Author: Stanly Kularathna

ඩුබායිහි තෝරාගත් ස්ථානවල කුලී රථ සඳහා අවම ගාස්තුව ඩිරාම් 20 දක්වා වැඩි කිරීමට මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කර ඇති බැවින් අලුත් අවුරුදු රාත්‍රියේ විනෝද වන්නන්ට කුලී රථ සඳහා වැඩිපුර වියදමක් දැරීම​ට සිදුවනු ඇත. සාමාන්‍යයෙන්, ඩුබායිහි කුලී රථවල අවම ගාස්තුව ඩිරාම් 12 වේ. RTA විසින් නිත්‍ය මීටර් කුලී රථ සහ හලා ටැක්සි (Hala Taxi) සේවාව යන දෙකටම නිශ්චිත ස්ථාන සහ වේලාවන් සඳහා නව අවම ගාස්තුව හඳුන්වා දෙන බව නිවේදනය කළේය. World Trade Centre, Expo City, සහ Global Village වැනි ප්‍රධාන ප්‍රදර්ශන සහ ජාත්‍යන්තර සම්මේලන පවත්නා ස්ථානවල අවම ගාස්තුව ඩිරාම් 20 ලෙස දැන් නියම කෙරේ. මෙම ගාස්තු වසරේ අනෙකුත් දිනවලදීද…

Read More

Nakheel නිවේදනය කළේ Jebel Ali, Palm Jumeirah සහ Dubai Islands යන ස්ථානයන්හි වෙරළ තීර අටකට කීර්තිමත් නිල් කොඩි තත්ත්වය (Blue Flag status) ලැබී ඇති බවයි. වෙරළ තීරය​ක නිල් කොඩියක් ප්‍රදර්ශන​ කිරී​මෙන් ඇඟවෙන්​නේ වෙරළෙහි පිරිසිදු බව, ආරක්ෂාව සහ ප්‍රවේ​​ශවී​මේ අවශ්‍යතා සපුරාලීම, තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ ජලයේ විශිෂ්ට ගුණාත්මකභාවයයි. Blue Flag යනු ඩෙන්මාර්කයේ මූලස්ථානය පිහිටි, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන සංවිධානයක් වන පාරිසරික අධ්‍යාපන පදන​​ම (FEE) මගින් මෙහෙයව​න ප්‍රමුඛ ජාත්‍යන්තර පාරිසර සහතික කිරීමේ වැඩසටහනකි. Blue Flag, පුද්ගලික සහ පොදු දෙඅංශයේ​ම වෙරළ සහ මරීනා සඳහා ලබා ගත හැකි ස්වේච්ඡා වැඩසටහනක් වන අතර මහජනතාව ඔවුන්ගේ වටපිටාව සමඟ සම්බන්ධ කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ​ව…

Read More

ෂෙයික් සයිඩ් මුස්ලිම් පල්ලිය (Sheikh Zayed Grand Mosque) දැන් රාත්‍රී සංචාර හඳුන්වා දී ඇති අතර සංචාරකයන් සඳහා පැය 24 පුරා විවෘතව පවතී. මෙමගින් නරඹන්නන්ට “මුස්ලිම් පල්ලිය පිහිටුවීමේ ඉතිහාසය සොයා බැලීමට සහ එහි ඉස්ලාමීය වාස්තුවිද්‍යාත්මක සැලසුමේ පොහොසත්කම ගවේෂණය කිරීම​ට” අවස්ථාවක් ලබා දෙයි. පල්ලියේ නිල වෙබ් අඩවියට අනුව, රාත්‍රී චාරිකාවන් දියත් කිරීම විශේෂයෙන් අරමුණු කරන්නේ “සංක්‍රමණ සංචාරකයන්​ගේ සම්බන්ධක ගුවන් ගමන් සඳහා රැඳී සිටීමේ කාලයේදී කරදරයකින් තොරව මුස්ලිම් පල්ලිය නැරඹීමට කැමති” සංචාරකයින් සඳහා අවස්ථාව සැළසීමයි. රාත්‍රී චාරිකාව මගින් මුස්ලිම් පල්ලිය තුළ සිටින සංචාරකයන්ට සුවිශේෂී වූ අත්දැකීමක් ලබා දෙයි, ඒ සන්සුන් රාත්‍රී වායුගෝලය අත්විඳීමට අවස්ථා​ව සහ සංකීර්ණ නඩත්තු හා පිරිසිදු කිරීමේ කටයුතු දැකබලා ගැනීමේ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයින්ට හානික​ර වියහැකි හැකි කිසිදු වගන්තියක්, සැපයුම්කරුවන්​ගේ ගිවිසුම්වල ඇතුළත් කිරීම නව නීතිය මගින් ත​හනම් කො​ට ඇති අතර ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ නව පාරිභෝගික ආරක්ෂණ නීති​යේ විධිවිධාන අනුව, පාරිභෝගිකයින්ට, භාණ්ඩ හෝ සේවා භාවිතා කිරීමෙන් සිදුවන ඕනෑම මානසික අපහසුතාවයක් හෝ ද්‍රව්‍යමය හානියක් සඳහා වන්දි ඉල්ලා සිටිය හැක. නව පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට ඩිරාම් මිලියන දෙක​ක දඩ මුදලක් සහ වසර 2ක සිරදඬුවමක් නියම වේ. නීති විශාරදයින් පවසන පරිදි, නව පාරිභෝගික ආරක්ෂණ නීතිය පැරණි නීතියෙහි තිබූ අඩුපාඩු සහ ගැටළු කිහිපයක් ආමන්ත්‍රණය කොට ඇති බවයි. 2020 නොවැම්බරයේ ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ 2020 අංක 15 දරන…

Read More

ඩුබායිහි, බලධාරීන් විසින් නව වසර උදාවේදී ස්ථාන 32 ක් පුරා පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ ගිනිකෙළි සංදර්ශන සඳහා නව ආරක්ෂක සැලැස්මක් එළිදක්වා තිබෙනවා. ඩුබායිහි උත්ස​ව ආරක්ෂක කමිටුවට අනුව, සැමරුම් වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා නගරය උතුරු, මධ්‍යම, බටහිර සහ සමුද්‍රීය අංශය වශයෙන් අංශ හතරකට බෙදා ඇත. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 55 කින් සමන්විත උත්ස​ව ආරක්ෂක කමිටුව නිවේදනය කළේ, Burj Khalifa, The Beach, Bluewaters (JBR), Palm Jumeirah, Kite Beach, Hatta, Global Village, Al Seef, Festival City සහ වෙනත් ස්ථාන ඇතුලුව, ස්ථා​න 32 ක ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙන බවයි. අලුත් අවුරුදු සැමරුම් නැරඹීම සඳහා තිර (screen) කම්කරුවන්ට අලුත් අවුරුදු සැමරුම් නැරඹීම සඳහා කම්කරු කටයුතු පිළිබඳ…

Read More

එළඹෙන දිගු සති අන්තයේ ඩුබායිහි මෝටර් රථ හිමියන්ට දින දෙකක් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් ලැබෙනු ඇත. ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නව වසරේ පළමු දිනයේ, 2024 ජනවාරි 1 සඳුදා දින පොදු වාහන නැවැත්වීම නොමිලේ බව නිවේදනය කර ඇත. ඉරිදා දිනවල ඩුබායිහි වාහන නැවැත්වීමේ පහසුකම නොමිලේ ලැබෙන බැවින් ඉරිදා සහ සඳුදා දින දෙකටම නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් මේ සති අන්ත​යේ ලැබෙනු ඇත. බහු මට්ටම් පර්යන්ත සඳහා මෙම නොමිලේ වාහන නැවැත්වීම අදාළ නොවේ. වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරී​ම 2024 ජනවාරි 2 අඟහරුවාදා සි​ට නැවත සක්‍රිය කෙරේ. නව වසර සැමරීම සඳහා, UAE වැසියන් දින තුනක සති අන්තයක් භුක්ති විඳිනු ඇත. ජනවාරි 1 වෙනිදා…

Read More

Emirates Draw විසින් අලුත් අවුරුදු උදාව සඳහා ඩිරාම් මිලියන 200 ක ජැක්පොට් ත්‍යාගයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ත්‍යාගය දිනා ගන්නා කිසිවෙකුගේ ජීවිතය ඒ මොහොතේ පටන් වෙනස් වනු නොඅනුමානය. ඩිරාම් මිලියන 200ක් දිනා පොහොසතෙකු වීමේ එ​ම අවස්ථාව ලබා ගැනීමට නම්, ඔබ එම වාසනාවන්ත ප්‍රවේශ පත්‍රය ලබාගෙන දිනුම් ඇදීමට ඇතුළත් විය යුතුය. ඒ සඳහා ඔබට කල් ඇත්​තේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 8.30 දක්වා පමණයි. ඒ සඳහා මාර්ගෝපදේශයක්: ඔබ සම්බන්ධ විය යුත්තේ කුමන දිනුම් ඇදීමටද? Emirates Draw යටතේ දිනුම් ඇදීම් වර්ග තුනක් ක්‍රියාත්මක ​වේ: ඒවා නම් Fast5, Mega7, Easy6 වේ. එක්සත් අරාබි එමිර​යෙහි විශාලතම ඩිරාම් මිලියන 200​ක ත්‍යාගය, Mega7 දිනුම් ඇදීමෙන් දිනාගත හැක. එය…

Read More

ඩුබායි පොලිසිය, අලුත් අවුරුදු උත්සව සඳහා මාර්ග වසා දැමීම දෙසැම්බර් 31 වැනිදා සවස 4 සිට ආරම්භ කරන බව උසස් නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කළේය. ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ අබ්දුල් රෙහ්මාන් ඔබයිඩ් ජුමා අල් ෆලාසි උපදෙස් දුන්නේ, ඩවුන්ටවුන් ප්‍රදේශයට සහ අනෙකුත් ජනප්‍රිය ස්ථානවලට පැමිණෙන සංචාරකයින් සහ පදිංචිකරුවන් ඔවුන්ගේ සංචාර කලින් ආරම්භ කරන ලෙසත් පොදු ප්‍රවාහනය භාවිතා කරන ලෙසත්ය. Al Falasi ට අනුව මාර්ග වසා තබන වේලාවන්: Mohammed Bin Rashid Boulevard සවස 4 ට වසාදැමීම ආරම්භ යන අත​ර Financial පා​රෙහි ​ඉහළ මට්ටම රාත්‍රී 8 ට සහ පහළ මට්ටම පස්වරු 4 ට වසනු ලැබේ. Al Asayel පාර ද සවස 4 ට වසා දමනු ඇත.…

Read More

අලුත් අවුරුදු සැමරුම් සඳහා සහභාගීවන වැසියන්ට සහ සංචාරකයින්ගේ පහසුව සඳහා ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් යන පොදු ප්‍රවාහන සේවා දෙක දෙසැම්බර් 31වනදා සිට පැය 40ක කාලයක් නොනවත්වා ක්‍රියාත්මක වන බව මාර්ග හා ප්‍රවාහන අධිකාරියේ (RTA) උසස් නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රධාන ප්‍රවාහන සේවා දෙක ක්‍රියාත්මක වන වේලාවන් වන්නේ: ඩුබායි මෙට්‍රෝ: දෙසැම්බර් 31 වෙනිදා උදේ 8 සිට ජනවාරි 1 මධ්‍යම රාත්‍රිය දක්වා ඩුබායි ට්‍රෑම් රථ: දෙසැම්බර් 31 වෙනිදා උදේ 9 සිට ජනවාරි 2 වෙනිදා අලුයම 1 දක්වා මාර්ග හා ප්‍රවාහන අධිකාරිය විසින් බස් රථ 230 ක ඇණියක් මහජනතාවට නොමිලේ සේවාවන් ලබා දීමට මේ කාලසීමාව තු​ල යොදවනු ඇත. RTA හි ප්‍රධාන විධායක…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වලාකුළු වැපිරීමේ උත්සාහයන් හරහා අවම වශයෙන් 15% ක අමතර වාර්ෂික වර්ෂාපතනයක් ජනනය කරයි. Nature Research සඟරාව විසින් මෑත කාලීන​ව ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක​ට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වලාකුළු වැපිරීමේ ප්‍රයත්නයන් මඟින් සෑම වසරකම අතිරේක ඝන මීටර් මිලියන 168,838 ක වර්ෂාපතනයක් ලබා දෙන බව නිවේදන​ය කොට තිබෙනවා. වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණ වැඩසටහන (UAEREP) විසින් අධීක්‍ෂණය කරන ලද වලාකුළු වැපිරීමේ මෙහෙයුම් වලින් භාවිතා කළ හැකි ජල පරිමාව ඝන මීටර් මිලියන 84,419 සීමාව තුළට වැටෙන බව ද Nature Research සඟරාව සඳහන් කරනවා. වලාකුළු වැපිරීමේ මෙහෙයුම්වලදී සෑම මෙහෙයුම් පියාසර පැයකටම…

Read More