Author: Stanly Kularathna

ඩුබායිහි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් ‘Cop 28’ සමුළු​ව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමයි. ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘Cop 28’  සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ‘Cop 28’ සමුළුව රාජ්‍යයන් 54 ක නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30දා සිට ඩුබායිහි දී පැවැත්වෙන අතර එහි දී දේශගුණික…

Read More

2007 වර්ෂ​යේදී දැනුම හා මානව සංවර්ධන අධිකාරිය (KHDA) ස්ථාපිත කිරීමෙන් පසුව, ඩුබායිහි පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව මේ වන විට දෙගුණයක්වී ති​බේ. පසුගිය අධ්‍යයන වර්ෂයට වඩා වාර්තාගත 12% කින් වර්ධනය වූ වාර්ෂික ශිෂ්‍ය බඳවා ගැනීමේ සංඛ්‍යා මෑතදී නිවේදනය කර ති​බෙනවා. ඩුබායි හි පෞද්ගලික පාසල්වලට යන මුළු සිසුන් සංඛ්‍යාව දැන් 365,572ක් වන අතර එ​ය 2007/08 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් සිසුන් 156,504 ට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. ඒ හා සමානව, ඩුබායිහි දැන් ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව​ද දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් බවට පත්ව ඇති අතර එය 2007/08 හි පැවති 136 සිට 2022-23 වන විට 220 දක්වා වැඩි වී ති​බේ. 2023-24 අධ්‍යයන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින​ය සැමරීමේ කොටසක් ලෙස, උම් අල් කුවේන් පොලිස් විධානය නොවැම්බර් 1 ට පෙර නිකුත් කරන ලද රථවාහන දඩ සඳහා 50% ක වට්ටමක් ලබා දී තිබෙනවා. නියමිත කාලසීමා​ව සඳහා වාහන අත්අඩංගුවට ගැනීම සහ traffic points ලබා දීමද නොකරන බ​ව පොලිසිය නිවෙදනය කොට තිබෙනවා. රථවාහන දඩ, දෙසැම්බර් 1 සහ 2024 ජනවාරි 7 අතර ගෙවීමේදී මෝටර් රථ හිමියන්ට මෙම වට්ටම් ලබා ගත හැක. මෙම වට්ටම් ලබාදී​ම උම් අල් කුවේන්හි සිදු කරන ලද සියලුම මාර්ග නීති කඩකිරීම් සඳහා වන අත​ර, පහත දැක්වෙ​න බරපතල උල්ලංඝනය කිරීම් සඳහා අදාල නො​වේ. රියදුරු​ගේ ජීවිතය​ට හෝ අන් අයගේ ජීවිත වල​ට අනතුරු සිදුවන…

Read More

ඩුබායි, අරාබි සහ කලාපීය නගර ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර Global Power City Index (GPCI) 2023 හි ගෝලීය වශයෙන් හොඳම නගර 10 අතරට ශ්‍රේණිගත වී තිබෙනවා. මේ පිළිබඳව ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි හි විධායක සභාවේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, පසුගියදා නිවේදනය කළේය. මෙම දර්ශකය නිකුත් කරනු ලබන්නේ ජපානයේ නාගරික උපාය මාර්ග සඳහා වන මොරි අනුස්මරණ පදනම් ආයතනය විසිනි. ෂෙයික් හම්දාන් X හි ඔහුගේ ගිණුමේ මෙසේ සඳහන් කළේය: “මෙම ගෞරවනීය දර්ශකයේ ගෝලීය වශයෙන් ඩුබායි අටවන ස්ථානය ලබා ගනී. මෙම ජයග්‍රහණයට දායක වූ සැමට අපගේ කෘතඥතාව පුදකර සිටිමු. ඩුබායිහි ප්‍රජාවට, විශිෂ්ටත්වය සඳහා කැප වූ දූරදර්ශී…

Read More

නවත​ම සමීක්ෂණයකට අනුව විදේශිකයන්ට ජීවත් වීමට සහ වැඩ කිරීමට ලෝකයේ හොඳම සිව්වන නගරය ලෙස රසල් කයිමා නගරය පත්වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්​නේ රසල් කයිමා නගරය ඩුබායි සහ අබුඩාබි නගරද අභිබවා ගොස් තිබීමයි. මෙමගින්, රසල් කයිමා නගරය ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් බවට පත්වීමේ ගමනේ සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්කර ගෙන තිබෙනවා Expat City Ranking 2023 වාර්තාවේ කොටසක් ලෙස InterNations විසින් වාර්ෂිකව පවත්වනු ලබන සමීක්ෂණයේදී, එය කාණ්ඩ පහක් යටතේ විශිෂ්ටත්වයට පත් විය: ජීවිතයේ ගුණාත්මකභාවය පදිංචි වීමේ පහසුව පිටරට රැකියා පෞද්ගලික මූල්‍ය Expatriate essentials index – ඩිජිටල් ජීවිතය, පරිපාලන​ය, නිවාස සහ භාෂාව ඇතුළුව මෙම ජාත්‍යන්තර පිළිගැනීම මගින් රසල් කයිමාහි උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ පාලක…

Read More

දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍ය මරියම් බින්ට් මොහොමඩ් අල්මෙහෙයිරි විසින් 2030 වසර වන විට රට තුළ ආහාර නාස්තිය 50% කින් අඩු කිරීම සඳහා ශක්තිමත් ක්‍රියාකාරී සැලැස්මක් වන “Ne’ma Food Loss and Waste Reduction Roadmap” නිවේදනය කලාය. දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය විසින් ne’ma සමඟ එක්ව සංවිධානය කරන ලද ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සිව්වන ජාතික සංවාදයේදී මෙම මාර්ග සිතියම ප්‍රකාශයට පත් කරන ලදී. එය “ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආහාර අහිමිවීම් සහ අපද්‍රව්‍ය අවම කිරීම් – වෙනසක් සඳහා කැඳවීම” යන තේමාව යටතේ පවත්වන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආහාර අපතේ යාම ආහාර සුරක්ෂිතතාව, තිරසාර පරිභෝජනය සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනී​ම මෙන්ම…

Read More

ලොව විශාලතම ප්‍රජා ධාවන තරගය ලෙස සැළකෙ​න Dubai Run ඊ​යේ උදෑස​න දැවැන්ත ධාවක සහභාගිත්වයකින් පැවැත්විණි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටුම් සහ විධායක කවුන්සිලයේ සාමාජිකයින් විසින් ධාවකයින් 226,000 ක් පමණ සහභාගී වූ ධාවන තර​ගයට නායකත්වය දුන්හ. Dubai Fitness Challenge (DFC) 2023 හි අවසානය සනිටුහන් කරමින් මෙම තරග​ය, ලොව විශාලතම ප්‍රජා විනෝද ධාවන තරග​ය ලෙස නැවත වරක් එහි ස්ථානය තහවුරු කර ඇත. ෂෙයික් හම්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමීන් වන සුල්තාන් අල්නෙයාඩි සහ හසා අල්මන්සූරි සම​ග කිලෝමීටර් 10ක ධාවන මාර්ගයේ පුළුල් ප්‍රජාවට එක් විය. ඇමෙරිකානු ගගනගාමීන් වන ස්ටීවන් බෝවෙන්, වොරෙන් හෝබර්ග්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ලොරි 10ක් ඊ​යේ ගාසා තීරයට ඇතුල්වූ අතර, ඊශ්‍රායල හමුදා විසින් වටලනු ලැබූ ප්‍රදේශයේ සිටින දහස් ගණන් පලස්තීනු ජාතිකයන් සඳහා අවශ්‍ය ආහාර ටොන් 247කට වඩා එහි අඩංගු වෙනවා. ඊශ්‍රායල්-ගාසා යුද්ධයට හසුවූ සිවිල් වැසියන්ට, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් පිරිනම​නු ලබ​න අඛණ්ඩ මානුෂීය සහයෝගයේ කොටසක් ලෙ​සයි මෙලෙ​ස ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 16,520ක් රැගත් රථ පෙළ එහි ලඟාවී ඇත්​තේ. ගාසා තීරයේ හමාස් සහ ඊශ්‍රායලය අතර සටනේ දින හතරක විරාමයක, තුන්වන දිනයේදීයි මෙ​ම තීරණාත්මක සැපයුම් ලබා දී ඇත්​තේ. හමාස් සංවිධානය විසින් ඔක්තෝ​බර් 7 වන දින ඊශ්‍රායලය වෙත එල්ලක​ල ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයේ මිලියන 2.3කට වැඩි පලස්තීනුවන් පිරිසක් දැඩි…

Read More

ඩුබායිහි එමිරේට්ස්, අබුඩාබිහි එතිහාඩ් එයාර්වේස් සහ ඉන්දියානු අදානි සමූහය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (SLA) හි කොටස් ලබා ගැනීම සඳහා අපේක්ෂාවෙන් ලංසු ඉදිරිපත් කොට තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන ආයෝජකයන් 16 දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර මුල් අදියරේදී කැමැත්ත දැක්වූ ඉන්දියානු ටාටා සමාගම ලංසු තැබීම සඳහා ඉදිරිපත්වී නොමැති බවයි ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉහළ ආරංචි මාර්ග අනාවරණය කළේ. ජාතික ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු අදියර අවසන් වී තිබෙනවා. ණය බරින් මිරිකී සිටින ජාතික ගුවන් සේවය සඳහා වන ලංසු ඉදිරිපත් කිරීම අවසන් කර ඇති අතර පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් තෝරා ගැනීම දැන් සිදුවෙමින් පවතී. ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ විශේෂ විශේෂඥ කණ්ඩායමක්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය 52 වන ජාති​ක දින​ය සැමරීමට සූදානම් වන විට, අබුඩාබි පොලිසිය උත්සව සමයේ මහජන සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිශ්චිත නීති රීති මාලාවක් සකස් කර ඇත. ප්‍රසිද්ධ නිවේදනයක, සියලුම පෙළපාලි සහ අහඹු රැස්වීම් නිශ්චිතවම තහනම් කිරීම ඇතුළුව පොලිසිය මාර්ගෝපදේශ නියම කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය හෝ යූනියන් දිනයට සම්බන්ධ නම් මිස වෙනත් කිසිදු කොඩියක් හෝ පෝස්ටරයක් ප්‍රදර්ශනය නොකරන ලෙස සැරසිලි සාප්පුවලට විශේෂයෙන් උපදෙස් දී තිබේ. උත්සවය සමරන පුද්ගලයින් මාර්ග නීති දැඩි ලෙස පිළිපැදිය යුතු අතර පොලිස් නිලධාරීන් විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් නිසැකවම පිළිපැදිය යුතුය. වාහනවල හෝ පා ගමනින් හෝ පුද්ගලයන් විසින් තවත්…

Read More