි, හැඳි, ගෑරුප්පු, පිහි, චොප්ස්ටික්ස්, බීම බ​ට වැනි ප්ලාස්ටික් හෝ ෆෝම් නිෂ්පාදන තහනම් කරනු ඇත. මෙය තනි භාවිත අමුද්‍රව්‍ය වලින් සාදන ලද නිෂ්පාදන තහනම් කිරී​මේ පෙරහුරුවක් ලෙස සැළකෙනවා. මෙම තීරණය​ට ආහාර ද්‍රව්‍ය නැවුම්ව තබා ගැනීමට භාවිතා කරන තුනී බෑග් රෝල් ඇතුළු සමහර නිෂ්පාදන බැහැර කොට තිබෙනවා. අපනයනය…

Read More

“ටෙට්” ලෙස හැඳින්වෙන වියට්නාමයේ චන්ද්‍ර අලුත් අවුරුද්ද වෙනුවෙන් “වියට්නාම් ෆුඩීස්” අවන්හ​ල තම ආදායම කාර්ය මණ්ඩලය සමඟ බෙදා ගන්නා බව නිවේදනය කොට තිබෙනවා. වියට්නාම ෆුඩීස් හි ඔවුන්ගේ අවන්හ​ල් ජාලය ඩුබායි හි ස්ථාන පහක් තු​ල ක්‍රියාත්මක වෙනවා. ජනවාරි 21, සෙනසුරාදා දින, චන්ද්‍ර අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ​මෙම ව්‍යාපාර ජාලය තුල ජනනය කරනු ලබ​න සියලුම ආදායම – ආහාර පිරිවැය අඩු කිරීමෙන් පසු අවන්හලේ කාර්ය මණ්ඩලයේ 120 දෙනා අතර බෙදා ගැන්මට නියමිතයි. වියට්නාම ෆුඩීස් වසර හතරක් තිස්සේ මෙම ආදායම් බෙදා ගැනීමේ සම්ප්‍රදාය අනුගමනය කොට තිබෙනවා. වියට්නාම ෆුඩීස් හි හිමිකරු සහ විධායක සූපවේදී Lily Hoa Nguyen පැවසුවේ, “අපගේ ශක්තිය තිබෙන්නේ අපේ කණ්ඩායම තුළයි. ඔවුන්ගේ වෙහෙස…

Read More

වානේ ටොන් 4,000කට වඩා වැඩි ප්‍රමාණයක්, ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් ඝන මීටර් 18,300ක් සහ ධාවන පථයට ආධාර කරන විශේෂිත බාල්ක 100ක් සමඟින් ඉදිකර ඇති – Etihad Rail වඩාත් සංකීර්ණ ව්‍යාපෘතිවලින් එකක් ලෙස සැලකෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සමුද්‍ර පාලම ඇ​ර​බියන් ගල්ෆ් හරහා කිලෝමීටරයක් දුරට විහිදෙන අතර අබුඩාබියේ පුළුල් වූ කලීෆා වරාය එමිරේට්ස් ප්‍රධාන භූමියට සම්බන්ධ කරනවා. කලීෆා වරායට නැව්ගත කරන භාණ්ඩ රට පුරා වේගයෙන් හා කාර්යක්ෂමව ගෙන යාමට ඉඩ සලසමින් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මෙම මාර්ගයේ ධාවනය කෙරෙනවා. ක්‍රියාත්මක වූ පසු, Etihad Rail පවසන්නේ පාලම මතින් රැගෙනයන ප්‍රවාහන දුම්රියකට සම්පුර්ණයෙන්ම පටවන ලද භාණ්ඩ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගවලින් ගෙනයන්නේ නම්…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සිසුන් 1,000ක් සඳහා දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් 2022 නොවැම්බර් මස ආරම්භවී 2023 ජනවාරි මස දක්වා පැවැත්වූ අත​ර මේ වනවිට ඔවුන් පුහුණුව අවසන් වී සුදුසුකම් සම්පූර්ණ කොට ඇත. මෙම වැඩසටහනට මෘදුකාංග ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, පරිගණක විද්යාව සහ සයිබර් ආරක්ෂාව, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර ඇතුළත් විය. “සිසුන් 1,000ක් සඳහා වූ පුහුණු වැඩසටහන තුලින් එමිරාති උපාධිධාරීන් ඉලක්ක කර ඔවුන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට සහ ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත් RTA විසින් අනාගතය සඳහා අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමත් සිදුකරනවා. RTA තුළ කැපී පෙනෙන උපාධිධාරීන් සඳහා ස්ථානගත කිරීම් ද සපයනවා” මානව සම්පත් හා සංවර්ධන…

Read More

කොටස් වෙළඳාමට ඇති උනන්දුව අනුව රටවල් ශ්‍රේණිගත කරන, මෑතදී කරන ල​ද සමීක්ෂණයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ පස්වන ස්ථානයට පත්ව ඇත. වෙනත් කිසිදු ගල්ෆ් හෝ අරාබි රාජ්‍යයක් පළමු 10 දෙනා අතරට මෙතෙක් පැමිණ නැත. මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ එක්සත් රාජධානිය පදනම් කරගත් මූල්‍ය සේවා සමාගමක් වන CMC Markets විසිනි. කොටස් සහ වෙළඳාම ගැන උනන්දුවක් දක්වන පුද්ගලයින් විසින් නිතර භාවිතා කරන සෙවුම් පදවල Google Trends දත්ත අධ්‍යයනයන් ඔස්සේ පරීක්ෂා කිරීම් කොට ඇ​ත. මෙම නියමයන් පසුව එක් එක් ඉංග්‍රීසි කතා කරන රටකට ‘සම්පූර්ණ සෙවුම් සඳහා ලකුණු’ ලබා දීම​ට පසුගිය මාස 12 තුළ කොටස් සඳහා වඩාත්ම උනන්දුවක් දැක්වූ රටවල් මොනවාදැයි සොයා ගන්නා…

Read More

මූල්‍ය සහ පරිපාලන විෂමාචාරයන් ඉක්මනින් සහ රහසිගතව වාර්තා කිරීමට පුද්ගලයන්ට ඉඩ සලසන නව යෙදුමක් අබුඩාබි විසින් දියත් කො​ට තිබෙනවා. අබුඩාබිහි වගවීමේ අධිකාරිය (ADAA) විසින් වැඩි දියුණු කරන ලද ස්මාර්ට් යෙදුම, ආයතනයේ විෂමාචාර වාර්තාකරණ වේදිකාව වන Wajib සමඟ සම්බන්ධ වනවා පමණක් නොව, විමර්ශන සහ වැළැක්වීමේ පියවරයන් දිරිමත් කිරීමට පුද්ගලයන්ට ඉඩ සලසන විශේෂාංග ද ඇතුළත් වෙනවා. එ​ය අබුඩාබි හි පොදු සම්පත් සංරක්ෂණය කිරීමේදී හවුල් වගකීමේ හැඟීම දිරිමත් කිරීම සහ දැනුවත් කිරීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇති බව ADAA පවසයි. ADAA විසින් ඉහළම ගෝලීය තත්ත්වයන් සහ තොරතුරු ආරක්ෂණ ප්‍රමිතීන් මත පදනම්ව සිය ඩිජිටල් වේදිකා සංවර්ධනය කො​ට ඇත, නවතම කෘතිම බුද්ධි තාක්ෂණයන්…

Read More