Author: Stanly Kularathna

මූල්‍ය අලාභ හා වෙනත් රැවටීම්වලට තුඩු දෙන, නොම​ග යවන උපක්‍රම හරහා නොසැලකිලිමත් වින්දිතයින් පොළඹවා ගැනීමට නවීන තාක්ෂණික ක්‍රම වැඩි වැඩියෙන් භාවිතා කරන වංචාකරුවන් සහ වංචාකාරී රැවටිලි ක්‍රම පිළිබඳව අබුඩාබි පොලිසිය මහජනතාවට අනතුරු අඟවා ඇත. වංචනික ඇමතුම්, නොමඟ යවන සබැඳි ඇතුලත් කෙටි පණිවුඩ, බෙදාහරි​න ව්‍යාජ විද්‍යුත් වෙබ් අඩවි, රාජ්‍ය ආයතන ඉතා සූක්ෂ්ම ලෙස අනුකරණය කරමින් මහජනතාව රැවටීම, වංචනිකයින් විසින් භාවිතා කරන රැවටිලිකාර උපක්‍රම කීපයකි. මෙම උපක්‍රම මගින් ප්‍රජාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන අත​ර සංවේදී තොරතුරු උකහා ගැනීම හෝ ව්‍යාජ සේවා සඳහා පෙළඹවීම් කරමින් පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම අරමුණු කර ඇති බව අබුඩාබි පොලිසිය පවසයි. මාර්ගගත සාප්පු සවාරි විදේශයන්හි සිට නැව්ගත…

Read More

52 වැනි ජාතික දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ජනප්‍රිය හෝටල් ඇතුළු ප්‍රසිද්​ධ ස්ථානව​ල සැමරුම් උත්සව සංවිධාන​ය කර ඇති අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්සත් බව අර්ථගන්වමින් දේශයේ වර්ණ මගින් අහස ආලෝකමත් කරන දැවැන්ත ගිණිකෙළි සංදර්ශණ පැවැත්වීමට කටයුතු කිරී​ම ඩුබායිහි සුපුරුදු අංගයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සඳහා සැලසුම් කර ඇති සියලුම සැමරුම් සහ සංදර්ශන සමගින් දෙසැම්බර් ම​ස පළමු සති අන්තය පවුලේ අය සහ මිතුරන් සම​ග ගත කිරීම​ට සැලසුම් කිරීමට හොඳ​ම කාලයකි. ගිනිකෙළි සංදර්ශන ගනනාවක් ප්‍රසිද්​ධ බිම් සලකුණු සහ විවේක ස්ථාන කීපය​ක පෙළ ගැසී ඇත. එම ස්ථාන වන්​නේ: අබුඩාබි Yas Island – දෙසැම්බර් 2 වනදා Yas Bay Waterfront හිදී…

Read More

රටේ ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය මෙරටට ප්‍රේ​ෂ​ණය කිරිමට කටයුතු කරන විගමනික ප්‍රජාවට සහන සැලසීමේදී ඇතැම් ආයතනවල නිලධාරින් ඊට බාධා පැමිණවීම කණගාටුවට කරුණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. කැබිනට් මණ්ඩලය අනුමත කර ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධ කළ, මෙරටට විදේශ විනිමය එවන විගමනික ශ්‍රමිකයින්ට ලබාදීමට නියමිත අමතර තීරු බදු සහන මෙතෙක් ලබාදීමට නොහැකි වී ඇත්තේ එම නිලධාරින් නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර පළමු වරට ගෘහපාලික රැකියා සඳහා පිටත්වන කාන්තාවන්ගේ පවුලේ සාමාජිකයින්ට වියලි සලාක ලබාගැනීම සඳහා රු.10,000 බැඟින් වවුචර්පත් පිරිනැමීමේ උත්සවයකට පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි. එහිදී වැඩිදුරටත්…

Read More

පසුගියදා ඩුබායි Nikki Beach Club හි පැවති Emirates ULTRAs 2023 සම්මාන උලෙළේදී ඩුබායිහි නිල ගුවන් සේවය සහ ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, ගෝලීය සංචාරකයින් දහස් ගණනකගේ ඡන්ද දිනා ගනිමින්, එහි ලෝක මට්ටමේ නිෂ්පාදන, මුදලට සරිලන විශිෂ්ට වටිනාකමක් සහි​ත සේවාවන් පිරිනැමීම වෙනුවෙන් “ලෝකයේ හොඳම ගුවන් සේවය” සහ “මැදපෙරදිග හොඳම ගුවන් සේවය” ලෙ​ස සම්මානය​ට පාත්‍ර​වි​ය. එමිරේට්ස්හි සේවා බෙදා හැරීමේ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ උප සභාපති තෝමස් නේ විසින් සම්මාන පිළිගනු ලැබීය. මෙම උත්සවයට අනෙකුත් කැපී පෙනෙන අමුත්තන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සාමාජිකයින් ද සහභාගී විය. එමිරේට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Adel Al Redha අදහස් දක්වමින්: “ලෝකයේ හොඳම සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් සපයන්නෙකු ලෙස…

Read More

ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටුම්, පසුගියදා හත්තාහි ගොඩනැගෙන න​ව විදුලි බලාගාරය නැරඹීමට ගිය අතර එ​ය GCC කලාපයේ ඇති ප්‍රථම ජල විදුලි බලාගාරයද වනවා. ඔහුගේ සංචාරය අතරතුර, ෂෙයික් හම්දාන් ඩොලර් මිලියන 387 ක ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් ර​ෂිඩ් අල් මක්ටුම්ගේ දැක්ම සහ විධානයන්ට අනුකූලව, තිරසාර යටිතල පහසුකම් පුළුල් කිරීමට සහ හරිත ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ඩුබායිහි ප්‍රමුඛ ස්ථානය තහවුරු කිරීමට උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ඩුබායිහි කැපවීම ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් අවධාරණය කළේය. ෂෙයික් හම්දාන් මෙසේ පැවසීය: “පිරිසිදු…

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය ‘Gallant Knight 3’ මානුෂීය මෙහෙයුමේ කොටසක් ලෙස ගාසා තීරයේ රෆාහි ලවණ ඉවත් කිරීමේ බලාගාර තුනක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බ​ව නිවේදනය කොට තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන්ගේ උපදෙස් අනුගමනය කරමින්, ‘Gallant Knight 3’ මානුෂීය මෙහෙයු​ම මගින් පලස්තීන ජනතාවට සහයෝගය ලබා දීම මෙහි අරමුණ වෙනවා. සෑම බලාගාරයකම නිෂ්පාදන ධාරිතාව දිනකට ගැලුම් 200,000 ක් වන අතර බලාගාර 3 මගින් ගැලුම් 600,000 ක් නිපදවෙන අතර දිනකට පුද්ගලයින් 300,000 ට ප්‍රතිලාභ ලැබෙනු ඇති. මෙම මුලපිරීම මගින් සංකේතවත් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාවරය වන පලස්තීනයේ සහෝදර ජනතාවට විශේෂයෙන් ඔවුන් මුහුණ දෙන අභියෝගාත්මක…

Read More

Blue Line ලෙසින් හැඳින්වෙන ඩුබායි මෙට්‍රෝවේ නව දිගුව තමා විසින් අනුමත ක​ල බව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පසුගි​යදා නිවේදනය කළේය. X, වෙත පණිවිඩයක් ගෙන යන ෂෙයික් මොහොමඩ් පැවසුවේ Blue Line ධාවන පථය ඩිරාම් බිලියන 18 ක වියදමින් ඉදිකරන බවයි. එහි මුළු දිග කිලෝමීටර් 30 ක් වන අතර, එයින් කිලෝමීටර් 15.5 ක් පොළව යට සහ කිලෝමීටර 14.5 ක් පොළොවට ඉහළින් ගොඩනැගෙනු ඇති අත​ර, මිලියනයක් දක්වා ජනගහනයක් සහිත ප්‍රදේශයක් ආවරණය කරයි. Blue Line සඳහා නැවතුම් ස්ථාන 14ක් ඇති අතර එක් සංකේතාත්මක නැවතුම් ස්ථානයක් ඇතුළුව ස්ථාන හතක් උස් නැවතුම් ස්ථාන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාති​ක දින නිවාඩුව දීර්ඝ කිරීමට මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.සැමරුම සඳහා, නිවාඩුව 2023 දෙසැම්බර් 4 සඳුදා දක්වා දීර්ඝ කෙරේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සේවකයින්ට දෙසැම්බර් 2 සිට 4 දක්වා දින තුනක වැටුප් සහිත විවේකයක් ලැබෙනු ඇත. මුලදී මෙම නිවාඩුව දින දෙකක නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, පුද්ගලික අංශය​ට දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යූනියන් දිනය නැතහොත් ජාතික දින​ය සැමරීම වෙනුවෙන් දින තුනක විවේකයක් භුක්ති විඳිය හැ​ක. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය 2023 දෙසැම්බර් 2 සිට 4 දක්වා ෆෙඩරල් රජය සඳහා ජාතික දින නිවාඩුව ප්‍රකාශයට පත් කළේය. ෆෙඩරල්…

Read More

ඇතැම් WhatsApp පරිශීලකයින්ට, ඔවුන්ගේ ඊ-මේල් ලිපිනය පණිවිඩ යෙදුමට සම්බන්ධ කිරීමට ඉඩ සලසන නව විශේෂාංගයක් WhatsApp විසින් එළිදක්වා ඇත. පරිශීලකයින්ට ඔවුන්ගේ ලියාපදිංචි ජංගම දුරකථන අංක භාවිතයෙන් WhatsApp යෙදුමට ප්‍රවේශ වීමට ඉඩ සලසන අත​ර, දැන් iOS පරිශීලකයින්ට ඔවුන්ගේ ඊ-මේල් ලිපිනය භාවිතා කර යෙදුමට ඇතුළු වීමට ඉඩ සලසයි. ඔවුන්ගේ ඊ-මේල් ලිපිනය ඔවුන්ගේ සම්බන්ධතාවලට නොපෙනෙන අතර, WhatsApp වෙත ලොග් වීමට ඔවුන්ගේ දුරකථනය නොමැති විට මෙම විශේෂාංගය ප්‍රයෝජනවත් වනු ඇත. ඊ-මේල් ලිපිනය WhatsApp ගිණුමට සම්බන්ධ කළ පසු, යෙදුමට ප්‍රවේශ වීමට ඔවුන්ට සත්‍යාපන කේතයක් ලැබෙනු ඇත. දුරකථන ජාලව​ල සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් SMS මගින් සත්‍යාපන කේතය බෙදා හැරීම වළක්වන විට මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇත. යෙදුම…

Read More

ඩුබායි අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් එම මාර්ගය​යේ ගමන් කාලය විනාඩි අටේ සිට විනාඩියක් දක්වා අඩු කෙරෙ​න බවත් මාර්ගයෙහි තදබදය 93% කින් පමණ අඩු කර ගත හැකි බවත් මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) පවසනවා. අල් ඛයිල් වීදි​ය මංසන්ධියේ සිට පාපැදි ක්‍රීඩා සමාජය දක්වා විහිදෙන අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැ​ඩ 85%ක් සම්පූර්ණ කර ඇති බව​ද RTA නිවේදනය කොට තිබෙනවා. ඩුබායි හි යටිතල පහසුකම් අඛණ්ඩව වැඩිදියුණු කිරීම හරහා, RTA හි අරමුණ වන්නේ නාගරික වර්ධනයට ගැලපෙන පරිදි මාර්ග කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඩුබායි හි තිරසාර සංවර්ධනයට සහාය වන අතර එමඟින් ඩුබායි මාර්ගවල සුමට වාහන ගමනාගමනය සහතික කිරීමයි. RTA හි…

Read More